රොමෑන්ටික් වෙනවා කියන්නේ ඇත්තටම මොකද්ද? සරලවම කිව්වොත් තමන් ආදරේ කරන මනුස්සයෙක් වෙනුවෙන් ඒ ආදරේ පෙන්නන්න කරන්න පුලුවන් දේවල්. හැබැයි එකක්. රොමෑන්ටික් මනුස්සයෙක් වෙන්න කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි මුණගැහෙනකල්ම ඉන්න ඕන නෑ. ඒක තමන්ගේ චරිතයත් එක්කම වර්ධනය කරගන්න පුලුවන් දෙයක්. හරි. එච්චර දුර යන්න ඕන නෑ. කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට
කොහොමද රොමෑන්ටික් කොල්ලෙක් වෙන්න පුලුවන් වෙන්නේ? මොනවගේ දේවල්ද ඇත්තටම රොමෑන්ටික් දේවල් කියලා එයා වෙනුවෙන් කරන්න පුලුවන් වෙන්නේ?
1. ආචාරශීලීකම අංක එකටම
රොමෑන්ටික් කොල්ලෙක්ගේ අංක එකටම තියෙන්න ඕන දේ තමයි විනීතකම සහ ආචාරශීලීකම. ඒ කියන්නේ කොහේ හරි තැනකට ඇතුලු වෙනකොට ගෑණු ළමයට දොර ඇරලා දීලා එයා ඇතුළු වුනාට පස්සේ තමන් ඇතුළු වෙන එක. ගෑණු ළමයාට වාඩි වෙන්න පුටුව ඇදලා දීලා එයා වාඩිවුනාට පස්සේ තමන් වාඩි වෙන එක. වාහනේට නගින්න කලින් ගෑණු ළමයාව නග්ගලා ඉන්න එක. මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල්. ඊලඟට හැසිරීමේ සහ කතාබහේ තියෙන ආචාරශීලී කම. ඒ කියන්නේ වැදගත් විදියට කතාබහ කරන එක. මොන දේකදී වුනත් ගෑණු ළමයට උපරිම ගෞරවේකින් සලකන එක. මෙන්න මේ ආචාරශීලීකමත් එක්ක කොල්ලෙක්ට මාර රොමෑන්ටික් ගතියක් එනවා කිව්වොත් ඒක බොරු නෙවෙයි.
2. සර්ප්‍රයිසස්!
ඕනම ගෑණු ළමයෙක් කැමතියි තමන්ව තමන්ගේ කොල්ලා පුදුමයට පත් කරනවට. ඒ කියන්නේ ආස හිතෙන විදියේ සර්ප්‍රයිසස්. එක්කෝ බර්ත්ඩේ එකට ඩිනර් අවුට් එකකට එක්කගෙන ගිහින් එතනදී බර්ත්ඩේ එකකට ගැලපෙන විදියේ සෙටප් එකක් කලින්ම ලෑස්ති කරලා එයාව පුදුම කරවන්න පුලුවන්. එහෙම නැතිනම් එයාට සර්ප්‍රයිස් තෑගි එවන්න පුලුවන් කුරියර් කෙනෙක් අතේ. එහෙමත් නැතිනම් තමන්ම හදපු තෑග්ගක් එයා නොහිතන මොහොතක දීලා සතුටට පත් කරන්න පුලුවන්. එහෙමත් නැතිනම් අඩු ගාණේ එයා බිසී නැති, ප්‍රෙෂර් එකේ නැති වෙලාවක එයාව බලන්න ඔෆිස් එකට ගිහින් පුදුම කරවන්න පුලුවන්. මේ කොයිදේ වුනත් ගෑල්ලමයෙක් ආස වෙන දේවල්.
3. පුංචි දේවල් මතක තියාගන්න එක
සාමාන්‍යයෙන් පිරිමි කියන්නේම ඔය ඇනිවසරි, බර්ත්ඩේ වගේ සීන් අමතක වෙන කොටසක්නේ. හැබැයි ඒ හැමදෙයක්ම මතක තියාගෙන ඉන්න එක මාරම රොමෑන්ටික්. ඒ විතරක් නෙවෙයි, එයා ආසම කෑම, ආසම පාට වගේ පුංචි පුංචි දේවල් පවා මතක තියාගෙන ඉන්න, ඒවලින් එයාව පුදුම කරවන්න වැඩ කරන කොල්ලෙක් හරිම රොමෑන්ටික් කියලා ගෑණු ළමයි හිතනවා. ඒක හරි.
4. චොකලට් සහ මල්
සාමාන්‍යයෙන් ඔය ඕල්ඩ් ස්කූල් රොමෑන්ටික් ඩයල් එකක් දන්නවා ගෑණු ළමයෙක් මල් වලට සහ චොකලට් වලට කොයි තරම් ආසද කියන එක. ඉතින් ඒ නිසා චොකලට් එකක් හරි මල් කළඹක් හරි ගෑණු ළමයට තෑග්ගක් විදියට දෙන්න ඔය අමුතුවෙන් ඇනිවසරියක් හරි බර්ත්ඩේ එකක් හරි හොය හොයා ඉන්න ඕන වෙන්නෙ නෑ එහෙම කොල්ලෙක්ට. ඕන නම් රොමෑන්ටික් කොල්ලෙක් ඒකට දවස් හදාගනී. ඉගිළෙන මාලුවන්ගේ දිනය, ඔයාට මම පිස්සු වැටුණු ඇනිවසරිය, පැන පැන යන ගෙම්බන්ගේ දිනය වගේ මැන්ටල් දින ටිකක් හරි හදලා තෑග්ගක් දෙනවට මොන කෙල්ලද අකමැති වෙන්නේ.
