කැපවීමෙන් ජීවිතේ සාර්ථක කරගන්නට ඔබට උදවු වන කියමන් 10ක්

ජීවිතේ කියන්නෙ මහා ප්‍රෙහේලිකාවක්. හැබැයි එහෙම කියලා අපි ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන එක නෙමෙයි හරි ක්‍රමය. පුළුවන් තරම් තමන් කියන්නෙ කවුද? තමන්ගෙ ජීවිතේ යහපත, සතුට රැඳී තියෙන්නෙ කොහෙද කියන එක ගැන හිතන එක වටිනවා. අන්න ඒ විදිහට තමන්ට
පුළුවන් ආකාරයෙන් ජීවිතේ ගැන තේරුම් අරගෙන අනාගතේ යහපත් විදිහට ගොඩනගාගන්න හැටි ගැනයි මේ කියමන් වලින් කියවෙන්නේ.

1. සැලසුම් මතින් අනාගතය ගොඩනැගීම කල යුතු වේ

ජීවිතයේ සමහර පියවර තැබිය යුතු වන්නේ තනිවමයි. ඔබේ ජීවිතය වෙනස් විය යුතු වන්නේ කෙලෙසද, ඔබේ අනාගතය කෙසේ විය යුතුද කියා වැටහෙන්නේ එවිටයි.

2. එය හොඳම පැළඳුම වේ

ආත්ම ශක්තිය ඔබේ සුන්දරම පැළඳුම කරගත්දාට ඔබව කවදාටත් වඩා සුන්දරව කැපීපෙනීම නවතනු නොහැක.

3. ඒ කැපවීම කවදාවත් අපතේ නොයනු ඇත

ඔබ ජීවිතය ගැන කල්පනාකාරී නොවුනහොත්, එය අනෙකුත් සෑම ජීවිතයක් වාගේම ඕලාරික වනු ඇත. පුදුමාකාර වන්නට කැපවීමක් අවශ්‍යය.

4. ඒ අයිතිය සාපේක්ෂ විය යුතු වේ

ඔබ ඔබ වන විට, මම මම ම වීම ගැන ඔබට ප්‍රශ්න නොතිබිය යුතුය.

5. පළමුව තමාට යහපත සලසා ගන්න.

ඔබ වෙනුවෙන් ඔබ යහපත් විය යුතුය.

6. අන් අයගේ ක්‍රියා කලාප වලින් සිත දූෂ්‍ය නොකරගන්න

මාගේ මනස තුළ අපිරිසිදු දෙපා තබමින් ඇවිදින්නට මම කිසිවෙකුට ඉඩ නොතබමි – මහත්මා ගාන්ධී

7. ගොඩ නැගිය යුත්තේ සාමුහිකත්වය මගිනි

ඔබට මට කල නොහැකි දේ කල හැකිය. මට ඔබට නොහැකි දේ කල හැකිය. අපි දෙදෙනා එකතු වුවහොත් බොහෝ දේ කල හැකිය.
– තෙරේසා මව්තුමිය.

8. හොඳම පරිවර්තනය එය වේ

ජීවිතයේ ඇතුළාන්තය හොඳ අතට වෙනස් වීම තරම් වෙනත් පරිවර්තනයක් ලොව නැත.

9. ඔබේ වේගය තීරණය කල යුතු වන්නේ ඔබමය

කවුරුන් මොනවා කීවද, යහපත කෙරෙන්නේ ඔබ අතින් නම්, ඔබ වළාකුළින් මිදුණු සඳක් සේ මේ ලොව බැබලවීම නැවැත්වීමට කිසිවෙකුට නොහැක.

10. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

අපට මෙලොව ගත කරන්නට ඇති කාලය ඉතා සීමිතය. එනිසා වෙන කෙනෙකුගේ ජීවිතයක් ගත කරමින් ඒ කාලය නාස්ති කර නොගන්න – ස්ටීව් ජොබ්ස්

- aniwa.lk

gossip lanka