දැන් ඔය ආදරේට සීමා මායිම් නෑනේ. උසද මිටිද, ලොකුද පොඩිද, දුප්පත්ද පෝසත්ද වගේ සීන් ආදරේදී බලපාන්නේ නෑ කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතින් එහෙව් එකේ වෙජිටේරියන්ද මාලුටේරියන්ද ඕන මසක් ටේරියන්ද කියන එකත් ආදරේට බලපවත්වන්න විදියක් නෑනේ. හැබැයි මෙතන පොඩී ප්‍රශ්නයක් තියෙනවා. ආදරේ කරනකොටත් ඕක කොහොම හරි ගොඩදාගත්තැහැකි.
හැබැයි කසාද බැඳලා එකට ඉන්නකොට මොකදෑ කරන්නේ? අපි කියමු කොල්ලා හොඳට කටට රසට මසක් මාළුවක් කාලා සැපේ ඉන්න කැමති මාංස භක්ෂකයෙක් කියලා. හැබැයි නෝනා කැමති නෑ මසක් මාලුවක් උයන්න. එයාට පිළී ගඳ එනකොටත් අප්‍රසන්නයි. දැන් ඔහොමයි කියලා නෝනව දාලා මහගෙදර යන්නද මසක් මාලුවක් එක්ක කෑම ටිකක් කන්න? එහෙම කරන්න බෑනේ. එතකොට කොල්ලා කැමති මස් මාලු තියෙන රෙස්ටුරන්ට් එකක සමහරවිට කෙල්ලට කන්න කිසිම දෙයක් නැතිවෙන්න පුලුවන්. එහෙමයි කියලා දෙන්නම නොකා හැරිල එන්නද? ඒකත් බෑනේ. ආන්න ඒ නිසා, මේ වගේ අවස්ථාවක් සාර්ථකව හසුරුවා ගන්නේ කොහොමද කියන එක ගැන අපි දෙන මේ මුතුමිණි වගේ ඔවදන් කියවලා හිතට ගන්ඩෝනෑ.
1. මුලින්ම දෙන්නට දෙන්නා දැනගන්න ඕනා
ඔව් ඉතින් දෙන්නට දෙන්නා දැනකියාගන්නෙ නැතුව ලව් එකක් ගොඩදාගන්න බැහැනේ. හැබැයි මේ කියන්නේ එහෙම සිද්ධියක් ගැන නෙවෙයි. දැන් වෙජීටේරියන්ස්ලත් එක එක විදියේ අය ඉන්නවනේ. සමහරු මසක් මාලුවක් අල්ලන්නවත්, පිළීගඳක් ලේ ගඳක් දැනෙනවටවත් කැමති නෑ. හැබැයි සමහරු මස් මාලු නොකෑවට එහෙම අවුලක් නෑ. සමහරුන්ට මස් මාලු නොකා හිටියට දිව්‍යලෝක රහට මසක් මාලුවක් උයලා දෙන්න අවුලකුත් නෑ. හැබැයි සමහරුන්ට මේක තව සංකීර්ණ විදියට දැනෙන්නේ. උදාහරණ විදියට පෙන්නුවොත්, සමහරු ටින් කරපු සැමන්, බේකන් පෙති වගේ දෙයක් අවුලක් නැතිවුනත්, අමු කුකුළෙක් දැක්කොත් එහෙම විනාසයි. ආන්න ඒ නිසා වෙජිටේරියන් කෙනාගේ සංවේදීතාවය ගැන පොඩ්ඩක් දැනකියාගෙන ඉන්න ඕන.
