රජෙක් උනත් ලෙඩෙක් වෙන්න පුලුවන් ඒ නිසා බර ගැන අනිවා සැලකිලිමත් වෙන්න

1. එච්චර දෙයක් නෙවෙයිනේ?

තමන්ට තියෙන්නට උවමනා ප්‍රමාණයට වඩා කිලෝ කීපයක් වැඩි වුනා කියන්නේ, “අයියෝ ඒක එච්චර දෙයක් නෙවෙයිනේ” කියලා ගණන් ගන්නේ නැති වුනත්, අපි නොසිතන වෙලාවක මේ පොඩි වෙනස, ලොකු හානියක් වෙන්නට ඉඩ තිබෙනවා. මහත් වෙන එක නෙවෙයි ප්‍රශ්නේ
ශරීරයේ මේදය වැඩි වෙන එකයි.

2. අපි මහත උනාට එක්සයිස් කරල ෆිට් එකේ ඉන්නෙ

කෙනෙක් කියන්න පුලුවන් ඇඟ මහත උණාට අපි ඇඟ පත හොඳට හොල්ලලා සෑහෙන එක්සයිස් කරලා ඉන්න උදවිය කියලා. ඒ නිසා අපිට එහෙම සෞඛ්‍යය ගැටලුවක් එන්න විදිහක් නෑ කියල. ඒත් ඇත්තමට තත්ත්වය එහෙමද? ෆැට් උනත් ෆිට් නම් කමක් නෑ කියන කතාවේ ඇත්ත නැත්ත හොයන්න පරීක්ෂණයක් කරල තියනවා තරුණයන් ලක්ෂ 13 දෙනෙක්ව වසර 29ක් පුරා පරික්ෂාවට ලක්කරලා

3. මොකක්ද පරීක්ෂණෙන් ඔප්පු උනේ?

මෙහිදී එකිනෙකාගේ ශරීර ස්කන්ධ දර්ශක සටහන් (B.M.I) ඇසුරෙන් අපූරු අනාවරණයක් කරගැනීමට ඔවුන්ට හැකිවෙලා තියනවා. මේ පරීක්ෂණයට අනුව අඩුවෙන් ව්‍යායාම කරන BMI අගය අඩු පුද්ගලයන්ට වඩා වැඩියෙන් ව්‍යායාම කලත් BMI අගය වැඩි තරබාරු පුද්ගලයන්ට ජීවිත අවදානම වැඩි බවක් තමයි සොයාගෙන තිබෙන්නේ.

4. එතකොට මහතනම් ව්‍යායාම වලින් වැඩක්ම නැද්ද?

මේ මගින් කියන්නෙ ඔබ මහත වූ පළියට ජීවිතේ ගැන බලාපොරොත්තු අතඅරින්න කියල නෙමෙයි. ව්‍යායාම කිරීමෙන් වාසියක් නැහැ කියලත් නෙමෙයි. ඉහල මට්ටමේ ව්‍යායාම වල නිරත වෙන පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙකුට සාපේක්ෂව ජීවිත අවදානම ගත්තහම ඉතා අඩු අගයකයි තියෙන්නෙ. මෙතන ප්‍රශ්නය වෙන්නේ ඔබේ ශරීරයේ තිබෙන මේද ප්‍රතිශතයේ වැඩිවීමයි. මේදය වැඩිවීම හේතුවෙන් ව්‍යායාම මගින් නිපදවෙන හෝමෝන වල බලපෑම අවම වීම නිසායි වැඩියෙන් ව්‍යායාම කලත් මහත කෙනෙකුට එයින් එතරම් වාසියක් නොලැබෙන්නේ.

5. දැන් මේකට විසඳුමක් නැද්ද?

ඇයි නැත්තේ. මෙතැනදී අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනෙ අපේ බඩ අඩු කරගන්න එකට නෙමෙයි. ඒ කියන්නෙ අපේ සමට යටින් තියන මේද ස්ථරය අඩු කරගන්න එකට නෙමෙයි. ඊට වඩා අවධානය යොමු කල යුතු දෙයක් තියනවා. ඒ තමයි අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් වටා තිබෙන භයානක මේදය ඉවත් කරගැනීම. මේ මේද තට්ටුව හඳුන්වන්නේ visceral fat නමින්. මේ නමින් හඳුන්වන මේද තට්ටුව ඔබේ සෞඛ්‍යයට දැඩි අවදානමකට හෙලන්න පුලුවන්. අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මෙන්ම හදවත් රෝග ඇති කරවීමටද මූලික වී ක්‍රියාකරන අහිතකර මේදයක් තමයි මේ visceral fat කියන්නෙ.

6. කොහොමද මේකෙන් මිදෙන්නෙ?


  • යන්න පෝෂණ වේදියෙක් හමුවන්න. ඔබේ ආහාර වේල ප්‍රමිතියකට යුතුව ඔහුගේ අවධානය සහිතව සැලසුම් කරන්න.
  • පෝෂණ වේදියෙකුගෙන් පසුව වරලත් සුදුසුකම් තිබෙන ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගිහින් ඔබේ සෞඛ්‍ය තත්වය පිරික්සීමෙන් පසුව තමන්ගේ ඉලක්කය කුමක්දැයි පවසා එයට ගැලපෙන ව්‍යායාම ලැයිස්තුවක් සලසා ගන්න.
  • මුල්කාලේ ඔබ ව්‍යායාම ශරීර සුවතා මධ්‍යස්ථානයේ අනුදැනුම මත කලත් ඔබ සතුව සිය ව්‍යායාම ගැන දැනුමක් තිබේනම් නිවසේ සිටම කරන්නට පහසුකම් සලසා ගන්නට පුළුවන්.
  • මාසයෙන් මාසය ඔබේ පෝෂණවේදියාව දැනුවත් කරනවා වගේම දිනපතා තමන්ගේ බර ගැන සටහන් තබාගන්න.
  • දින හතේම දවසකට අඩුම තරමින් පැය භාගයක් වත් ව්‍යායාම වල යෙදෙන්න උත්සහ කරන්න. හෘද ස්ඵන්දනය වැඩි කරන වේගවත් ව්‍යායාම වල යෙදීම තමයි වඩාත් සුදුසු (වෛද්‍ය උපදෙස් ඇතිව)
  • මත්පැන් පානය, දුම් පානය, මේද අධික ආහාර ආහාර ගැනීම ආදියෙන් වැළකී සෞඛ්‍යමත් ජීවන රටාවකට හුරුවන්න
  • යහපත් නින්දක් ලබන්න, ආතතියෙන් මිදෙන්න හැම විටම කටයුතු යොදන්න.






gossip lanka