තියාගන්න පුළුවන් දේවල් සහ එහෙම කල් තියාගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැනයි.
1. අච්චාරු දැමීම
වතුර ටිකක්වත් කලවම් නොවෙන්න අච්චාරු දාල තිබ්බොත් හුඟක් කෑම ජාති කල් තියාගන්න පුළුවන්. අමු මිරිස්, සුදුලූනු, රතු ලූනු මේ විදියට අච්චාරු කරලා සති දෙකක් තුනක් තියාගන්න පුළුවන්. සමහර වෙලාවට ඊටත් වැඩිය තියාගන්න පුළුවන්. මෙහෙම අච්චාරු කරල තියාගත්තම අවශ්‍ය වෙලාවට ව්‍යංජනයකට දාන්න වගෙම නිකම්ම බත් එක්ක කන්න වුනත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- අමු මිරිස්, සුදු ලූනු හෝ රතු ලූනු
- තෙල්
- විනාකිරි
- ලුණු
- අබ
- සූදුරු
- අමු මිරිස්, සුදු ලූනු හෝ රතු ලූනු ගැඹුරු තෙලට දමා විනාඩියක් පමණ බැද තෙලෙන් ඉවතට ගෙන තෙල් බේරෙන්න තබා ගන්න.
- මැටි වලඳක් ලිප තබා එයට විනාකිරි, ලුණු, විනාකිරෙන් අඹරාගත් අබ සූදුරු (සම ප්‍රමාණයෙන්) දමා උතුරුවා ගන්න.
- මෙසේ උතුරුවාගත් විනාකිරි මිශ්‍රණයට බැදගත් මිරිස්, සුදු ලූනු හෝ රතු ලූනු දමා මිශ්‍ර කර හොඳින් නිවුණු පසු වීදුරු බෝතලයකට දමා වසා තබන්න. නැවත ගන්නා විට වියළි හැන්දක් පාවිච්චි කරන්න.
2. ඔලිව් තෙලෙහි බහා තැබීම
මේ ක්‍රමයට වම්බටු, මාළු මිරිස්, සුදු ලූනු වගේ දේවල් කල් තියාගන්න පුළුවන්. මේකත් කෙලින්ම කෑමට ගන්න හෝ සාදාගන්නා කෑමකට බාවිතා කරන්න ගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- වම්බටු, සුදු ලූනු හෝ මාලු මිරිස්
- තෙල්
- ඔලිව් තෙල් කප් 2
- විනාකිරි මේස හැන්දක්
- ලුණු ටිකක්
- කෑලි මිරිස් ටිකක්
- වම්බටු හෝ මාලු මිරිස් පෙර සේම ගැඹුරු තෙලේ විනාඩියක් පමණ බැදගෙන තෙල් බේරෙන්න තබන්න. මාළු මිරිස් වල පොත්ත ගලවා දමන්න.
- ඔලිව් තෙල් කප් 2ට, විනාකිරි මේස හැන්දක්, ලුණු ටිකක්, කෑලි මිරිස් ටිකක් දමා මිශ්‍ර කර බැදගත් බටු, මාළු මිරිස් හෝ සුදු ලූනු එයට දමා. උණුවතුරෙන් තම්බා වියලාගත් වීදුරු බෝතලයක දමා ගන්න.
3. අව්වේ වියළීම
මේක නම් අනාදිමත් කාලෙක ඉඳන් එන ක්‍රමයක්. කොටින්ම ගල් යුගයේ ඉඳන් එන කල් තබා ගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමයට ගොඩක් දේවල් කල් තියාගන්න පුළුවන්. තක්කලි, කරපිංචා, කැකිරි, දෙල් , කොස්, කොස් ඇට මේ වගේ නොයෙක් ආකාරයේ කෑම වර්ග තද අව්වේ වියළීමෙන් කල් තියාගන්න පුළුවන්. අව්වේ වියළා කල් තබා ගැනීමේදී මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු පිරිසිදු කඩදාසි
- දැලක්
- කිසි විටෙක පත්තර පිටු උඩ දමා වියලන්න එපා. ඒවාගේ තීන්ත විස සහිතයි. සුදු පිරිසිදු කඩදාසියක් මත එළන්න නැත්නම් කුල්ලක් මත වේලා ගන්න.
- සතුන්ගෙන් හානියක් නොවන අන්දමට වේලා ගැනීමට සැලකිලිමත් වන්න. උඩින් දැලක් එලා වියළා ගැනීම සාර්ථකයි.
- හොඳින් තෙතගතිය ඉවත් වී වේලීමට දින කීපයක් ගත වෙන නිසා එකම කඩදාසියේ වියලන්නේ නැතිව දින පතා වේලීමට දමන කඩදාසි මාරු කිරීමෙන් පුස් වර්ග ඇති වීම වලක්වා ගන්න පුළුවන්.
මස්, මාළු විතරක් නෙවෙයි හුඟක් එළවළු සහ පළතුරු වර්ග වගේම හාල් මැස්සන් කරවල වගේ දේවලුත් අධි ශීතකරණයේ තබා කල් තියාගන්න පුළුවන්.
- අධිශීත කල හැකි ආහාර කීපයක් නම් තක්කලි, නිවිති, මිදි, ඇපල්, කැරට්, මල් ගෝවා, බෝන්චි, ඕනෙම හාල් මැස්සන් හෝ කරවල වර්ගයක්, ඕනෙම කොළ වර්ගයක්. මින්චි වගේ කොළ වර්ගයක උනත් රසය සහ නැවුම් බව රැකගෙන කල් තියාගන්න පුළුවන්.
- අධි ශීතකරණයට කල් තබා ගැනීමට ආහාර තැන්පත් කිරීමේදී ඒවා හොඳින් පොලිතින් කවර වල බහා හුළන් නොවදින ලෙස ආවරණය කිරීම ඉතා වැදගත්.
- ඒවගේම ඔබට ඒ වරකට අවශ්‍යවන ප්‍රමාණ වෙන වෙනම අසුරා තබා අවශ්‍ය ප්‍රමාණය විතරක් එක වර පිටතට ගැනීමෙන් කල් තබා ගැනීමේ කාලය වැඩි කරගත හැකියි.
5. ලුණු දමා වියලා ගැනීම
දෙහි, තක්කලි, සියඹලා, අඹ වගේ දේවල් අතිරික්තයක් පවතිනවා නම් හෝ මිල අඩු කාලෙට මේ විදියට කල් තියාගැනීමෙන් පසුවට ප්‍රයෝජනයට ගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙහි
- ලුණු
- කොච්චි හෝ කෑලි මිරිස්
- දෙහි යුශ
- දෙහි 4ට පලා මැදට ලුණු, කොච්චි හෝ කෑලි මිරිස් දමා, දෙහි වැසෙන තෙක් දෙහි යුශ දමා වීදුරු බෝතලයක තබා තද අව්වේ දින දෙක තුනක් තබා ගන්න.
- තක්කලි හතරට පලා ඇට ඉවත් කර ලුණු දමා තද අව්වේ දින තුන හතරක් වියලා වීදුරු බෝතලයක තබා ගන්න.
- සියඹලා පොතු හැර ලුණු දමා දත අව්වේ දින තුනක් පමණ වියලා ගන්න.
- අඹ කැබලි වලට කපා ලුණු ඉස තද අව්වේ දින තුනක් පමණ වියලා ගන්න.
- aniwa.lk