අපි ඕනම කොල්ලෙක්ට ඉන්න පුලුවන් සෑහෙන හිතවත් ගෑණු යාලුවෙක්. එතකොට ඕනම කෙල්ලෙක්ටත් ඉන්න පුලුවන් බොක්කේ පිට් පිරිමි යාලුවෙක්. ඔය යාලු ෆිට් කිසි ගින්නක් නැතුව යනවා දෙන්නම සිංගල් ඉන්නකල්. හැබැයි පුතේ ඔන්න හිතට අල්ලන කෙල්ලෙක් කොල්ලෙක් දැකලා මෙව්වා වෙලා දෙන්නා සැට් වෙන කාලෙට ආවට පස්සේ තමයි ඔය බොක්කේ යාලු පිට් පොඩ්ඩ පොඩ්ඩ අවුල් වෙන්න පටන් ගන්නේ.
ඇත්තටම ඕවා වෙන්නේ තමන් නිසා නෙවෙයි. තමන් යාලුවෙලා ඉන්න කෙල්ල හෝ කොල්ලා නිසා. හැබැයි ඉතින් උන්ට වැරැද්දක් කියන්නත් බෑ, ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලා/බෝයිෆ්රෙන්ඩ්ස්ලාද මනුෂ්‍යයෝය කියලා තමයි පුරාණේ කියලා තියෙන්නේ. හැබැයි අපිට පුලුවන් ඔය ප්‍රශ්න එන්න කලින් යාලුවා සහ ලව් එක අතර ගස්ටන ඇති නොවෙන්න ආරක්ෂක පියවර ගන්න. මේ කියන්න යන්නේ ආන්න ඒ ගැන.
1. හොරෙන් සීන් එපා!
මෙන්න මේක අනිවා ඔලුවේ තියාගන්න ඕන දෙයක්. දැන් අපි ගෑල්ලමයෙක් හරි පිරිමි ළමයෙක් එක්ක හරි යාලු වෙන්න මල් කඩාගෙන කඩාගෙන එනවනේ. ඔය කාලෙදී අපි නංගි ඉස්කෝලෙ යන හැටියි, අයියා හොරෙන් සිගරට් බොන හැටියි, තාත්තා වැඩ ඇරිලා ගෙදර එන හැටියි, අල්ලපු වත්තේ කුරුම්බා කඩපු හැටියි ඔය ඔක්කොම විස්තර කියන කාලෙනේ. ඉතින් සමහරු ඉන්නවා අර වගේ බොක්කෙ යාලු පිට් එකක් ඉන්නවා කියන්න බයයි, සෙට් වේගෙන එන වැඩේ හබක් වෙයි කියල හිතලා. අන්න ඒක වැරදියි. මොකද යාලුවෝ ගැන කියන්න බැරි කමක් නැහැනේ. හැබැයි යාලුවෙලා කියන්න හිටියොත් කෙල්ල හරි කොල්ලා හරි අනිවා සැක හිතනවා මෙතන වෙන මොකක් හරි කතන්දරයක් තියෙනවා කියලා. ඒ නිසා එකිනෙක්කෙනාගේ විස්තර හුවමාරු කරගන්න කාලේදිම තමන්ගේ හොඳ යාලු කොල්ලා හෝ කෙල්ල ගැනත් විස්තර කියන්න.
2. තමන්ගේ ජීවිතේ තීරණ තමන්ගේ
මේක ටිකක් සෙන්සිටිව් කාරණාවක්. දැන් අපි බොහොම අවංකව ආශ්‍රය කරන පිරිමි යාලුවෙක් හරි ගැහැණු යාලුවෙක් හරි ඉන්නවා කියමුකෝ. එතකොට කොල්ලෙක් නං තමන්ගේ කෙල්ල එක්ක මේ ගෑණු යාලුවා ගැන කිව්වට පස්සේ කෙල්ල ඒක බොහොම පොසිටිව් විදියට බාරගන්නත් ඉඩ තියෙනවා. අනික් පැත්තට කෙල්ලෙක් තමන්ගේ කොල්ලා එක්ක පිරිමි බඩියා ගැන කිව්වත් එහෙම තමයි. හැබැයි තව සමහරු ඉන්නවා මේක ගැන පොඩ්ඩක් අප්සට් ගහන. ඒ අය හිතන්න පුලුවන් තමන්ගේ තියෙන තැන නැතිවෙයි කියලා. අන්න එතකොට ඒ අය කියන්න පුලුවන් ඔය යාලුමිත්‍රකම් අතෑරලා දාන්න කියලා. මෙහෙම අවස්ථාවක කෙල්ලනේ, දාලා ගියොත් අපරාදෙනේ කියලා හිතලා යාලුවව අතාරිනවා නං, ඒකෙන් කියන්නේ තමන්ගේ හරි යාලුමිත්රකමක් තිබිලා නෑ කියලා. කවදාවත් සාධාරණ හේතුවක් නැතුව, ලව් එක තමන්ගේ අනාරක්ෂිත හැඟීම් හින්දා කරන ඒ වගේ ඉල්ලීම් වලට නැවෙන්න එපා. හැබැයි ලව් එක බොහොම සාධාරණ හේතුවක් උඩ යාලුකම් අතාරින්න කියනවා නං, අපිට පොඩ්ඩක් ඒ ඉල්ලීම ගැන හිතන්න වෙනවා. ඒක වෙනම කතාවක්.