2. තමන්ට උයන්න වෙනවා
කෙල්ලෝ වගේම කොල්ලොත් උයන්න පිහන්න හුරුපුරුදු වෙන්න ඕන කියලා අපි කලිනුත් කියලා තියෙනවනේ. අපි හිතමු කොල්ලා වෙජිටේරියන් කෙල්ල මස් කනවා කියලා. එතකොට ඉතින් කෙල්ල දැනගෙන ඉන්න එක වටිනවා මස් මාංස උයන්න වගේම වෙජිටේරියන් රෙසිපි එහෙමත්. එතකොට අපි හිතමු කෙල්ල වෙජිටේරියන් කොල්ලා මාංස භක්ෂකයා කියලා. එතකොට කොල්ලත් මසක් මාලුවක් තමන්ට ඕන විදියට උයාගන්න වගේම වෙජිටේරියන් කෑම එකක් හදන්නත් දැනගෙන ඉන්න එක වටිනවා. හැබැයි මේ ප්‍රශ්නේ දරුණුවටම උද්ගත වෙන්නේ වෙජිටේරියන් කෙනා මසක් මාලුවක් අල්ලන්නවත් කැමති නැති නම් විතරයි.
3. අවකාශය වෙන් කරගන්න ඕන
මෙන්න මේක අති වැදගත් කාරණාවක්. මාංශ භක්ෂකයෙක් සහ නිර්මාංශ භක්ෂකයෙක් එකට එක ගෙදරක ජීවත් වෙනවා නම්, කෑම සම්බන්ධයෙන් දෙන්නාගේ ස්පේස් එක හරියට වෙන් කරගන්න ඕන. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ යෝගට් එකක් එක්ක චිකන් එකක් දාලා තිබිලා, වෙජි ඩයල් එක යෝගට් එක කන්න ගත්තහම චිකන් සුවඳ ඒකෙන් එනවා කියන්නේ කාලා හමාරයිනේ. අන්න ඒ නිසා ෆ්‍රිජ් එකේ කෑම අහුරනකොට දෙපාරක් හිතලා බලලා පරිස්සමට කරන්න ඕන, දෙන්නගේ ස්පේස් ක්‍රොස් නොවෙන්න. ඕන නම් මස් මාළු දාන්න අර පුංචි ෆ්‍රිජ් එකක් තියාගත්තත් කාරියක් නෑ.
අනික් කාරණාව මස් කපන පිහි, මස් කපන්න ගන්න ලෑල්ල වගේ දේවල් එළවළු කපන්නත් අරගෙන හරියන්නෙත් නෑ. මේ කෑම බීම හදන උපකරණත් වෙන වෙනම පාවිච්චි කරන්න වෙනවා.
4. කෑම හදනකොට පොඩි පොඩි ටිප්ස්
සාමාන්‍යයෙන් වෙජිටේරියන් කෙනෙකුයි, වෙජිටේරියන් නොවෙන කෙනෙකුයි එකට ජීවත් වෙන කොට ලංකාවේ වගේ නම් කෑම එක හැදෙන්නේ කොහොමත් බත් මාළුපිණි තමයිනේ. හැබැයි ඔම්නිවෝරසයාට නැත්තං මාංස භක්ෂකයාට වෙනම මසක් හරි මාලුවක් හරි හැදෙනවා. එහෙමනේ වෙන්නේ. හැබැයි එහෙම නැතුව වෙන ෆැන්සි කෑමක් එහෙම හදනවා නම් කොහොමද? හොඳම දේ තමයි ඒ ෆැන්සි කෑම එක තනිකරම මස් හෝ මාළු මත බේස් වෙන එකක් නෙවෙයි නම් මස් හෝ මාලු වෙනම හදලා, පස්සේ වෙජිටේරියන් පාට්නර්ගේ කෑම ටික අයින් කලාට පස්සේ ඒක මිශ්‍ර කරගන්න එක. ඔන්න ඔය වගේ දෙන්නට ගොඩක් වෙලාවට එකම කෑම කන්න පුලුවන් වෙන විදියේ මෙනු අයිටම්ස් ට්‍රයි කරන එක හොඳ පුරුද්දක්. ගෙදර සහජීවනේටත් හොඳයි.
