රාත්රී නින්දට යන්නට පෙර ගන්නා ආහාර වේල හැමවිටම සැහැල්ලු ආහාර වේලක් කරගන්න. ඒ ආහාර වේල සැලඩ් එකක්, සුප් කෝප්පයක්, පළතුරක් එහෙමත් නැතිනම් කිරි වීදුරුවක් උනාට කිසිම වැරද්දක් නැහැ. රෑට තෙල් පිටි හෝ සීනි වැඩිපුර තියෙන ආහාරයක් ගත්තොත් නිකම්ම
ඔබේ නින්ද දිගු වේවි. බර ආහාර දිරවීමේ ක්රියාවලිය දීර්ග වීමත් නින්ද දිගු වෙන්න එක හේතුවක් වෙනවා.
2. උදේ කෑම එක රසවත් කරගන්න
එහෙම උනාම ඔබ කලින් දා නින්දට යන්නේ තමන් පහුවෙනිදට ආහාරයට ගන්න බලාපොරොත්තු වෙන රසවත් උදේ ආහාරය ගැන බලා පොරොත්තුවෙන් නිසා, කිසිම ගැටළුවක් නැතිව (අලස බවක් නැතිව) ඔබ පාන්දරින් ඇහැරේවි. නිදි දෙව්දුව තුරුලේ ඉන්නවට වඩා මේ රසවත් කෑම එක ට්රයි කරන එක උදේ පාන්දරම ඔබේ දවස ක්රියාශිලිව ගත කරන්න හොඳ පිටුබලයක් සපයාවි.
3. කෝපි එපා!
කලින් ඇහැරෙන්න උවමනා නම් කලින් දවසේ රාත්රියට කෝපි ළං කරගන්නවත් එපා. කෝපි වලින් අපේ නිදිමත නැති කරලා අපිව අවදියෙන් තියනවා. පරක්කු වෙලා නිදාගත්තම ඉතින් ඇහැරෙන්න වෙන්නෙත් පරක්කු වෙලා තමා. අපි කලින් නැගිට්ටොත් ඉතින් වරදක් නැහැ. හැබැයි ඒ ඇඟේ අමාරුව දවස පුරාම පවතීවි.
4. කලින් නිදාගන්න
මෙන්න මේක නම් නියමම වැඩක්. ඒත් ගොඩක් අය කරන්නේ නැති එක තමා අවුල. බොහෝ අය තමන්ගේ වැඩ කරදරයකින් තොරව කරගන්න කියලා රෑට ඉතිරි කරගෙන පරක්කුවෙලා නින්දට ගියාම ලැබෙන ප්රථිඵලය ගැන ආපහු කියන්න උවමනා නැහැනේ. අපි මොනවා කලත් අඩුම තරමින් අපේ සිරුරට දවසකට පැය 6ක නින්දක් නම් උවමනා ම තමා. ඒ හැටි. එකට කරන්න තියෙන්නේ අපි කලින් නිදාගන්න එකයි. නිදසුනක් විදිහට ඔබට උදේ 5ට ඇහැරෙන්නට උවමනා නම් රාත්රී 9ට විතර නිදාගන්න පුලුවන්නම් කරදරයක් නැතිව උදේ 5 වෙනකොට ඇහැරිලා තියේවි.
5. දවසේ කලයුතු වැඩ බොහොමයක් වේලාසනින් යොදාගන්න
දවසේ කරන්න තියෙන වැඩ වේලාසනින් යොදා ගත්තම අපිට පහසුවෙන් නැගිටින්න පුළුවන්. මොකද අපි දිනය සැලසුම් කරන්නේ පෙර දවසේ නිසා. අපි දිනය එලෙස සැලසුම් කරගත්තම අපේ යටි හිතේ කලයුතු වැඩ ගැන නිතර සිතුවිලි රැඳී තිබෙන නිසා, අපි වේලාසනින් අපේ වැඩ කරගන්න නැගිටවන්න අපේ මනස අපිව පොළඹවනවා.
- aniwa.lk