අපි හැමෝම ගාව ෆෝන් එකක් තියෙනවා, ඒ වගේම අපි වැඩ කරන කාර්යාල වලත් දුරකථනයක් අනිවා තියෙනවා. ඒ මොනවා වුනත් අපි ඒවා භාවිතා කරන්නේ හරි විදියටද? අපි වැරදි විදියට මේ උපාංග භාවිතා කලොත් අපි ගැන වැරදි චිත්‍රයක් අනෙක් පසින් අමතන්නා වෙත යාවිද?
උත්තරය ඔව් නම් පහතින් තිබෙන කාරණා වලින් ඔබේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි. ඒ නිසා අනිවා කියවලා බලන්න. ඔබේ වෘත්තීයමය
ජීවිතේ දියුණුවට වගේම ඔබේ පෞරුෂය කැපිල පෙනෙන්නත් මේ යහපත් දුරකථන පුරුදු උපකාරී වේවි.
1. අමතත්දී මුලින් ම තමන් කවුදැයි හඳුන්වා දෙන්න.
මේ වැඩේ ඔබ කරන්නේ කාර්යාලය ඇතුලත ඇමතුමක් සඳහා නම් තමන් අමතන අංශය සහ තමන්ගේ නම මුලින් පවසන්න අමතක කරන්නෙපා. උදාහරණයක් හැටියට මේ විදිහට කතා කරන එක තමයි වඩා සුදුසු.
“සුභ උදෑසනක්, මේ කතා කරන්නේ HR ඩිපාර්ට්මන්ට් එකේ, කෞශල්‍යා!”
ඔයාට ජංගම දුරකතනයකට මේ ඇමතුම ලැබුනොත් ඔයා ඒකට පිළිතුරු දෙන්නට ඕනේ “ඔව්! කියන්න!” කියලා එහෙම නෙවෙයි. මෙන්න මේ විදියටයි.
“කෞශල්‍යා මේ කතා කරන්නේ…”
ඔබ ඔබේ ආයතනයෙන් පිටතට දුරකථන ඇමතුමක් ලබා දෙනවා නම් කරුණාකර තමන්ගේ නම සහ තමන්ගේ ආයතනය කියන්නට පැකිළෙන්නට එපා!
“හෙලෝ මම කෞශල්‍යා, මම කතා කරන්නේ අනිවා ඩොට් එල් කේ එකෙන්. මට කතා කරන්න පුලුවන්ද නිමල් ජයසිංහ මහත්මයාට?”
2. ලයාන්විත වන්න
කරුණාකර තවකෙනෙක් හා කතා කරනා විට බොහොම සංවේදීව ඒ කර්තව්‍යයේ නියැලෙන්න. දුම්මල වරම අතට ගත්තා වගේ, එහෙම නැත්නම් රැප් එකක් කියනවා වගේ එක පාරටම ඔයාගේ අවශ්‍යතාව විතරක් කියන්න යන්න එපා. ඒ වගේම කතා කරද්දී ඔබේ හඬ උස්පහත්වීම් සහ කතාකිරීමේ ස්වරය ගැන සැලකිලිමත් වෙන්න. මේ දේවල් නොසලකා හැරියොත් සමහර අවස්ථාවල ඔබ කෝපයෙන් හරි අලස කමින් හරි ප්‍රතිචාර දක්වනවා කියල අනික් අන්තයේ අමතන්නාට දැනෙන්න පුලුවන්.
සමහර වෙලාවට ඔබ සංවාදයේ යෙදෙන්නේ ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම වෙලාවක ඔබේ තිබෙන සංවේදී බව ඔබට නොදැනිම ගිලිහෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මතක තියාගන්න ඔබ කතා කරන්නේ යම් ගැටලුවකට මැදි වෙලා සිටින කෙනෙක් හා වෙන්නට පුළුවන් කියන එක.
“ඇත්තටම මම එහෙමද කතා කරන්නේ?”
