ලංකාව ඝර්ම කලාපීය රටක් කියල පොඩි කාලෙ ඉඳන් අපි ඉගෙන ගන්නවනෙ. කාලෙකට මොර සූරන වැහි වැස්සට අවුරුද්දෙ වැඩි කාලයක් අව් රශ්මිය පවතින අපේ රටේ යුවතියන්ට මේකප් එකක් නැවුම්ව තියාගන්න එක ටිකක් විතර අභියෝගයක්. ඉතින් අනිවා පාඨක
ඔබව මේ අභියෝගෙට සූදානම් කරවන්න අපි හිතුව. මෙන්න මෙහෙමයි රස්නෙ දවසක මේකප් එක ලස්සනටත් නැවුම්වත් තියාගන්නෙ.
1. නාපු ගමන් මේකප් එපා
නාල ආපු ගමන් ෆ්‍රෙශ් එකේ මේකප් කරන එක හොඳයි කියල හිතුවට ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඇඟ සේදූ පසු විනාඩි දහයක්වත් සම ස්වභාවිකව සිසිල් වෙන්නට හරින්න. ඔබ ඉන්නෙ හදිස්සියෙන් නම් අයිස් වතුරෙන් මූණ සෝදල තෙත පිහිදගන්න.
2. පව්ඩර් වලින් රීෆ්‍රෙශ් කරන්න එපා
රස්නෙ දවසට දාඩිය දාන ගාණට හුඟක් යුවතියන් කරන්නෙ පව්ඩර් එකෙන් ටචප් කරන එක. ඒකෙන් වෙන්නෙ දාඩියට උඩින් පව්ඩර් තට්ටු තට්ටු එකතු වෙන එක විතරයි. එය ඔබේ සමට හොඳ දෙයක් නෙවෙයි වගේම පෙනුමට එකතු කරන්නෙත් අවලස්සනක්.
3. හුඟක්ම රස්නෙ කාලෙට ලයිට් මේකප් එකක්
ෆවුන්ඩේශන් තට්ටුවක් ගාල මේකප් කරන එක රස්නෙ කාලෙට සුදුසු නෑ. යන්තම් ෆවුන්ඩේශන් ආලේප කරන්න. ඝණකම තට්ටුවක් ෆවුන්ඩේශන් ගෑවම දහඩිය එක්ක කලවම් වෙලා ඉරිතලපු ස්වභාවයක් එන්න පුළුවන්.
4. පව්ඩර් වෙනුවට ක්‍රීම්
ෆවුන්ඩේශන්, අයි ශැඩෝස් සහ බ්ලශස් වලට පව්ඩර් ප්‍රඩක්ට්ස් වෙනුවට ක්‍රීම් ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන්න. පව්ඩර් ප්‍රඩක්ට්ස් පාවිච්චි කරාම දහඩිය උරාගෙන කැතට පේන්න පුළුවන්. ඒක වළක්වගන්න මේ ක්‍රීම් ප්‍රඩක්ට්ස් වලට හැකියාව තියෙනව.
5. ප්‍රයිමර් එකක් පාවිච්චි කරන්න
මේකප් එකක් කරන්න කලින් ප්‍රයිමර් එකක් පාවිච්චි කරන එකෙන් මේකප් එකේ රඳා පැවැත්ම දීර්ඝ කරගන්න පුළුවන්. රස්නෙ කාලෙට මේ ප්‍රයිමර් භාවිතය ඔබට අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵලයක් ගේනව.
6. මේකප් එක සීල් කරන්න
මේකප් එක සීල් කරන එකෙනුත් රස්නෙ දවස් වලට මේකප් එක නැවුම්ව තියාගන්න පුළුවන්. මේ සඳහා මේකප් සීලර් එකක් හෝ තුනී ලෙස වතුර ස්ප්‍රේ වෙන ස්ප්‍රේ බෝතලයක් පාවිච්චි කරන්න පුලුවන්. මේකප් එක ෆිනිශ් කරගත්තට පස්සෙ මුහුණට අඟල් 8ක් පමණ දුරින් අල්ලා යාන්තමට ස්ප්‍රේ කර ස්වභාවිකවම වියලෙන්න හරින්න.
