අනුන් නිසා ලේසියෙන්ම හිත රිද්දවාගන්නා ඔබට හිත ශක්තිමත් කරගන්න උදවුවන කියමන් 10ක්

සමහර වෙලාවල් වලට අපිට තියෙන ප්‍රශ්න අපේ වැරදි හින්දම ඇතිවෙන ඒවා නෙවෙයි. සමහර ඒවා අපේ ජීවිතේට පිටින් සම්බන්ධ වෙලා සිටින අය නිසා අපිට ඇතිවෙන ප්‍රශ්නයි. නමුත් අපි ඔවුන්ට ගොඩක් හිතින් ලංවෙලා සිටින නිසා ඔවුන්ගේ එක වැරැද්දක් වුවත් අපිට දැනෙන්නේ මහමෙරක් විදියට. එහෙම වුණාම අපි හරියට දුකට පත්වෙනවා.

ඇත්තටම අපි එහෙම දුකට පත්වෙන්න උවමනාද? ඔවුන්ට අපිට ඒ වගේ
දෙයක් කළාම පොඩ්ඩක් වත් කම්පාවක් දැනෙන්නේ නැද්ද? එහෙම අවස්ථාවක අපි හැසිරෙන්න උවමනා මොන විදියටද? මේ වගේ අට අනූවක් ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න අපේ අනිවා කියවන යාලුවන්ට අපි මේ වගේ අවස්ථාවකට ගැලපෙන කියමන් එකතුවක් අදත් අරගෙන එනවා. බලන්න මේවා ඔබේ හිතට සහනයක්, ශක්තියක් වේවිද කියලා.

1. ඔබ බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන් තේරීමක් ඔබ සතුවිය යුතුය

අවංක බව යනු උසස් හැඟීමකි. චර්යාවෙන් බාල පුද්ගලයින්ගෙන් එය බලාපොරොත්තු නොවන්න.

2. ප්‍රකාශ මත පදනම් වී විශ්වාසය ඇතිකර නොගන්න

කලබල නොවන්න. මිනිසුන් අපට ප්‍රකාශ කරන දෙයින් ප්‍රකට වන්නේ ඔවුන්ගේ ඇතුලාන්තය මිස ඔබේ අඩුපාඩු වල තරම නොවේ.

3. ප්‍රතිඵල! ඔවුන්ට මෙන්ම අපටද පොදුය

ඔබ කෙනෙකුට රිදවූ විට සිදුවන්නේ කුමක්දැයි සිතා තිබෙනවාද?

ඔවුන්ගේ සිතේ ඔබ ගැන ඇති ආදරය කෙමෙන් කෙමෙන් වියැකී යන අතර කලකදී ඔබ ඔවුන්ට ආදරය කල බවද සදාකාලිකවම අමතක වනු ඇත.

4. සිතුදේ නොසිදුවේ. නොසිතු දේ සිදුවේ

ප්‍රවේසම් වන්න! ඔවුන් ඔබට රිදවනු ඇත. ඉන්පසුව ඔවුන්ව රිදවූයේ ඔබ බව ඔවුන් ලොවට හඬගා කියනු ඇත.

5. ලොකුම රිදුම එයයි

මේ ලොව ඇති ලොකුම රිදවීම ප්‍රතික්ෂේපයයි. ප්‍රතික්ෂේපය තරම් රිදවනා කිසිවක් ලොව නැත.

6. ජීවිත වල එකිනෙකාට ඇති ඉඩ වෙනස් නොවිය යුතුය

ඔවුන්ගේ ජීවිත වල ඔබ වෙනුවෙන් ඉඩක් නොමැති නම්, ඔබේ ජීවිතයේද ඔවුන් වෙනුවෙන් ඉඩක් තබා නොගන්න.

7. ලොකුම ත්‍යාගය සහ ලොකුම සහනය

ඔබව රිදවූ මිනිසුන්ට සමාව දිය හැකි නම් එය ඔබට ඔවුන්ට දිය හැකි ලොකුම ත්‍යාගය වන අතර, ඔවුන්ව අමතක කිරීම ඔබට ඔබේ හදවත වෙතට දිය හැකි ලොකුම ත්‍යාගය වනු ඇත.

8. ඔබේ නිදහස ඔබම සොයාගත යුතුවෙයි

යමෙකු ඔබව යටපත් කරගෙන සිටිනවාට වඩා ඔබේ දිවියෙන් ඉවත් වී යෑම යහපත් වේ. ඔබ කිසිවෙකුගේ පා පිස්නාවක් විය යුතු නැති අතර ඔබ වහාම එවන් පුද්ගලයින් අමතක කර, ඒ ඉඩ ඔබ වෙනුවෙන් පෙනී සිටින සහ ඔබට සත්‍ය ලෙසම ආදරය කරන පුද්ගලයන් වෙත වෙන් කල යුතුය.

9. රැවටීම වුව සදාකාලික නැත

කෙනෙකුට ඔබව මොහොතකට රැවටිය හැකිය. නමුත් ඔහුට/ඇයට පාඩමක් ඉගැන්වීමට කලබල නොවන්න. කාලය සියලු දේට නිසි පිළිතුරු සපයනු ඇත.

10. රිදවාගැනීමට පෙර මේ දේවල් පිළිපදින්න

කෙනෙකු ඔබට රිදවනවා නම් එසැණින් ඔවුන්ට ඒ බව පවසා සිටින්න. බොහෝ විශාල තුවාල වලට මූලික හේතුව කුඩා සීරිමක් විය හැකිය.

aniwa.lk

gossip lanka