අපි පොඩි කාලෙදී දෙමාපියන්ගේ වටිනාම වස්තුව උනාට අපි ලොකු වෙනකොට අපේ වටිනාම වස්තුව වෙන්න අම්මයි තාත්තයි කියන එක බොරුවක් නෙවෙයි නේද? මොන මොන අය ජීවිතේට ඇවිත් ගියත් දෙමාපියන්ට අපේ හිතේ තියෙන්න ඕනේ ඉඩ අනිවා තියෙනවා
කියන්නේ නිකම් නෙවෙයි. හිතේ වගේම ඔවුන්ට අපි සලකන කොට ඔවුන්ගේ යහපැවැත්ම ගැනත් අපි හිත යොදවන්න ඕනේ.
1. වයස
වයස කියන්නේ ගොඩක් අපේ සැලකිල්ලට භාජනය විය යුතු දෙයක්. මොකද අම්මටයි තාත්තටයි සැලකුම් කරන විදිය සහ ඉතුරු අතිරේක කතන්දර සියල්ලම තීරණය වෙන්නේ ඔවුන්ගේ වයස මතයි. හොඳම දේ තමයි ඒ අදාළ වයසට අනුව ඔවුන්ට යහපත් වන්නේ මොනවද අයහපත් වන්නේ මොනවද කියන එක ගැන අපේ වෛද්‍යවරයාගෙන් (පවුලේ වෛද්‍ය වරයෙක් ඉන්නවා නම් තවත් වැදගත්. මොකද ඔවුන් සතුව දෙමාපියන්ගේ සෞඛ්‍ය වාර්තා තිබිය හැකි නිසා.) අසා දැනුවත් වීම. එහෙම කලාම අපිට හදිසියකදී ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙනවා.
2.විවේකය
මැදී වයසේ පසුවන කෙනෙකුට විවේකය කියන එක අත්‍යාවශ්‍යයි. ඔවුන් ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීර ශක්තිය කියන එක ඉක්මනින් වියැකිලා යන කාලෙක තමා ඔවුන් සිටින්නේ. ඒ නිසා ඔවුන්ට දිනකට කිහිප වාරයක් නින්ද කියන එක අවශ්‍ය වෙන්න පුළුවන්. එක සාමාන්‍යයි. අනික අපේ තියෙන ප්‍රශ්න ඔවුන්ගේ හිතට පටවන්න එපා. මොකද ඔවුන් අපව උස්මහත් කරන්න අපිව ශක්තිමත් කරන්න අනාදිමත් කාලයක් පටන් අපේ ප්‍රශ්න වලට් උත්තර හෙව්වා. දැන් තියෙන්නේ ඔවුන්ට විවේකය ලබා දෙන්නයි.
3. පෙනීම
ඔවුන් සමහර වෙලාවට තමන්ගේ උපැස් යුවල භාවිතා කරලා පොත් පත්තර කියවනකොට පත්තරය හෝ පොත බොහොම ලං කරලා කියවන අවස්ථා දැකලා ඇති. එහෙම වෙලාවක ඔවුන්ට නොපෙනන ඔවුන්ව නිරීක්ෂණය කරන්න. සමහර විට එසේ කියවීම ඔවුන්ගේ පුරුද්ද වෙන්න පුළුවන්. එත් බොහෝ අවස්ථා වල එසේ කරන්නේ උපැස් යුවලේ කාච තවදුරටත් ඔවුන්ගේ සාමාන්‍ය පෙනීම ප්‍රමාණයට නැති වීමයි. දිගු කාලයක් මෙසේ කියවන විට ඔවුන් නොදනිම ඔවුන්ගේ ඇස දුර්වල වන්න ඇති හැකියාව ඉතා ඉහලයි. එනිසා ඔබ එවන් දෙයක් දුටුවොත් වහාම අක්ෂි වෛද්‍යවරයෙක් චැනල් කර මවට/පියාට අලුත් උපැස් යුවලක් අරන් දෙන්න.
මුවින් පිට නොකලත් එය ඔවුන්ගේ හිතේ සදා මතකයේ රැඳෙන දෙයක් වේවි. මෙයට අමතර අම්ම හෝ තාත්තා චිත්‍රපටි ටෙලි නාට්‍ය හෝ ක්‍රීඩා රසිකයෙක් නම් ඔවුන් කැමති කැමති වැඩසටහන් බලන්න පුළුල් තිර සහිත රුපවාහිනියක් ඔවුන්ගේ විවාහ සංවත්සරයට ලබා දෙන්නට හැකිනම්… ඔබ ඉතා හොඳ දරුවෙකු බව ආපහු කියන්නට උවමනා නැහැ නේද?