අනික් අතට ඔය බොක්කේ යාලු කෙල්ලටත් චූටි ඉරිසියාවක් එන්න පුලුවන් තමන්ගේ යාලුපිට් කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක සෙට් වුනහම. ඒක අනික් පැත්තටත් වෙන්න පුලුවන්. එතකොට එයාගේ නහය කැතයි, අපෝ ඒ කොල්ලා බෙබේ වගේ පොඩි ඉරිසියා කතා කියවෙන්න පුලුවන්. ගණන් ගන්න එපා. තමන්ගේ තීරණේ තමන් ඉන්න.
3. තමන්ගේ ප්රමුඛතාවයන් තියාගන්න
මෙන්න මේක බොහෝම වැදගත්. ඔය යාලුපිට් නිසා ලව් කෙලවෙන්නේ නැත්තං ලව් නිසා යාලුපිට් කෙලවෙන්නේ මෙන්න මේ කාරණේ පිළිනොපැද්දහම. ලව් එකත් එක්ක එලියට යන්න තියෙන වෙලාවට යාලුපිට් එකත් එක්ක නවතින්නෙ නැති කෝල් එකක ඉන්න එක වැරදියි. එතකොට යාලුපිට් එකත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න වෙලාවක, ඒක ඉවසන්න බැරුව ලව් එක කෝල් කරනවා නං එතනදී පොඩ්ඩක් ලව් එකට වටහලා දෙන්න ඕන යාලුවොත් වැදගත් කියන එක. හැබැයි මේ කියන්නේ දවසටම ලව් එකත් එක්ක කතා කරන්නේ නැතුව ඉඳලා යාලුපිට් එකත් එක්ක කතා කර කර ඉන්න සිටුවේෂන් එකක් ගැන නෙවෙයි. එහෙම වෙන එකත් අවුල්නේ. අන්න ඒ නිසා මේ යාලුවා සහ ලව් එක බැලන්ස් කරන්න ඉගෙන ගන්න ඕන. අමාරු දෙයක් නෙවෙයි.
4. ඉරිසියාවට ඉණිමං බඳින්න එපා
සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ ලව් කරන කෙල්ල පැත්තක ඉන්දැද්දි, දවසක් ඇර දවසක් එලියට යන්න දාගන්නේ යාලුපිට් කෙල්ලත් එක්ක. එතකොට සමහර කෙල්ලෝ ඉන්නවා තමන්ගේ ලව් කරන කොල්ලා පැත්තක ඉන්දැද්දි, තමන්ගේ වුවමනා එපාකම් ඔක්කොම කියන්නේ යාලුපිට් කොල්ලට. ඔහොම ඒවා කරනකොට හිත දියුණු කරපු කොල්ලෙක්ට කෙල්ලෙක්ට වුනත් ඉරිසියා හිතෙනවනේ. මොකද ලව් එකක් නැගලා යන්න නං, දෙන්නට දෙන්නා ස්පෙෂල් කියන හැඟීම එන්න ඕන. තමන් ස්පෙෂල් නැහැ කියන හැඟීම, එහෙම නැතිනම් තමන්ට වඩා ස්පෙෂල් වෙන කෙනෙක් ඉන්නවා කියන හැඟීම ආපු තැන ලව් එක ඉවරයි. ඉතින් එහෙම කරගන්න වුවමනාවක් නැතිනම්, දෙන්නට දෙන්නා ඉරිසියා හිතෙන දේවල් කරන්න එපා. මෙතන දෙන්නා කියන්නේ තමන්ගේ ලව් එක වගේම තමන්ගේ යාලුපිට් එක ගැන.
