වියලි සමක් කියන්නේ හැම සුන්දර යුවතියකගේ ම, හැන්සම් කොල්ලෙක්ගේ ම නරක හීනයක් වගේ දෙයක් බව නම් නොකියා ම බැහැ. සමෙහි පවතින තෙතමනය නැතිවී වියලි ස්වභාවයකට පත් වුන විට
සම රැලි වැටීම, දුර්වල වීම සහ සමේ නිරෝගී පෙනුම නැති වන්නට ඉඩ තිබෙනවා.
සම වියලෙන්නට හේතු
1. දේශගුණය
සම වියලි ස්වභාවයක් ගැනීම ශාරීරික හේතු නිසා විතරක් නෙවෙයි. අවට වාතයේ වෙනස් වීමක් නිසා වෙන්නත් පුළුවන්. නිදසුනක් විදියට වායු සමීකරණය කල පරිසරයක ජීවත්වෙන කෙනෙකුගේ සම වෙනත් අයට වඩා ඉක්මනින් වියලි වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වියලි ශීතල සහිත පළාත් සහ ශුෂ්ක පළාත් වල ජිවත් අයට මේ ගැටලුවට මුහුණ දෙන අය.
2. උෂ්ණත්වය
මේ තත්වයට මුහුණ දෙන්නේ වැඩිපුරම ශීතල පළාත් වල සිටින අයයි. ශීතල පලවා හරින්නට දර උදුන් හෝ ඉලෙක්ට්‍රික් හිටර්ස් භාවිතා කරනවා නම්, අවට වාතයේ ඇති තෙතමනය උරාගෙන වියලි සමක් ඇතිවෙන්නට ඉඩ තිබෙනවා.
3. උණුසුම් දිය නෑම සහ ක්ලෝරීන් ජලය
උණුවතුර ෂවර් එකක් යටට වෙලා බොහෝ වෙලාවක් ගත කරන්නට තිබීම හරිම සනීපදායක දෙයක් වුනත්, උණුවතුර වලින් අපේ සමේ පවතින තෙල් තට්ටු දියකර හරිමින් සැමට වියලි ස්වභාවයක් ලබා දෙන්නට ඉඩක් තිබෙනවා. ඒ වගේම නිතර ක්ලෝරීන් සහිත පිහිනුම් තටාක වල පිහිනීම වැනි කාර්‍යයන් මේ වියලීමට හේතුන් විදියට සලකන්න පුළුවන්.
4. සැර සබන් සහ සේදුම්කාරක
ජනප්‍රිය නම් වලින් තිබෙන සබන් සහ සේදුම්කාරක බොහොමයක් ඔබේ සමේ පවතින් මෘදු බව පලවා හරිනවා, ඒ වර්ග අතුරිනුත් දහදිය දුගඳ වලකන සහ බැක්ටීරියා නාශක සබන් වර්ග තමා වඩාත්ම ඔබේ සම වියලි කරන්නට හේතුවක් වෙන්නේ. ඒ වගේම අපි නාද්දී හිස සෝදන්නට භාවිතා කරන සමහර ෂැම්පු වර්ගත් ඔබේ හිස මතුපිට සම වියලෙන්නට එක හේතුවක්. ඒ විතරක් නෙමෙයි නෑමේදී ශරීරය පමණට වඩා ඇතිල්ලීම මගිනුත් සමේ ඇති ස්වභාවික තෙල් තට්ටුව ඉවත්වී සම වියලෙන්න ඉඩ තිබෙනවා.
5. හිරු එළියට නිරාවරණ වීම
අවිවාදයෙන්ම හිරු එලිය ඔබේ සම වියලනවා, ඒ විතරක් නෙවෙයි ඉන් නිකුත් වෙන පාරජම්බෝල කිරණ ඔබේ සමේ ස්ථර හරහා ගොසින් සම වියලීමට එහා ගිය ආබාධ ඇති කරන්නටත් හේතුවක් වේවි. සමේ රැළි වැටීම, එල්ලා වැටීම වගේ තත්වයන් මේ හිරු රැස් නිසා ඔබට ඇතිවෙන්නට ඉඩ තිබෙනවා. අවුවේ වැඩි වෙලා ගතකරනවානම් ඇඟ වැඩිපුර ආවරණය වන ඇඳුම් ඇඳීමට සහ සන්ස්ක්‍රීන් එකක් ආලේප කරගන්න මතක තබාගන්න.
සම වියලීම වළක්වාගන්නේ කොහොමද?
වෙළඳපොලේ කොතරම් වියලි බව නසන බෙහෙත් වර්ග තිබුනත් අපිට හොඳින් සොයා බලන්නට පුළුවන් නම් අපේ ගෙවල්වල සමේ පවතින වියලි බව නසන්න යොදා බැලිය හැකි අත්බෙහෙත් කිහිපයක් තියෙනවා.
1. ඔලිව් තෙල්
ඔලිව් තෙල් වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ සෞඛ්‍යමත් මේද වර්ග නිසා ඒවා සම මත ආලේපය ඔබේ සමට එය බෙහෙවින් හිතකරයි.