7. වෝටර් පෲෆ් ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන්න
වෝටර් පෲෆ් ප්‍රඩක්ට්ස් භාවිතයෙන් දහඩිය සමඟ මේකප් මුසුවී ඔබේ පෙනුම අවලස්සන වීම වැළකෙනව. සාමාන්‍ය මේකප් නිෂ්පාදන ඉක්මණින්ම දහදිය එක්ක මුසු වෙලා දියවී යන්න පුළුවන්.
8. මුහුණ පිස දැමීම හෝ ඇල්ලීම නොකල යුතුයි
රස්නෙ දවසකට දාඩිය දාන එක නතර කරන්න අමාරුයි ඒසී කාමරයක හිටියොත් මිසක්. පුරුද්දට වගේ ලේන්සුවෙන් පිහිදන එක නම් නතර කරන්න වෙනව. මේකප් එකක් කරන් එළියට යනව නම් බ්ලොටින් පේපර්ස් තියාගන්න. දහඩිය යන්තමින් තෙතමාත්තු කරන්න. පිස දැමීමෙන් වළකින්න. අතින් නම් කොහෙත්ම අල්ලන්න එපා.
9. ලා පාටවල්
රස්නෙ දවසකට තද පාටවලින් මේකප් කරන එකෙන් වළකින්න. හැකිතාක් ස්වභාවික පෙනුමක් එන ලයිට් මේකප් එකක් තමා රස්නෙ දවසකට සුදුසුම. මේකප් එකේ නැවුම් පෙනුම රඳවගන්න ලා පාටවල් අනිවාර්යයෙන් උදව් වෙනව. රස්නෙ දවසක තද මේකප් එකක් දහඩියට දිය උනාම මොන වගේද කියල මතක් කරන්න ඕනෙ නෑනෙ 😉
10. වතුර බොන්න
මේ මොකක්ද මේ කියල හිතුන නේද? රස්නෙ දවස් වලට මේකප් එකක් කැත වෙන්නෙ දාඩිය දාන එකෙන්. ඒ කියන්නෙ ශරීර උෂ්ණත්වය ඉහල යන හින්දා. ඒ නිසා හැකි තරම් ශරීරය අභ්‍යන්තරයෙන්ම සිසිල්ව තියාගන්න නම් පුළුවන් තරම් වතුර බොන්න.
11. ලිප්ස්ටික් වෙනුවට ලිප්ග්ලොස්
කලර් ලිප් ග්ලොස් දැන් තියෙනව. ලිප්ස්ටික් එකක් වෙනුවට රස්නෙ දවසක ලිප්ග්ලොස් එකක් පාවිච්චි කරන්න. තද මේකප් එකක් වෙනුවට ලයිට් මේකප් එකකට ලිප්ග්ලොස් එකක් ගැලපෙනව විතරක් නෙවෙයි පහසුවෙන්ම නැවත ආලේප කරගන්නත් පුළුවන්.
12. ආර්ටිෆිශල් අයිලෑශස්
අයි මේකප් එක තමා රස්නෙ දවසට තියාගන්න අමාරුම. වෝටර් පෲෆ් ප්‍රඩක්ට්ස් පාවිච්චි කලත් අයි මේකප් එක සවුත්තු වෙන්න තියෙන ඉඩ වැඩියි පහසුවෙන් බ්ලොටින් පේපර් එකකින් තෙතමාත්තු කරන්නත් අමාරු නිසා. අයි මේකප් එකක් නැතුවම ඇස් වලට පෙනුමක් ලබාගන්න ආර්ටිෆිශල් අයිලෑශස් පාවිච්චි කරන්න පුළුවන්.
- aniwa.lk
රස්නෙ දවසට මේකප් කලාම මූණ වෙස්මූණ වගේද? මේ ටිප්ස් 12 දැනන් හිටියොත් මේකප් එක ලස්සනට තියාගන්න පුළුවන්
2018-01-09T01:42:00-08:00
Gossip Lanka Hot News
slide|