මේක දැනගන්න විදිහක් තියෙනවා. ඒ තමයි, ඔබ කතා කරන එක සංවාදයක් හැකිනම් රෙකෝර්ඩ් කරගෙන නැවත අහලා බලන එක. ඔබ කතා කරන්නේ කොහොමද කියලා ඔබටම අදහසක් ගන්න පුළුවන් වේවි.
3. කතා කරන්න කලින් සැලසුම් කරගන්න
තමන් කතා කරන්නේ කාටද මොනවාද කියන දේවල් ගැන පොඩ්ඩක් කල්පනා කරලා අනෙක්පසින් අමතන්නාගේ වෙලාව අපතේ නොයන විදියට කතා කරන්න උත්සහ කරන්න. ගොත ගසමින්, පැටලෙමින් අපිලිවෙලට කරුණු ඉදිරිපත් කරන්න ගියොත් අනෙක් අමතන්නාට ඔබ ගැන තිබෙන පැහැදීම අඩු වේවි.
ඒ වගේම අපිටත් අයිතියක් තිබෙනවා අනෙක් අන්තයෙන් කතා කරන කෙනා කිසිම සැලසුමක් නැතිව කතා කරනවා නම්, තමන් කාර්යබහුල නිසා විවේකී වෙලාවක යලි කතා කරමු කියා ඇමතුම කාරුණිකව විසන්ධි කරන්න.
4. මිස් කෝල් ගහන්නෙපා
ඔබ කාර්යාල ජංගම දුරකථනයකින් අමතනවා නම් කරුණාකර ඔබේ අනෙක් පසින් අමතන පුද්ගලයාට මිස් කෝල් දෙන්නට උත්සහ කරන්න එපා. එය හරිම බාල වර්ගයේ පුරුද්දක්. නමුත් අවාසනාවට ලංකාවේ බහුතරයක් මේ දේ කරන්නට හුරුවෙලා ඉන්නවා.
මෙහෙම වැඩිපුර කරන්නේ අපි සතුව දුරකථනයේ මුදල් නැතිවීම නිසා. නමුත් අපේ අවශ්‍යතාවයකට අපි කෙනෙක්ට කථා කරනවානම් ඒ අයට මිස්කෝල් දීල, අපේ අවශ්‍යතාවය දැනගන්න ඒ අය අපිට කෝල් කරන තත්ත්වයට පත් කරන එක වැරදියි (නොකරම බැරි හදිසි අවස්ථාවකදී ඇරෙන්න). මේ නිසා මේ ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වනවා නම් හොඳයි.
5. අමතන්නාව රස්තියාදු කරන්නෙපා
ඔබ ඇමතුමක් ගන්නා අතරතුර තවත් ඇමතුමක් ආවොත් ඔහුව/ඇයව හෝල්ඩ් කරලා අනෙක් ඇමතුම ගන්නට උත්සහ කරන්නට එපා. අදාළ කාරණය කෙටියෙන් හෝ පැහැදිලි කරලා ඇමතුම අවසාන කලාට පසුව අනෙක් ඇමතුම වෙතට යොමු වෙන්න.එහෙම බැරිම නම් කාරුණිකව අවස්තාවක් ඉල්ලා අනෙක් ඇමතුම වෙතට යොමු වෙන්න.
ඒ වගේම තමයි ඇමතුමක ඉන්න ගමන් කාර්යාලයේ අනික් පුද්ගලයො එක්ක කතාවට යන එකෙන් වැලකෙන්න. එහෙම කරන්න ගියොත් ඇමතුමේ ඉන්න පුද්ගලයා කෙරෙහි ඔබ නොසැලකිල්ලක් දක්වනවා කියල ඔහුට/ඇයට දැනේවි. ඇමතුමක් අතරතුරදී කාර්යාලයේ කෙනෙක් එක්ක කතා කරන්න අත්‍යාවශ්‍යම අවස්ථාවකදී දුරකථනයේ අනිත් පස පුද්ගලයාට ඒ බව දන්වා සමාව අයැද එය සිදු කරන්න.
