අපේ ජීවිතේට හැබෑ ආදරේද මුණගැහිලා ඉන්නේ කියලා දැනගන්න ක්‍රම 7ක් මෙන්න

දැන් ඔය Mr. Right නැත්තං Miss. Right කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ සිරාවටම සිරා ලව් එක නැත්නම් තමන් එක්ක ජීවිත කාලෙම එකට යන්න ගැලපෙනම ගැලපෙන ලව් එක කියන සීන් එකටනේ. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නේ තියෙන්නේ ඔය සිරාම සීන් එක කොහොමද අනික් සිරා සීන් වලින් වෙන් කරලා අඳුනගන්නේ කියන
එක තමයි. ඒ කියන්නේ අපි ලව් කරන්න ‍තෝරගන්නේ හරියටම අපිට හරියනම කෙනාද? මහ බඹා අපිට සින්නක්කරවම නළලේ කොටලා තියෙන්නේ මුන්දෑද කියලා අඳුනගන්නේ කොහොමද කියන එක සෑහෙන්න දෙනෙක්ට සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. ඉතින් අපි කියන්න යන්නේ ඒ කෙනාද ජීවිතේට මුණගැහිලා ඉන්නේ කියලා තේරුම් බේරුම් කරගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන. හැබැයි ඉතින් මේක කියෝලා ඉන්න එකා ඒකා නෙවෙයි කියලා අතෑරලා දාලා යන්න හදන්න එපා. හැබෑ ආදරේ මෙයාද කියලා හොයාගන්න සමහර වෙලාවට කාලයක් යනවා කියන එක අමතක කරන්න නරකයි!

1. අවුරුදු දහයකට පස්සෙත් මූණට හිනාවක් ගේන්නේ එයා!

මෙන්න මේක තමයි වැදගත්ම සහ අප්සට්ම කාරණාව. දැන් අපි කවුරුහරි එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තු ගමන් ඉතින් කෙලින්ම අකනිටා බ්‍රහ්ම ලෝක ආතල් එකේනේ ඉන්නේ. මූණ දැක්කත් සතු‍ටුයි, මැසේජ් එකක් දැක්කත් සතු‍ටුයි, නම ඇහුණත් සතු‍ටුයි. හැබැයි ඇත්තම කාරණාව වෙන්නේ මෙන්න මේ නම දැක්කත් සතු‍ටු හිතෙන ගතිය අවුරුදු දහයකට පස්සෙත් තියෙනවද කියන එක තමයි. අන්න ඒක එහෙමයි නං, ඔබට මුණගැහිලා ඉන්නේ ජීවිත කාලෙම එකට ඉන්න ඕන කෙනා කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කාලය හැමදෙයක්ම වෙනස් කරනවා. හැබැයි ඇත්ත ආදරේ කාලෙත් එක්ක වෙනස් වුනත් අඩු වෙලා යන්නෙ නෑ.

2. තාමත් ෆන්!

ආදරයක් පටන් ගත්තු ගමන් ඉතින් සුපිරි ෆන් එකක්නේ තියෙන්නේ. බැලූ බැලූ අත මල් ගස් වලත් එයාගේ නම පේන්නේ. කෙලින්ම හින්දි ‍ෆිල්ම් ලෙවල් එකට තමයි ඩේට් අවුට් එකක් වුනත් යන්නේ. හැබැයි උඩිනුත් කිව්වා වගේ කාලයත් එක්ක ඔය හැමදේම වියැකිලා යන්න පුලුවන්. ඒත් ආදරේ පටන් ගත්තු රෂ් එක ඉවර වුණු කාලෙට පස්සෙත් අර ෆන් ගතිය තාමත් තියෙනවා නං, ඒ කියන්නේ දෙන්නත් එක්ක එකට ඉන්න මොහොතක් ඇත්තටම හිත සතුටින් පුරවනවා නං, ඒ කියන්නේ එයා තමයි කෙනා.

3. ජීවිතේට හයියක්

සාමාන්‍යයෙන් ලව් කරන්න පටන් ගත්තට පස්සේ අනික් කෙනාගේ වෘත්තිය ජීවිතේ ඉස්සරහට යන්න ඕන කොහොමද වගේ කාරණා ඔලුවට එන්නේ නැති තරම්නේ. හැබැයි ඇත්තටම ජීවිත කාලේම අපිත් එක්ක යන්න ඉන්න කෙනෙක් ඒ වගේ දේවල් ගැන උනන්දු වෙනවා. අපේ වෘත්තිය ජීවිතය වැරදි පාරකද යන්නේ, තව දියුණු වෙන්න මොනවද කරන්න ඕන වගේ කාරණා ගැන ඒ අය උනන්දු වෙනවා වගේම, අපිට ඒ සම්බන්ධයෙන් උදවු වෙන්නත් උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ එකට යන්න ඉන්න කෙනෙක් නම් ඒ කෙනා අපිට ඇත්තටම යන්න පුලුවන් දුර, අපේ හැකියාවන් අඳුනාගන්නවා වගේම ඒවා දියුණු කරගන්න, ඒවා පාවිච්චි කරන්න ධෛර්‍යය දෙනවා.

4. පරණ ලව් කැලේ!