5. මොනවද ගෙදරට ගේන්නේ?
දැන් අපි කියමු ගෙදරට කෑම බීම ගේන්නේ මාංස භක්ෂකයා කියලා. එහෙම වෙලාවකදී බොහොම සැලකිලිමත් වෙන්න ඕන තමන් ගන්න ආහාර පාන අමුද්‍රව්‍ය මොනවද කියලා. සමහර වෙලාවට කිසිම මසක් මාලුවක් ගෑවිලාවත් නෑ කියලා පේන පැකට් කරපු කෑම එකක් හදලා තියෙන්නේ චිකන් බ්‍රොත් පාවිච්චි කරලා වෙන්න පුලුවන්. දැන් ඕක වෙජිටේරියන් කාලා බඩයි හිතයි දෙකම අප්සට් වෙලා කෙළියක් වෙනවට වඩා හොඳයි පොඩ්ඩක් පරිස්සම් වෙන එක. කරන්න ලොකු අමාරු වැඩකුත් නෙවෙයිනේ.
6. පිරිසිදු කම
ඕනම මනුස්සයෙක් එක ගෙදරක තව මනුස්සයෙක් එක්ක හිටියත්, තනියෙන් හිටියත් පිරිසිදුකම ගැන හිතන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි වෙජිටේරියන් කෙනෙක් එක්ක ඉන්න මාංස භක්ෂකයෙක් මේ ගැන එක්ස්ට්‍රා හිතන්න ඕන. සරලවම කිව්වොත් මෙහෙමයි. මස් කාලා කට හේදුවත් සමහර වෙලාවට කටින් මස් ගඳ එනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. ඉතින් කොහොමද මනුස්සයෝ ගිහිල්ලා අර අනික් මනුස්සයට කිස් එකක්වත් දෙන්නේ? ආන්න ඒ නිසා කෑම කෑවට පස්සේ බාත් රූම් එකට ගිහින් දත් ටික පොඩ්ඩක් මැදගත්තාට වරදක් නෑ. සමහර වෙලාවට මාංස භක්ෂකයෙක්ගේ දැඩි දාඩිය ගඳත් නිර්මාංශ මනුස්සයෙක්ට අවුල් වෙන්න පුලුවන්. එතකොට නිරන්තරයෙන් නාලා කියලා පිරිසිදු වෙලා ඉන්න එක වටිනවා. ආන්න ඒ වගේ තමන්ගේ පුද්ගලික ස්වස්ථතාව ගැන හොඳ උනන්දුවකින් කටයුතු කිරීම වැදගත් කොහොම කළත්.
7. රෙස්පෙක්ට් එකත් ඕනා
මේක බොහොම වැදගත්. වෙජිටේරියන් වේවා කානිවෝරස් වේවා අපි ආදරේ කරලා බැඳගන්නේ එකට ජීවත් වෙන්න ඕන හින්දනේ. ආන්න එතකොට අනික් කෙනාගේ ජීවනරටා තෝරාගැනීම්, නැතිනම් ලයිෆ් චොයිසස් ගැන තමන්ට ගෞරවයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මෙයා වෙජිටේරියන්, අපෝ වාතේ කියලා හිතනවා නම් හරි, යාලුවෝ ඉන්න තැනක හෝ තනියෙන් දෙන්නා ඉන්න තැනකදී හෝ කියනවා නම් හරි එතන ප්‍රශ්නයක් පැන නගිනවා. ආන්න ඒ නිසා රෙස්පෙක්ට් එක ඉගෙන ගන්න
- aniwa.lk
වෙජිටේරියන් කෙල්ලෙක්ට පෙම් බැඳි මාංශ භක්ෂක කොල්ලෙක්ට වැදගත් ටිප්ස් 7ක් මෙන්න!
2018-01-09T23:50:00-08:00
Gossip Lanka Hot News
slide|