5. ඔයාට ආදරේ මෙච්චර මං!
දැන් අපි සිය පාරක් මී පැණි කියලා කිව්වට කටට මී පැණි රහ දැනෙන්නෙ නැහැනේ. හැබැයි සිය පාරක් නෙවෙයි ඔයාට මම ආදරෙයි කියලා හැඟීමෙන් කිව්වත් ඒ හිත ඉගිලෙන්න හදන ෆීලින්ග් එක අඩු වෙන්නේ නෑ. ආන්න ඒ නිසා රොමෑන්ටික් කොල්ලෙක් හැම තිස්සේම උත්සාහ කරනවා ගෑණු ළමයට තමන් කොයි තරම් ආදරෙයිද කියන එක අඟවන්න. ඒක කියන්න. ඒ විතරක් නෙවෙයි, ඒක කියන්න රොමෑන්ටික් කොල්ලෙක් ආතල් ක්‍රමත් හොයාගන්නවා. උදාහරණයක් විදියට ලව් ලෙටර් කියන්නේ පරණ තාලේ රොමෑන්ටික් වැඩක් තමයි. හැබැයි ඒක දැන් සදා රොමෑන්ටික් දෙයක්. කවදාවත් පරණ වෙන්නෙ නෑ.
6. රොමෑන්ටික් දහසකුත් එකක් දේවල්
අපි කියමු ඔයා සිංදුවක් තාලෙට කියාගන්න පුලුවන් කොල්ලෙක් කියලා. ඉතින් රෑට ගෑණු ළමයට කෝල් එකක් අරගෙන කතා කර කර ඉන්න වෙලාවක එයා වෙනුවෙන් සිංදුවක් කිව්වට කමක් නෑ. ඒක මාර සුපිරි ගායනයක් නොවුනත් කවදාවත් හරි කෙල්ලෙක් කියන්නෙ නෑ “අයියෝ ඔරිජිනල් එක ඔයිට වඩා ලස්සනයි” කියලා. මොකද ඒක ඔයා එයා වෙනුවෙන් කිව්වේ කියලා කෙල්ල දන්නවා. ඒක එයාට සෑහෙන්න වටිනවා. අපි කියමු ඔයාට චිත්‍ර අඳින්න පුලුවන් කියලා. එතකොට එයාගේ චිත්‍රයක් හරි එයා වෙනුවෙන් චිත්‍රයක් හරි ඇඳලා ඒක එයාට දෙන්න පුලුවන් නම් ඒක වර්ල්ඩ් ක්ලාස් පේන්ටින්ග් එකක් වෙන්න ඕන නැහැ. මේවා රොමෑන්ටික් කොල්ලෙක් කරන දේවල්. ඒ වගේම තමයි හොඳම දේ මේ වගේ පුංචි පුංචි දේවල් කරන්න විශේෂ හැකියාවන් තියෙන්න ඕන නෑ. නිර්මාණශීලී මනසක් තියෙන රොමෑන්ටික් කොල්ලෙක්ට මේවලට අදහස් ඕන තරම් එයි.
7. ජීවිතේම රොමෑන්ටික්
සාමාන්‍යයෙන් අපි දකිනවනේ කෙල්ලෝ සතුටු කරන්න මාර අමාරුයි මචං කියන කොල්ලෝ. හැබැයි ඇත්ත කතාව තමයි සාමාන්‍යයෙන් හොඳ කෙල්ලෙක්ව සතුටු කරන්න, එයා අපිට පිස්සුවෙන් ආදරේ කරන ලෙවල් එකේ තියාගන්න අමාරු නැහැයි කියන එක. එහෙම කෙල්ලෙක්ට ඕන කරන්නේ අපි එයාට ආදරේ කරනවා කියලා දැනෙන එක සහ අපි එයාත් එක්ක අපේ ජීවිතේ බෙදාගන්නවා කියන එක, එයාට අපේ ජීවිතේ ලොකු ඉඩක් තියෙනවා කියන එක තමයි. ඒක කරන්න පැයෙන් පැයට කෝල් කරන්න මැසේජ් කරන්න ඕන නෑ. හැබැයි කෝල් එකක් දෙනකොට, මැසේජ් එකක් යවනකොට ඒක කරන්න ඕන බොක්කෙන්මයි. එයා වෙනුවෙන් පුංචි පුංචි ආදරේ හිතෙන දේවල් කරන්න ඕන, එයා ලඟින් ඉන්නවා කියන එක එයාට දනවන්න ඕන අවංක හැඟීමෙන්මයි. අන්න ඒවගේ කොල්ලෙක්ට අමුතුවෙන් රොමෑන්ස් උගන්නන්න දෙයක් නෑ. එහෙම කොල්ලෙක්ගේ ජීවිතේම රොමෑන්ටික්.
- aniwa.lk
මේ උපදෙස් පිළිපැද්දොත් ඔබටත් රොමෑන්ටික් කොල්ලෙක් වෙන්න බැරි නෑ
2018-01-05T00:07:00-08:00
Gossip Lanka Hot News
slide|