ඔයාගෙ කෙල්ලට ඔයාට පිස්සුවෙන් වගේ ලව් කරන්න හිතෙන්න නම් මේ කරුණු 7 පිළිපදින්න

දැන් ඔය ආදරේ කියන එක මාරම සීන් එකක්නේ මචන්. ඒ කියන්නේ අපිට දැන් කෙල්ලෙක් මාර විදියට ආදරේ කරනවා කියමුකෝ. සමහර වෙලාවට අපිත් ඉතින් ආදරෙයි. හැබැයි ඔච්චර තමයි. සමහර වෙලාවට ඇත්තටම වෙන්නේ කෙල්ල අපිට දෙන ආදරේ එක්ක අපිත් ඒකට හුරු වෙලා ඉන්න එක. අපි හිතනවා අපි ආදරෙයි කියලා, හැබැයි අපි ආදරෙයි කියලා අමුතුවෙන් කරන දේකුත් නෑ. ඇත්තටම මේක සාධාරණද?
අපොයි සාධාරණ නෑ. කෙල්ලට විතරක් නෙවෙයි, කොල්ලටවත් සාධාරණ නෑ. ඇයි එහෙම කියන්නේ? දැන් ආදරේ කියලා සිය පාරක් මන්තරේ වගේ මැතුරුවට ආදරේ දැනෙන්නෙ නෑනේ. ආදරේ තියෙන්නේ තමන් කරන කියන දේවල් වල. ආදරේ තියෙන්නේ තමන් ආදරෙයි කියලා පෙන්නන්න කරන දේවල් මත. ඉතින් අපිට එහෙම දේවල් කරන්න පුලුවන් කම තියෙද්දිත් නොකර ඉන්නකොට ඒක කෙල්ලට කරන අසාධාරණයක්. ඒ වගේම ඒ නිසා කෙල්ලගෙන් අපිට ලැබෙන්න තියෙන සම්පූර්ණ ආදරේ අපිට නොලැබෙන්න පුලුවන්. ඒ කියන්නේ දැන් අපි කෙල්ල අපිට ආදරෙයි කියලා හිතාගෙන ඉන්නේ කෙල්ලගේ සම්පූර්ණ කැපෑසිටි එක නොවෙන්න පුලුවන්. ඉතින් එහෙම ආදරයක් නොලැබෙන එකත් අපරාදයක්.

ආන්න ඒ නිසා අපි මේ කියන්න යන්නේ නිකම්ම එයාට ආදරෙයි කියලා හිතාගෙන ඉන්න කොල්ලන්ට, කෙල්ලට ඇත්තටම ආදරේ දනවන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන. මතක තියාගන්න, අපි මෙහෙම ආදරේ කරනකොට කෙල්ලොත් ඒ වගේ ආදරයක් පෙරළා ලබාදෙනවා කියන එක!

 1. ඇහෙන්න දෙන්න එපා, අහගෙන ඉන්න

කෙල්ලෙක් කැමතියි මචන් තමන්ට ඇහුම්කන් දෙන කොල්ලෙක්ට. ඒ කියන්නේ පැත්තකින් වාඩි වෙලා ගිරවි වගේ කියවනකොට ඔහේ ෆෝන් එක ඔබ ඔබ සැරින් සැරේ හ්ම් හ්ම් කිය කියා ඉන්න කොල්ලෙක්ට නෙවෙයි. ඇත්තටම තමන්ට අවධානය දීලා, ඇහුම්කන් දෙන කොල්ලෙක්ට. කෙල්ලෙක්ගේ ආදරේ වැඩිකරගන්න ඒක වරදින්නෙ නැති ක්‍රමයක්.

2. සර්ප්‍රයිස්!!!

අපි කෙල්ලෙක්ට ආදරේ කරනකොට කොහොමත් බර්ත්ඩේ එකට, වැලන්ටයින්ස් ඩේ එකට මොකක් හරි තෑග්ගක් ගිහිල්ලා දෙනවනේ. හැබැයි මචන් එහෙම කිසිම විශේෂත්වයක් නැති දවසක කෙල්ලව සර්ප්‍රයිස් කරන්න තෑග්ගක් ගිහින් දුන්නොත් එයාට කොහොම සතු‍ටු හිතෙයිද? තෑගි පැත්තක තියමුකෝ. කෙල්ල නොහිතන දවසක එයාව බලන්න ගියොත්? නොහිතන වෙලාවක කෙල්ලට ලව් ලෙටර් එකක් දුන්නොත්? මෙන්න මේ විදියේ තමන් පුදුම වෙන දේවලට කෙල්ලෝ මාරම කැමතියි මචන්.

3. ජීවිතේ බෙදාගන්න බව දැනෙන්න දෙන්න

මෙන්න මේක ඇත්තටම කොල්ලෝ කරන වැ‍රැද්දක්. ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක ආදරේ කලාට එයා තමන්ගේ ජීවිතේ කොටසක් කියලා දැනෙන්න දෙන්නෙ නෑ. ඒක ආදරේටත් අඩුවක්. ඇත්තටම මේක කොහොමද කරන්න පුලුවන්? ලේසියි. තමන් කරන කියන දේවල් ගැන කෙල්ලව අප්ඩේට් කරලා තියන්න. තමන් අද ඔ‍ෆිස් යනවද, යාලුවෙක්ගේ ගෙදර යනවද, ගෙදර ඉන්නවද කියන එක කියන්න. මේකට පැය බාගෙන් බාගෙට කතා කරන්න ඕන නෑ. හැබැයි කෙයාරින්ග් කියන එක තමයි ඕන කරන්නේ. මෙහෙම කරනකොට දන්නෙම නැතුව කෙල්ල තව තව ආදරේ කරන්න පටන් ගනී මචන්!