2. යොදය සහිත කිරි
සමේ ආලේප කිරීමෙන් ප්‍රතිපල ලබා ගන්නට හැකි මේ කිරි වල යොදයේ ඇති ලැක්ටික් ඇසිඩ් සමේ අලුත් කරන අතරේ සමේ pH අගය සමබර කරන්නටත් උදව් වෙනවා. ඒ වගේම යොදය සහිත කිරි කියන්නේ හොඳ මෘදුකාරකයක්.
3. කිරි
කිරි වල පවතින තෙතමනය නිසා ඒවා පානය සහ ආහාරයට ගැනීම, සිරුරු සමේ පවතින වියලි සහ කසන තත්වය පහකරලා යවන්නට සමත් වෙනවා, ඒ වගේම ඉහත කාරණාවේදී අපි කියූ ලැක්ටික් ඇසිඩ් වල පරිපුර්ණ බව නිසාම තෙතමනය සම මත රඳවා තබා ගන්න ගතිය වැඩි කරන අතරම සමේ වර්ණය පැහැපත් කරයි.
4. මීපැණි
මීපැණි කියන්නේ ලොව හොඳම ස්වාභාවික තෙතමනය රැකදෙන සහ විෂබීජ නසන දියරයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම මීපැණි වලින් ඔබේ සමේ පවතින් තෙතමනය වියලි දවසක පවා ගිලිහෙන්නට නොදී ආරක්ෂා කරනවා. එසේ වන්නට නම් එය මෙහි ඇති යෝගට්, කෝමාරිකා වැනි සමේ තෙතමනය රැකදෙන වෙනත් දෙයක් සමඟ මිශ්‍ර කර සම මත ආලේප කිරීම කල යුතුයි. ඒ වගේම මීපැණි වල අඩංගු වෙලා තියෙන විටමින් සහ ඛනිජ ලවන ප්‍රමාණය නිසා ඔබේ සමේ නිරෝගිකමට එය අනිවා පිටුවහලක් වෙනවා.
5. යෝගට්
යෝගට් කියන්නේ ඔබේ සම රැකගන්නට භාවිතා කරන්නට පුළුවන් හොඳම අත් බෙහෙතක්. කිරි වලින් සහ එහි යොදයෙන් කුමක් හෝ ප්‍රථිපලයක් ලබා දෙනවා නම් ඒ සියල්ලම ඔබ ආහාරයට ගන්නා සහ සමේ ආලේප කරනා යෝගට් වලිනුත් ලබා දෙන බව නම් නොකියාම බැහැ.
6. පොල්තෙල්
වියලි සමකට ප්‍රතිකාර කරන්නට පොල්තෙල් කියන්නේ හොඳ ප්‍රතිකාර ක්‍රමයක් වුනත් ලංකාවේ අපිට පොල්තෙල් මුහුණට ආලේප කිරීම නම් එතරම් සුදුසු වෙන්නේ නැහැ. මොකද ඌෂ්ණාධික රටක ජීවත් වන අපේ මුහුණේ පොල්තෙල් ආලේපයෙන් කුරුළෑ ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙන්න පුලුවන්, නමුත් පොල්තෙල් කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කරන නැතිවිගිය සුමුදු බව ආරක්ෂා කරලා දෙන හොඳ ප්‍රතිකාරයක්. රාත්‍රියට අත් සහ කකුල් වල සමෙහි ආලේප කිරීමෙන් වියළි බව නැතිකර සුමුදු සමක් ලබාගත හැකියි.
7. කෝමාරිකා
කෝමාරිකා කියන්නේ සමකට ලබා දෙන්න පුළුවන් හොඳම බෙහෙතක්. කොටින්ම හදිසි අනතුරක් නිසා ඔබේ සම පිලිස්සුනත්, ඔබ කෝමාරිකා ඒ පිළිස්සුනු තැනට ගෑවොතින් මැරුණු සම ඉවත් වෙලා අලුතින් සම නිපදවෙන්න පටන් ගන්න තරම් මේ ශාකසාරය ගුණවත්. සමේ තෙතමනය වගේම සමේ නිරෝගී බවටත් බොහොම වැදගත් වෙන ආහාරයට සහ සමේ ආලේපයට හොඳ කෝමාරිකා ඔබේ නිවසේ කුඩා පෝච්චියක වවා ගත්තත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.
8. මොයිස්චරයිසර්
ස්වාභාවිකවම නොවුනත් මේ වැඩෙත් අපේ රටේ කස්ටිය සෑහෙන්න කරන වැඩක්. ගොඩාක් ම ප්‍රතිපලදායක වෙන්නේ ස්නානය කිරීමෙන් පස්සේ ගාන්නට පුළුවන් නම්, ඒ වගේම වොෂ් එකක් දාලා නින්දට කලින් ආලේප කරන එකෙන් හොඳ ප්‍රතිපල ගන්න පුළුවන් වේවි.
*මේ සත්කාර කිරීමට පෙර ඔබට ඇති ඇලර්ජි/අසාත්මිකතා ගැන දැනුවත් වන්න, වෛද්‍යවරයෙකු හමුවන්න.*
- aniwa.lk
වියලි සම ඔබේ පෙනුම කැත කරනවද? එහෙනම් මේ උපදෙස් අනුගමනය කරල සුන්දර නිරෝගී සමක් ලබාගන්න
2018-01-05T00:16:00-08:00
Gossip Lanka Hot News
slide|