1. රුචි අරුචි පාලනේ
රටකජු ඉතින් කෑම රුචිය වැඩි අයට එය පාලනයට සුපිරි බෙහෙතක්. වැඩි ගානකුත් නැහැනෙ. ඒ වෙන්නෙ රටකජුවල තියෙන දැඩි තෘප්තකර හැකියාව නිසා ඔබේ බඩ පිරිලා ඇති විත්තිය ඔබට හැඟවීමයි. රටකජු
ස්නැක් එකක් විදියට ගත්තොත් පස්සෙ බත් කන්න ඕන වෙන්නෙ නං ටිකයි. එම තෘප්තකර හැකියාව එහි ඇති මේදය හින්දා සිදු වන දෙයක් නොවෙයි. එයට එහි ඇති සියළු පෝෂණයේ එකතුවක් හේතුවන බවයි දැක්වෙන්නේ. ඒ නිසා බඩත් අඩුවෙනවා.
2. දියවැඩියාවට
දිනපතා රතු මස් ජාති සමග රට කජු ලබාදීමෙන් ඔබේ දියවැඩියාවට 22%ක් දක්වා වැටකොටු බැඳීමට හැකි බවයි පැවසෙන්නේ. කජු හරහා කාබෝහයිඩ්‍රේට අවශෝෂනය පමා කරවන අතර එයින් රුධිරයේ සීනි තත්ත්ව පාලනය සිදුවෙයි.
3. හොඳ හදවතක්
හොඳ හදවතක් තියෙන කොල්ලෙක් කියලා කතාවට කිවුවට ගොඩක් අයගෙ පපුවෙ ලෙඩ. කජු කියන්නෙ හෘදය වස්තුවට නම් ඉතාමත් සනීපදායක ආහාර හොඳයක්. එයින් හදවතේ නිරෝගි බව රැකගන්නවා. එයින් හෘදයාබාධ 35%කින් වැළකෙනවා කියා සටහන් වී තිබෙනවා. ඒ එයින් සිදුවන නරක කොලෙස්ටරෝල් පාලනය නිසායි.
4. පිළිකා මර්ධක
බඩවැල් ආශ්‍රිත පිළිකා යනු ලොව බහුල පිළිකා විශේෂයකි. අවම වශයෙන් සතියකට දෙවතාවක් වත් රටකජු ආහාරයට ගන්නා කාන්තා පිරිසට 57%ක පිළිකා අවධානමකින් මිදීමේ හැකියාව ඇති බව පැවසෙනවා. එය පිරිමින්ට නම් ලබා දෙන්නේ 27%ක අගයක්. පිරිමින්ට ඉතිං දෙගුණයක් කජු කන්නයි තියෙන්නෙ.
5. සෝඩියම් භාවිතය පහලට
සොඩියම් පාලනය කළ පිරිසට ලුණු ආහාරයට ගැනීමේ තහනමක් තිබෙනවා. එහෙයින් රටකජුවල ඇති ලුණු රස නිසා බොහෝදෙනෙකු එය ආහාරයට ගන්නේ නැහැ. නමුත් රටකජු යනු එළෙස සෝඩියම් පාලනය කළ පිරිසටද ඉතා ගුණදායී ආහාරයක්. රට කජු අවුන්සයක ඇත්තේ පාන් පෙත්තකටත්, කුරක්කන් ෆ්ලේක්ස්වලටත් වඩා අඩු ලුණු ප්‍රමාණයක් බවයි දැක්වෙන්නේ. එත් ගන්න පැකට් එකේ රටකජු ලුණු වල ගිල්වා නොමැතිදැයි සලකා බැලිය යුතුමයි!
6. ඇල්සයිමර් තත්ත්ව පාලනයට
නිකොටිනික් අම්ලය අඩංගු ආහාර ගැනීමෙන් ඇල්සයිමර් රෝගී තත්ත්වයට එළැඹීමේ හැකියාව සියයට හැත්තෑවකින් පාලනය වන බව දැක්වෙනවා. ඉතා ඉහල Niacin ප්‍රතිශතයක් ඇති නිසා රටකජුවලටද මෙම හැකියාව ඇති බවයි දැක්වෙන්නේ.
7. පෝෂණේ
රටකජු කියන්නෙ නං ඉතිං තනිකරම පෝෂණේ. ප්‍රෝටීන් වගේම පොටෑසියම්වලිනුත් දැඩි ලෙස සන්නද්ධ නිසා එය අධි සහ අව රුධිර පීඩන, හෘදයාබාධ සහ වෙනත් හෘද රෝගවලටද ඉතා යෝග්‍යයි. ඒවගේම එහි ඇති තන්තුමය තත්ත්වය නිසා එය ආහාර ජීරණ පද්ධතියටද ඉතා යෝග්‍යයි. ගුණාත්මක මේද, මැග්නීසියම් සහ විටමින් ඊ අඩංගු නිසා සිරුරේ අනෙකුත් කටයුතු සේම මාංශ පේෂීන්ටද ඉතා හොඳ පෝෂණයක් මේ හරහා එක් වෙයි.
- aniwa.lk
රටුකජු දින දින වැඩිවැඩියේ… කෑමෙන් සිරුරට සැප ඇතිවේ…
2017-12-28T23:25:00-08:00
Gossip Lanka Hot News
slide|