ගෑල්ලමයෙක්ට හිත ගියාට පස්සේ ඉතින් එයා ගැන විස්තර කාරිය හොයලා, පොඩ්ඩක් දැන ඇඳුනුම්කමක් හදාගෙන, පොඩ්ඩ පොඩ්ඩ යාලු මිත්තරයෝ වෙලා අන්තිමට කොහොම හරි ලව් එකක් දක්වා වැඩේ ගොඩදාගන්න එක සුලුපටු වැඩක් නෙවෙයිනේ. ඒ වගේම තමයි තමන්ට පිළිබඳ සිතක් පෙන්නන කොල්ලෙක් හෙමින් හෙමින් තමන්ට කිට්‍ටු වෙනකොට අකමැතියි වගේ පෙන්නගෙන “ඔයා මට කැමතිද” කියලා
අහනකල් බලාගෙන ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි කොහොමින් කොහොමින් හරි දෙන්නම ලව් එක ගොඩදාගත්තා කියමුකෝ. ඉන් පස්සේ තමයි ඉතින් මල් ගහක් ගහක් ගාණේ පෙම් කවි ලියන කාලේ. අහසින් රෝස මල් පෙති වැටෙන කාලේ. මේ කියන්න යන්නෙ ඔන්න ඔය කාලෙදී තිබුණු, හැබැයි පස්සෙ පස්සෙ ටික ටික අමතක වෙලා යන “ආදරේ වැඩි හින්දයි” සීන් ටිකක්. සමහර වෙලාවට ඔය පරණ කපල් වලට මේක කියෝලා ආයෙමත් “ලව් එක මුල ඉඳලා පටන් ගමුද” ලෙවල් එකට යන්න පුලුවන් වෙයි!
1. කපල් සිම් කපල් සිම්
ඉස්සර වගේ නෙවෙයි, දැන් ෆෝන් තියෙනවනේ පුතා. හැබැයි ඉතින් ෆෝන් තිබුණු පලියට ෆෝන් එකෙන් ලව් එක ඇදගෙන යන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. ඇයි ඕයි ලව් කරන්න ගත්තහම ගාණට කිරල මැනල කතා කරනවා කියලද හිතාගෙන ඉන්නේ. ආයි රෑ එකොළහට පටන් ගන්න මල කඩලා පැක් කරගන්නේ පාන්දර පහට. අන්තිමට බිල රුපියල් පාළොස්දාහයි. ඉතින් අපි වගේ සුට්ටි කොල්ලන්ට කෙල්ලන්ට ඔහොම බෑනේ. ඒ නිසා ගන්නවා කපල් සිම්. දැන් හිතේ හැටියට මල් කඩන්න පුලුවන්.දැන් නිකම් කපල් සිම් කියලා කියනකොටත් මූණෙ හීනියට හිනාවක් ඇඳෙන්නේ ඔය අතීතෙ මතක් වුනහම තමයි.
2. දැක්කත් සනීපයි
මේ ලෙඩේ හැදෙන්නේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සෝෂල් මීඩියා වලදී. ලව් එක පටන් ගත්තු කාලේ කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි ස්ටේටස් අප්ඩේට් එකක් දැක්කත්, ෆොටෝ එකක් දැක්කත් පට්ට ආතල්. ලයික් බට්න් එක ඉබේ එබෙන්නේ. සමහරු ඉන්නවා ලව් එක රහසින් කරගෙන යමු කියලා කතා වෙලා ඉඳලා, කෙල්ල ලස්සන ෆොටෝ එකක් දැම්මහම ගිහින් වාව් කියලා හාට් එකක් දානවා. සමහරු ප්‍රසිද්ධියේම ෆේස්බුක් එකේ ලව් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කෙල්ල දාන ස්ටේටස් එකක කොල්ලයි කෙල්ලයි තරගෙට කමෙන්ට් කරනවා වගේ සීන්.
3. ලව් ලෙටර්
මෙන්න මේක ඔය අලුත් කපල් නං දන්න දෙයක් නෙවෙයි. හැබැයි ඉස්සර කපල් දන්නවා ලව් ලෙටර් එකක තියෙන නියුක්ලියර් පවර් එක ගැන. හරි, දැන් කාලේ ඉතින් කෙලින්ම චැට් නෙ තියෙන්නෙ. ඒ කියන්නේ වට්ස් ඇප්, වයිබර් බැරි නං වෙන ඔය වගේ මැසෙන්ජර් සර්විස් එකක් හරහා චැට් ලයින් හැට හැත්තෑ දාහ මාසෙකට පනිනකල් චැට් කරනවා. හැබැයි පරණ තාලේ කොල්ලෝ කෙල්ලෝ ලව් ලෙටර්ස් හුවමාරු කරගත්තා. ලව් ලෙටර් එකක හිතේ තියෙන හැඟීම් ඔක්කොම ලියන්න ට්‍රයි කරනවනේ. ඉතින් එහෙම ලව් ලෙටර් එකක් කියවනකොට හිතට මාර මෙව්වා එකක් දැනෙන්නේ.
