විශ්වාසය ගැන මේ Quotes ටික කියවලා ආදරය ගැන ආයෙ අලුතින් හිතන්න පටන් ගමුද?

“විශ්වාසය යනු දෙදෙනෙකුගේ ආදරයේ අත්තිවාරමයි.”

ඉස්සර අපි කියවපු ආදර කතා පොතක මෙහෙම කෙනෙක් ලියලා තිබුණා. ආදරයක් ගැන හැඟීමක් වත් නැති කාලේ ආදර කතා කියවද්දී නම් “මේ මොන විකාර කතාවක්ද” කියලා හිතුනට ඇත්තටම අපේ හිත
ආදරයක පැටලුනාට පස්සේ තමයි හිතෙන්න ගත්තේ “අඩේ! අර කතාව කොච්චර ඇත්තද!” කියලා.

ඉතින් මෙන්න මේ වගේ අත්දැකීම් ඔබටත් ඇති පදං ජීවිතේ ඇතුලේ තියෙනවා ඇති. ඒ නිසාම ආදර සම්බන්ධයකදී විශ්වාසයේ ඇති වැදගත්කම ගැන කියවෙන කියමන් කිහිපයක් අද දවසේදී ඔබ වෙතට අරගෙන එන්න අපි කල්පනා කළා.

1. ඇත්ත තිත්තයි නමුත් බොරු රසට වඩා හොඳයි!

සත්‍ය නිසා කෙනෙකුගේ නෙතට උනන කඳුළ, බොරුව නිසා මුවෙහි ඇඳෙන සිනහවට වඩා රසවත් ය.
– පාවුලෝ කොයියෝ

2. එය නොමැති තැන ඔබට ඔබවද අහිමි වී අවසන්ය.

මිත්‍රත්වයකදී වගේ ම ආදර සම්බන්ධතාවකදීත් එය සවිමත් වන්නේ විශ්වාසය හරහායි. විශ්වාසය අහිමි තැන ඔබට ඔබවද අහිමි වී අවසාන සේම ආපසු හැරුණු කල ඒ සම්බන්ධතාවයේ කිසිවක් ඉතුරු වී ද නොමැත.

3. විටෙක සෙමින් වැඩෙන මහා ගසකි එය…

විශ්වාසය උපදින්නට වසර ගණනාවක් යන නමුදු, එය බිඳෙන්නට ගත වන්නේ තත්පරයකි. එනමුත් එහෙව් විශ්වාසයක් යළිත් ඇතිවන්නට ජීවිත කාලයක් ගතවෙන බව නොදන්නා නිසා බොහෝ අය එය තත්පරයෙන් බිඳ ගනිති.

4. එය ආදරයට පමණක් සීමා වුවක් නොවේ…

විශ්වාසය සියලු සම්බන්ධතා වල මුල වේ. එය ආදරයට පමණක් සීමා වූවකියි පැවසීම සාධාරණ නැත.
– ස්ටෙෆනි සිග්මන්

5. එය ඔබ ගන්නා සියලු පියවර වලට මුල වෙයි…

ආදරයක් සොයා ගන්නට ඉවසීම වැදගත් ය. ප්‍රේම සම්බන්ධයකදී සත්‍යගරුක වීම සහ අවංක බව වැදගත් ය. මේ සියල්ල තිබෙනා තැන, බොරුවට වංචාවට ජීවිතයක් නැත..!

6. බොරුව ඇති තැන විශ්වාසයකට ඉඩක් කොහිද?

ඔබ මට බොරු කීම සම්බන්ධයෙන් මම කම්පා නොවෙමි. නමුදු මම වඩාත් ශෝකයට පත් වන්නේ මට ඔබව තව දුරටත් විශ්වාස කල නොහැකි නිසාය.
– ෆ්‍රෙඩ්රික් නිට්ශේ

7. එය ඔබ තුල නොමැති නම් තනිව සිටීම යහපත් ය

ආදර සම්බන්ධයකදී අවංක බව සහ විශ්වාසය එහි මුලික අංග වෙයි. මේ කොටස් නොමැති තැන ආදරයක් කෙලෙස උපදින්නද? ඔබට කෙනෙකු තුල විශ්වාසයක් වත් ඇති කරගැනීමට නොහැකි නම් තනිව සිටීම යහපත් ය.

8. එය නොමැති තැන ආදරය මියෙනු ඇත

ආදර සම්බන්ධයක විශ්වාසය සහ අවංක බව යනු , ජීවිතයට ඔක්සිජන් තරම්ම අවැසි දෙයකි. එය නොමැති සැණින් ආලය මියෙනු ඇති..!!

9. විශ්වාසයෙන් උපදින ආදරය

සැබැවින්ම කෙනෙකුට ආදරය කිරීම යනු යමෙකුට ඔබේ හදවත බිඳින්නට බලයක් ලබා දෙන ගමන්ම ඒ තැනැත්තා කිසිදාක එසේ නොකරාවියැයි විශ්වාස කිරීමයි

10. කිසිදා ඒ බව අමතක නොකරන්න..

විශ්වාසය පැන්සල් ඉරි මකන මකනයක් වැනිය. ජීවිතය නමැති කොලයේ ඔබ කරන වැරදි මකන්නට ගොස්, යම් දිනක එය නොපෙනී නැතිවී යනවා නියතය..!

aniwa.lk




gossip lanka