කිසිම අවස්ථාවක ශබ්ද නැගෙන වෙනත් වැඩ වල නියැලෙමින් සහ අහාර ගනිමින් දුරකථන ඇමතුම් නොගන්නටත් වග බලාගන්න.
6. රිඟින් ටෝන්ස්
කරුණාකර ඔබේ කාර්යාල ජංගම දුරකතනයට රිඟින් ටෝන්ස් දාගන්න එපා. කොහොමද හදිස්සි වැඩකට ආයතන ප්‍රධානියා ඔබට කතා කරනකොට “ඉවසන්නම් රත්තරනේ” එහෙම නැතිනම් “දුරකතනයකින් මම ඔබ අමතමි” වගේ සින්දුවක් යනකොට.
එහෙමත් නැතිනම් ඔබට ඉන්නේ සරත් වගේ නමක් තියෙන ආයතන ප්‍රධානියෙක් නම් කොහොමද ඔහු ඔබට අමතනකොට ඔබේ ෆෝන් එකේ රිඟින් ටෝන් එක විදියට “සරා ගොයියා හරි මිනිහා” වගේ එකක් තිබුනොත්.
වසලා හමාරයි නේද පුතී??
7. නොම්මර කියනකොට හෙමීට
හිතන්න ඔබ අනෙක් පසින් අමතන කෙනාට නොම්මරයක් කියනවා කියලා. එහෙම අවස්තාවක ඔබට මතකයේ තිබුනත් නොම්මරය ඉක්මනින් කියන්න යන්නට එපා. මොකද එහෙම වුනාම අනෙක් පසින් සිටින කෙනාට පැහැදිලි නැති වේවි. සමහර විට අනෙක් පසින් අමතන්නා සතුව ඔබ පවසන නොම්මරය සටහන් කරන්නට කොලයක් අහල පහලක නැති නම් ඔවුන් පත්වෙන්නේ හරිම අපහසුවකට. මේ නිසා ඔවුන්ට අවශ්‍ය අදාළ තොරතුර සටහන් කරගන්නට ප්‍රමාණවත් කාලවේලාවක් ලබා දෙන්නට උත්සහ ගන්න.
එහෙම නැති නම් ඔවුන් සතුව නොම්මරය සටහන් කරගන්න කොලයක් හෝ වෙනත් දෙයක් නැති නම් තමන් විනාඩි කිහිපයකින් නැවත අමතන බව කියා දුරකථනය විසන්ධි කරන්න. එවිට ඔබ නැවත අමතනවිට ඔවුන් නොම්මර සටහන් කරගන්න සැදී පැහැදී සිටීවි.
8. රැස්වීමකට/ව්‍යාපාරික හමුවකට යන විට
ඔබ එවැනි ඉසව්වකට සහභාගී වෙනවා නම් කරුණාකර ඔබේ ෆෝන් එක සයිලන්ට් ප්‍රොෆයිල් එකට මාරු කරගෙන සහභාගි වෙන්න. එය ඔබේ රැස්වීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යන්නට ලොකු රුකුලක් වේවි.
ඔබ දුරකථන ඇමතුමක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින විට හදිසියේ යම් හමුවකට සහභාගී වන්නට වුවොත් කරුණාකර දුරකථන ඇමතුම ලැබෙන පාර්ශවයට ඒ බව පවසා ඔවුන්ගෙන් යලිත් ඇමතීමට වෙලාවක් ඉල්ලා සිටින්න.
- aniwa.lk
රැකියාවේ යෙදෙන ඔබ ගැන හොඳ චිත්‍රයක් මවන යහපත් දුරකථන ඇමතුම් විදි 8ක්
2018-01-25T00:52:00-08:00
Gossip Lanka Hot News
slide|