5. ලිමිට් පනින්න එපා
ඕනම දේකට සීමාවන් තියෙනවනේ. උදාහරණයක් විදියට තමන්ගේ යාලුපිට් එක කොයි තරම් තද යාලුපිට් එකක් වුනත් එයත් එක්ක දවස් ගණන් ට්‍රිප් යන එක අවුලක් වෙනවා, තමන් රිලේෂන්ෂිප් එකක ඉන්නකොට. එතනදී දෙන්නා අතරේ කිසිම වැරදි දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක ලව් එකට අවුල් යන්න පුලුවන් තැනක්නේ. ඒ වගේම තමයි තමන්ගේ ලව් එක එක්ක නොකියන දේවල් යාලුපිට් එකත් එක්ක කියන්න වෙන අවස්ථා තියෙන්න පුලුවන්. හැබැයි ඒවා කවදාහරි එලියට එන දේවල් නං එහෙම කියන එක අවුල්. ඒ කියන්නේ යාලුපිට් එක සහ තමන් අතරේ අනිවා රහස් විදියට රැකෙන දේවල් ගැන නෙවෙයි අපි මේ කියන්නේ. පස්සේ කාලෙක තුන්දෙනාම ඉන්න තැනක “ඕක මෙයා නං ඉස්සර ඉඳන්ම දැනගෙන හිටියා, මෙයාට විතරයි මම ඒක කිව්වේ” වගේ ටෝක් එකකින් පස්සේ එලියට එන දේවල් තියෙනවා නං, ඒවා යාලුපිට් එක එක්ක නොකියන එක වඩා හොඳයි. එතකොට යාලුපිට් එකත් එක්ක ඕන දෙයක් කියන්න පුලුවන් නිසා තමන්ගේ ලව් එකේ වැරදි වුනත් කියවෙන්න පුලුවන්. හැබැයි තමන්ගේ ලව් එක යාලුපිට් එක ඉස්සරහා හරි, යාලුපිට් එක ලව් එක ඉස්සරහා හරි බාල්දු කිරීම, දෙකේ කොළේට දැමීම ලිමිට් පැනිල්ලක්.
6. එකට සෙට් වෙන්න
දැන් ලව් එක දන්නවා තමන්ගේ කොල්ලට වෙන ගෑණු යාලුවෙක්, එහෙම නැත්තං තමන්ගේ කෙල්ලට වෙන පිරිමි යාලුවෙක් ඉන්නවා කියලා. හැබැයි මුණගැහෙනකල් දෙන්නට දෙන්නා ගැන එහෙම ලොකු ඉම්ප්‍රෙෂන් එකක් නැහැනේ. අන්න ඒ නිසා, පොඩ්ඩක් ලව් එක ස්ථාවර මට්ටමකට ආවට පස්සේ අනික් යාලුවන්ට කලින්ම මේ බොක්කේ ෆිට් එක මුණගස්වන්න. තුන්දෙනා එක්ක කෝපි එකක් එහෙම බොන්න ගියාට කමක් නෑ. එතකොට බොක්කේ ෆිට් එකටත් ලව් එකක් එහෙම තියෙනවා නං වැඩේ තව ලේසියි. කරන්න තියෙන්නේ හතර දෙනා එක්ක ඩබල් දාලා ඩබල් ඩේට් එකකට යන එක. ඒ වගේ දේකින් ඇත්තටම මේ එකිනෙකා ගැන තියෙන සැකයන්, දුරවබෝධයන් එහෙම නැතිවෙලා යයි.
7. දෙන්නට දෙන්නා අකමැති නං දෙන්නව ඈතින් තියන්න
මේ වගේ සීන් එකකදී වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද? ලව් එකට යාලු පිට් එකත්, යාලු පිට් එකට ලව් එකත් දිරවන්නෙ නැතිවීමනේ. ආන්න ඒ වගේ අසීරු අවස්ථාවක් ආවොත්, එක්කෙනෙක්ව අත අරින්න ඕන නැහැ. දෙන්නට දෙන්නා කැමති නැත්තේ කිසිම විශේෂ හේතුවක් නැතුව නං, දෙන්නව වෙන වෙනම තියන්න. යාලුපිට් එකවත්, ලව් එකවත් නැතිකරගන්න ඕන නෑ. හැබැයි මේ වගේ අවස්ථාවකදී අර උඩින් කිව්ව ප්රමුඛතාවයන්, සීමාවන් වගේ දේවල් දේව වාක්කිය වගේ පිළිපදින්න. කොයිම වෙලාවකවත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් බල කරන්න එපා අනික් කෙනාට කැමති වෙන්න කියලා. ඕවා එහෙම බලෙන් කරවගන්න පුලුවන් දේවල් නෙවෙයිනේ. අන්න ඒ නිසා. ඉතුරු ටික කාලෙට බාරදීලා ඉම්මු. එක්කෝ දෙන්නා යාලුවෙයි, එක්කෝ දෙන්නම දෙපැත්තේ ඉඳී.
- aniwa.lk
කොල්ලට ගෑණු යාලුවෝ ඉන්නවා නං ගර්ල්ෆ්‍රෙන්ඩ් අවුල්, කෙල්ලට පිරිමි යාලුවෝ ඉන්නවා නං බෝයිෆ්‍රෙන්ඩ් අවුල්… මෙන්න අවුල ලිහාගන්න ටිප්ස් 7ක්
2018-01-09T01:34:00-08:00
Gossip Lanka Hot News
slide|