සාමාන්‍යයෙන් අපිට ඉස්සර තිබුණු සිරා ලව් එකක් හරි සිරා ක්‍රෂ් එකක් හරි එකපාර අමතක කරල දාන්න බෑනේ. කොහොම හරි ඒ අප්සට් එකෙන් එළියට ආවත් සැරෙන් සැරේ හරි අපිට පරණ ලව් මතක් වෙලා පොඩ්ඩක් මූඩ් ගහන වෙලාවල් තියෙනවා. හැබැයි අපිට තවදුරටත් පරණ ලව්, පරණ ක්‍රෂ් මතක් වෙන්නෙ නැති, මතක් වුණත් ඒ ගැන පොඩ්ඩක්වත් අප්සට් යන්නේ හරි මූඩ් ගහන්නේ හරි නැති තැනකට ඇවිත් තියෙනවා නං, එහෙම තැනකට ඇවිත් තියෙන්නේ අපි අලුත් ලව් එකක් හොයාගෙන ඒ ලව් එකත් එක්ක කාලයක් ගත වුනාටත් පස්සේ නං, අන්න ඒ කියන්නේ අපිට හරිම කෙනා මුණගැහිලා කියන එක තමා.

5. තාමත් පිස්සු කෙලින්න පුලුවන්

මෙන්න මේ කාරණේ සිද්ධ වෙන්නත් ලව් එකක් පරණ වෙන්න ඕන. අපි කියමු කසාදත් බැඳලා අවුරුදු දහයක් පහළොවකුත් ගතවෙලා කියලා. හැබැයි තාමත් දෙන්නට දෙන්නා ෆේස්බුක් මැසෙන්ජර් එකේ ලව් කතා කියාගන්නවා නං, අර එක එක ජාතියේ ෆනී මූණු එවාගන්නවා නං, දෙන්නට දෙන්නා ජෝක් කතා කියලා පැලෙන්න හිනා වෙනවා නං ඒ කියන්නේ ජීවිතේම එකට ඉන්න සෙට් වුණු නියම පිස්සු ඩයල් එක තමයි මෙයා කියන එක තමා. අපිට ටෲ ලව් එකත් එක්ක ඕනම පිස්සුවක් කෙලින්න පුලුවන් වෙන්න ඕන වයසට ගියාට පස්සෙත්. අන්න එතන තමයි ඇත්තටම ජීවිතේ ආතල් එක තියෙන්නේ.

6. අපිට අපි වෙන්න පුලුවන්

මෙන්න මේක බොහෝම වැදගත් කාරණයක්. දැන් හිතන්න අපි සාමාන්‍යයෙන් සමාජෙදී, ඒ කියන්නේ වැඩ කරන තැනදී වේවා යාලුවෝ එක්ක ඉන්නකොට වේවා නෑදෑ හිතමිත්‍රයෝ එක්ක වේවා ඇත්තටම පෙන්නන්නේ අපේ හැබෑ ප්‍රතිරූපෙද? ගොඩක් වෙලාවට නැහැ. ඒ කියන්නේ අපි රඟපානවා කියන එක නෙවෙයි. හැබැයි අපිට ඒ ඒ තැන්වලදී ඒ ඒ වෙස්මූණු දාගෙන ඉන්න සිද්ධ වෙන්න පුලුවන්. සමහර වෙලාවට ඇත්ත අපිව ලෝකේ තේරුම් ගන්නේ නැතිවෙන්න පුලුවන්. ඒත් අපිත් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න නම නියම වෙච්ච හැබෑ ආදරේ එක්ක ඉන්න වෙලාවට ඔය ප්‍රශ්නේ එන්නෙ නෑ. අපේ ඇත්ත චරිතේ කොයි තරම් පිස්සු වුනත්, කොයි තරම් බොළඳ වුනත්, කොයි තරම් සීරියස් වුනත් අපිට වෙස්මූණු නැතුව නිදහසේ, සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් අපේ සෝල් මේට් ඉන්න තැනදී. ඒ අය අපිව ජජ් කරන්නේ නැහැ වගේම තමයි, අපිට අපි වගේම ඉන්න ධෛර්‍යයත් ලබාදෙනවා කියන්න පුලුවන්.

7. ළඟ නැතිකොට හිතට දුකයි

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා බුදුහාමුදුරුවොත් කියලා තියෙනවනේ. හැබැයි අපිට ප්‍රියයෙක්ගෙන් තාවකාලිකව වෙන් වෙන්න සිද්ධ වුනා කියලා අපි සතියක් විරෝපට්ටන් ගහගෙන ඉන්නෙ නෑනේ. ඒ අප්සට් එක එහෙමම හරියනවා. සමහර වෙලාවට සතිය පැන්නට පස්සේ ප්‍රියයාව මතක් වෙන්නෙත් නැති තරම්. හැබැයි අපිට කෙනෙක් එක්ක අවුරුදු දහයක විතර සම්බන්ධයක් තිබුණට පස්සෙත් ළඟ නැති වෙලාවට ඒ අඩුව දැනෙනවා නං, හවසට ගෙදර එන ඩිංගට වුනත් “ඕයි අයි මිස් යූ” කියලා මැසේජ් එකක් යවන්න හිතෙනවා නං, එයා තමයි කෙනා කියලා බය නැතුව කියන්න පුලුවන්.

- aniwa.lk


gossip lanka