4. එයාට ධෛර්යයක් වෙන්න

කෙල්ලෙක් කොයි තරම් ශක්තිමත් වුනත්, එයා කැමතියි තමන් ආදරේ කරන පිරිමියා එයාට ධෛර්යයක් වෙනවට, ශක්තියක් වෙනවට. ඒ නිසාම තමයි මචන් එයා ඔ‍ෆිස් එකේ ප්‍රශ්නයි, ගෙදර ප්‍රශ්නයි, අනාගතේ ප්‍රශ්නයි ඔක්කොම අපිත් එක්ක කියවන්නේ. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ අපි සක්කර දෙයියෝ වගේ හැම ප්‍රශ්නෙටම උත්තර හොයලා දෙයි කියලා නෙවෙයි මචන්. එයා බලාපොරොත්තු වෙන්නේ අපි එයාට හයියක් වෙලා ඉඳී කියලා. හිතට ධෛර්යය ගේන වචනයක් දෙකක් කියයි කියලා. අපි ඇත්තටම කෙල්ල ගැන කෙයාර් කරනවා නම් ඒක අමාරු දේකුත් නෙවෙයිනේ.

5. ආදරේ වචනෙන් වගේම ක්‍රියාවලිනුත් පෙන්නන්න

ගොඩක් වෙලාවට ගොඩක් කොල්ලෝ ආදරෙයි කියලා දවසට සිය පාරක් කියයි. හැබැයි ඒ ආදරේ ක්‍රියාවෙන් පෙන්නන්නේ හරි කලාතුරකින් එකෙක් තමයි. ආදරෙයි කියලා පෙන්නන්න දාස් ගණන් වටින තෑගි බෝග කෙල්ලට දෙන්න ඕන නෑ. හැබැයි කෙල්ලගේ හිතට දැනෙන පුංචි පුංචි දේවලින් ලොකු දෙයක් කරන්න පුලුවන්. එයත් එක්ක ඉන්නකොට එයාට සම්පූර්ණයෙන්ම අවධානය දෙන එක, පුංචි පුංචි ලව් මැසේජ් උදේට නැගිටිනකොට දකින්න තියලා තියන එක, අතින් හදපු තෑග්ගක් දෙන එක වගේ දේවල් විතරක් නෙවෙයි. එයාට අවශ්‍ය මොහොතක අපි එයාලා ගාව ඉන්න එක වගේ දේවල් වලින් ඇත්තටම කෙල්ලට ආදරේ දැනෙනවා. එතකොට කෙල්ල අනිවා ඒ ආදරේ ආපිට දෙන්නේ දෙගුණයකින්!

‍6. රැජිණකට වගේ සලකන්න

නියම ජෙන්ට්ල්මන් පිරිමියෙක්ට මේක නම් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. තමන්ගේ කෙල්ලට එහෙම පිරිමියෙක් හැම වෙලාවකම ප්‍රමුඛස්ථානය දෙනවා. ඒ කියන්නේ ගෑණිට යටත් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි මචන්. ගොඩක් කොල්ලෝ වරද්ද ගන්නේ ඔතන. ඒකෙන් කියන්නේ තමන්ගේ කෙල්ලට තමන්ගේ උපරිම රෙස්පෙක්ට් එක දෙන එක. ඕනම තැනකදී ආදරෙන් වගේම ගෞරවයෙන් සලකන එක. එයාගේ ගෞරවය මුල් තැන තියලා සලකන එක. එහෙම කොල්ලෙක්ව කවදාවත් කෙල්ලෙක් දාලා යන්නෙත් නෑ මචන්.

7. එයා ලෝකෙන් විශේෂම කෙනා කියලා දැනෙන්න දෙන්න

දැකලා තියෙනවද ඔය චිත්‍ර අඳින්න පුලුවන් එවුන් තමන් ආදරේ කරන කෙල්ලව තමන්ගේ චිත්‍ර වලට ඉන්ස්පයර් කරගන්නවා? එතකොට කවි ලියන එවුන් තමන්ගේ කෙල්ල ගැන කවි ලියනවා? බය වෙන්න එපා. දැන් චිත්‍ර පංති යන්න පටන් ගන්න ඕන නෑ. හැබැයි කොල්ලෙක්ට පුලුවන් වෙන්න ඕන තමන්ගේ කෙල්ල තමයි මේ ලෝකේ තමන්ට අම්මා වගේම අනික් විශේෂිතම ගැහැණිය කියලා පෙන්නන්න. ඒක කරන්න පුලුවන් සරලම ක්‍රමය තමයි ගෞරවය, අවධානය සහ ආදරය. තමන්ගේ ගෑණු යාලුවෝ මැද්දට කෙල්ලව ගෙනිච්චොත් හැම වෙලාවේම එයාට අවධානය දෙනවා කියන එක එයාට දැනෙන්න අරින්න. මේ එක උදාහරණයක්. එයාට හැම මොහොතකම ප්‍රශංසා කරන්න. අපිව බලන්න ලස්සනට ඇඳලා එන දවසකදී එයාගේ ඇස් වලට එබිලා “අද ඔයා මාර ලස්සනයි” කියලා අවංකවම කියන්න. එතකොට එයාට දැනෙයි තමන් මේ ලෝකේ ඉන්න විශේෂම කෙල්ල කියලා.


- aniwa.lk 




gossip lanka