4. ආහාර සහ ව්‍යායාම
දිනකට පැය භාගයක් පමණ සැහැල්ලු ව්‍යායාම වල යෙදීම මැදිවියේ පුද්ගලයින්ට වෛද්‍යවරු අනුමත කරලා තියෙන දෙයක්. එහෙත් අපි අපේ දෙමාපියන්ට ඒ ව්‍යායාම කරවනවද කියලා තීරණය කලයුත්තේ වෛද්‍ය වරයෙකුගේ අනුමැතියකින් පසුවයි. නිදසුනක් විදිහට ඕනේ පියාට දණහිසේ ආබාධයක් තිබෙනවා නම් ඔහුට කෙතරම් ඇවිදීමේ ව්‍යායාම කරන්නට උවමනාව තිබුනත් එසේ කිරීම එතරම් සුදුසු නැහැ. වෛද්යවරයෙකුගේ අනුමැතියකින් පසුව ඔවුන්ට ගැලපෙන ව්‍යායාම ගැන සරලව පහදා දී ඔවුන්ව ඒවාට යොමු කිරීම හොඳ පුතෙක්, හොඳ දුවෙක් ට ඉතා පහසුවෙන් කරන්නට හැකි දෙයක්.
ඊට අමතරව ඔවුන්ට ශක්තිය පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන පෝෂණය නො අඩුව ලබා දීමත් ඔබේ වගකීමක්. ඒ නිසා හැමවිටම ඔබේ වැඩිහිටියන්ගේ ආහාර පාලනය නිසා අසීරුවට පත් වෙනවා. කොහොමටත් වෛද්‍යවරයෙකුගේ නියමයක් නැතිව මේවා කරන එක එතරම් හරි නැහෑ,
5. දරුමුනුබුරන් දැකීම
වැඩිහිටියන් කොහොමත් තමන්ගේ දරුවන්ටත් වඩා දරුවන්ගේ දරුවන්ට ආදරෙයි. එහෙම උනාම ඔවුන්ගෙන් ඒ ළමයින්ව හෝ ඔබ ඈත් වීම එතරම් හිතකර නැහැ. ඔවුන් තමන් එක්ක නිතරම කවුරුන් හෝ කතා කරනවා නම් හරිම කැමතියි. ඉතින් කුඩා මුණුබුරන් නිවසේ සිටීම මගින් ඔවුන්හා වැඩිහිටියන්ට කාලය ගත කරන්නට ඉඩකඩ තියෙනවා. මම කියන්නේ හැම වෙලාවකම නෙවෙයි. දරුමුනුබුරන් එහෙම තමන්ගේ වැඩි හිටියන් එක්ක ඉන්න කොහොමත් ආසයිනේ.
6. පරීක්ෂණ
අප වයසින් පරිනත වනකොට අපේ සිරුරේ ක්‍රියාකාරීත්වය මන බලන පරීක්ෂණ තියෙනවා. ඉතින් මේවා අපේ අම්මලා තාත්තලාටත් අදාලයි. එමනිසා වෛද්‍ය වරයා විසින් නියම කරන මාසික, ද්වී මාසිත, ත්‍රෛමාසික පරීක්ෂණ සැසි වලට අමතක නොකර සහභාගී කරවීම ඔබේ යුතුකමක්. ෆෝන් එකේ රිමයින්ඩර් එකක් දාගන්න. හරි සරලයි. අවධානමට පෙර සුදානම ගොඩක් හොඳ දෙයක් කියන්නේ අන්න ඒ නිසා.
7. කැමති දේ විනෝදාංශ
වයසට යනකොට අපට සමාජය එක්ක තියෙන බැඳීම අඩු වෙනවා. ඉතා හොඳින් සමාජගත වී සිටි කෙනෙකු වියපත් වූ විට නිවසට වී කාලය ගත කරනවිට ඔවුන් තුල නිතර ඒ ගැන මතකය ආවර්ජනය කරමින් සිටිනවා හැරෙන්නට වෙන දෙයක් වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්තුල අවසානයේ ඇති වන්නේ කල කිරීමකුයි. ඉතින් මෙසේ එක්තැන් වී උවමනාවෙන් ම ලෙඩ වනවාට වඩා, වැඩිහිටියන් කැමති විනෝදාංශයක හෝ සමාජ සේවයක යෙදෙන්නට ඉඩ හැරීම මගින් ඔවුන්ගේ ඒකාකාරී සැන්දෑ ජීවිතය තුල වෙනසක් විවිධත්වයක් එක්කාසු කිරීමට එයත් හේතු වේවි.
- aniwa.lk
අපි දෙමාපියන්ව සෞඛ්‍යමත්ව තියාගන්නේ කොහොමද? ටිප්ස් 7ක්
2018-01-08T00:47:00-08:00
Gossip Lanka Hot News
slide|