අසාධාරණය හැම තැනම, ඒ ගැන කියවෙන කියමන් 10ක් මෙන්න

ඉස්සර බලපු ෆිල්ම් එකක විජය කුමාරණතුංග කියන එක පාඨයක් තිබුනා මෙන්න මෙහෙම. “අයුක්තිය අසාධාරණය රජකරන කාලයේ, යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින මිනිහෙක් මම” කියලා. චිත්‍රපටිය මොකක්ද කියල මතක නැති වුනත් මේ කොටස මතක හිටින්න එකම
හේතුව වෙන්න ඇත්තේ අපේ හිතේ අයුක්තිය ගැන තිබෙන අකමැත්තත් යුක්තිය ගැන තියෙන ප්‍රසාදයත් කියලා වෙලාවකට හිතෙනවා.

ඒ කොහොම වුනත් යුක්තිය සාධාරණය ගැන කොතරම් කතා කලත් අපිට දෙවරක් හිතන්නට වෙනවා අද වෙනකොට අපේ රටේ යුක්තිය සාධාරණයට නිසි තැනක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මෙහෙම කල්පනා කරන අපේ යාළුවො වෙනුවෙන් අපි අයුක්තිය, අසාධාරණය ගැන කියවෙන ටිකක් වෙනස් ආකාරයේ කියමන් ටිකක් ගෙනෙන්නට කල්පනා කළා.

1. විටෙක එය ෆීනික්ස් පක්ෂියා මෙනි. ප්‍රවේසම් වීම යහපති

අයුක්තිය නීතිය වූ කල, අවනීතිය අළු ගසා දමා අවදි වේ.

2. විරෝධය පෑ යුතුය

අයුක්තිය, අසාධාරණය නීතිය බවට පත්වූ කල, විරෝධය පෑම අපගේ යුතුකම වේ… – තෝමස් ජෙෆර්සන්

3. කැමූගේ කියමන අදටත් වලංගුය

එක්කෝ අයුක්තිය හා සන්ධානගත විය යුතුය, නැතිනම් යුක්තිය උදෙසා සටන් වැදිය යුතු – ඇල්බෙයි කැමූ

4. තුවාලය වේදනාකාරී වීමේ ප්‍රමාණය මත ක්‍රියාත්මක වීමේ පන්නරය ලැබේ

ඔබ අයුක්තිය අත්දැකිය යුත්තේ වේදනාබර අත්දැකීමක් හැටියටය. අත්දැකීමේ වේදනාව ඉහල යන විට ඊට එරෙහිව නැගී සිටීමට ධෛර්යය ඔබට නිරුත්සාහකව ලැබේ.

5. ඔව්! ප්‍රේමයට ඒ දිව්‍යමය ශක්තිය ස්වභාවයෙන් ම ඇත

සත්‍ය ප්‍රේමය රුදුරු අසාධාරණය ඉදිරියේ කිසිදා නිහඬ වන්නේ නැත.

6. අසාධාරණය දැනෙන්නේ තමන්ව එයට ලක්වූ කල්හි පමණද?

බොහෝ දෙනෙක් අසාධාරණය ගැන හිතන්න පෙළඹෙන්නේ ඔවුන්ව අසාධාරණයට ලක්වූ විටකදී පමණි – චාල්ස් බුකොවුස්කි

7. එය අවසානයක් ද වේ

අයුක්තිය යනු නිදහසේ අවසානයි.

8. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවන බව

යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය යනු අයුක්තියේ උපතයි.

9. අයුක්තිය රබර් බෝලයකි

අයුක්තියට පක්ෂව පවසනා ලද වචන ආපසු ගැනීමට කිසිවිටෙක හැකියාවක් නැත. අප ඒවා කොතරම් මහන්සියෙන් සොයා මකා දැමුවද අප නොසිතන මොහොතක උඩට ඉලිප්පෙන්නේ දිය යට රබර් බෝල රඳවන්නට බැරි බව පසක් කරවමිනි.

10. සදාකාලිකව පවතින්නකි එය

ඉතිහාසය නමැති ප්‍රවාහයේ සැමදා ගැඹුරු තැනක සැඟවී තිබෙන කිසිදා නොනැසී පවතින්නක් වේ නම් ඒ අයුක්තිය හැර අන් කිසිවක් නොවේ.

- aniwa.lk


gossip lanka