4. ආදරේට කියන නම
දැන් දෙන්නෙක් ලව් කරනකොට ඉස්කෝලේ පංතියේ වගේ නමෙන් කතා කරන්නෙ නෑනේ. ගොඩක් වෙලාවට නමෙන් කතා කෙරෙන්නේ මල පැන්න වෙලාවක විතරයි. අනික් වෙලාවලට පැටියෝ, වස්තුව, මහත්තයා, මැණිකේ, මගෙ දෙයියෝ වගේ පොදු නාම විශේෂණ වල ඉඳලා ඇපල් මල, මසාලා තෝසෙ එක, පැණි පුඩිම වගේ ලස්සන ලස්සන නම් වුනත් එලියට එන්න පුලුවන්. හැබැයි ඔය මොන නමෙන් කතා කලත් ලව් එක පටන් ගත්තු ගමන් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කෙල්ලට හරි කොල්ලට හරි ආදර නමක් සෙට් කරන එක. ඒක ඔය ඕනම කපල් එකක ඇහෙන නමක් වෙන්නත් බෑ. දෙන්නට විශේෂ එකක් වෙන්නත් ඕන. එයාට ගැලපෙන එකක් වෙන්නත් ඕන. හැබැයි ඉතින් එහෙම නමක් සෙට් කරගත්තට පස්සේ ඒ නමෙන් කතා කරනකොට දෙන්නටම දැනෙන ආතල් එක මාරයි.
5. කොන්ටැක්ට් එකේ නම
ඔන්න ඊලඟ ප්‍රශ්නේ. ෆෝන් එකේ එයාගෙ නම සේව් කරන්නෙ කොහොමද කියන එක. නිකම්ම නම විතරක් සේව් කළහම කිසිම ගතියක් නෑනේ. ඒ නිසා සමහරු නමට ඉස්සරහිනුයි පස්සෙනුයි හාට් දෙකක් දාලා නම සේව් කරනවා. තව සමහරු “මයි ලව්”, “මයි ලයිෆ්” වගේ නම් වලින් කන්ටැක්ට් එක සේව් කරනවා. සමහර වෙලාවට අර ආදරේට කියන නමින්, ඒ කියන්නේ “සුදු මැණිකේ”, “මල් කැකුළ” වගේ නමකුත් ඔතනට එන්න පුලුවන්. හැබැයි ආතල්ම සීන් එක තමයි ගෙවල් වලට එහෙම හොරෙන් ලව් එක ගෙනියන කාලේ ඔය වගේ සීන් බෑ. මොකද ෆෝන් එහෙම නිසි බලධාරියෝ ඇවිත් හිටපු ගමන් චෙක් කරනවනේ. එතකොට කෙල්ල කරන්නේ කොල්ලගෙ නම කසුන් නම් කන්ටැක්ට් එක සේව් කරනවා කාන්ති කියලා. වැඩේ ගොඩනේ!
6. පංති කට්
මේක අපි පොදුවේ කියන්නේ හොඳ වැඩක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් අපේ ආදර අතීතේ දිහා හැරිලා බලනකොට එහෙම ඒවා නොවුනා නෙවෙයි. අපි කියන්නේ පංති කට් කරලා පාක් ගියපු, ෆිල්ම් එකක් බලන්න ගියපු අතීතේ ගැන. ගොඩක් වෙලාවට අවුරුදු විසි හතර විසි පහ පැනපු කපල් එකක් නෙවෙයි නං ලව් කරනකොට මුලින් හොරෙන් හොරෙන් තමයි කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට ගෙවල් වලට බොරු දාහක් අතෑරලා තමයි ලව් එක බලන්න එන්න වෙන්නේ. එතකොට ඉතින් එක්කෝ පංතියක් කට් කරන්න වෙනවා. එහෙම නැත්නම් පංතියේ සර්වත් දන්නෙ නැති එක්ස්ට්‍රා පංතියක් වැටිලා කියල ගෙදරට කියන්න වෙනවා. හැබැයි මේක හොඳ වැඩක් කියල නෙවෙයි අපි කියන්නෙ හරිද!
7. ආදර වලි
ලව් එක පටන් ගත්තු කාලේ හින්දා දෙන්නම නිකම් වැනිලා අයිස්ක්‍රීම් වගේ ආතල් එකේ ලව් එක ගෙනිච්චේ නෑනේ. ආදරේ වැඩි හින්දම ඇදෙනවා කෂිලි බිෂිලි. එක්කෝ ඕක පටන් ගන්නේ කොල්ලා පංතියේ ඉන්න දාංගලේ වැඩිම කෙල්ලගේ හිනාවකට රිප්ලයි හිනාවක් දුන්නු නිසා වෙන්න පුලුවන්. එහෙම නැත්තං කෙල්ලගේ ෆෝන් එක පැය ගාණක් වේටින් වුණු හින්දා වෙන්න පුලුවන්. හැබැයි ලව් එක පටන් ගන්න කාලේ තියෙන වලියක් නිකම් සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. අම්මට සිරි වෙන ලෙවල් එකකින් පටන් අරගෙන ෂේප් වෙන්නේ ආදරේ වැඩි හින්දයි කියාගෙන තමයි.
- aniwa.lk
ආදරේ කරන්න පටන් ගත්තු කාලේ මතකද? අමතක නම් මේ කරුණු 7 කියවලා ඒ කාලේ ආයි මතක් කරගමූ
2017-12-22T00:14:00-08:00
Gossip Lanka Hot News