අපිට වඩාත් වැදගත් වන්නේ අනාගතයවත් අතීතයවත් නොව වර්තමානයයි. ඒ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැනේ. ඉතින් මේ සරල ජීවන ඔවදන ගැන අපි හිතන්නටත් කලින් එක ශාස්තෘවරයෙක් බොහෝ දේශනා කර තිබෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ. උන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ කියමන් වලින්
ජීවිතයේ ගැටළු වලින් මිරිකිලා සිටින ඔබට මොහොතක හෝ සහනයක් ලබාගන්නට හැකි නම් එයයි අනිවා අපේ එකම සතුට.
1. අල්පේච්ඡතාව සතුටේ උපතයි..!
තමන්ට ලැබී ඇති දේවල් පිළිබඳව සෑහීමකට පත් නොවෙන්නා වෙතට කවදාවත් සතුට පැමිණෙන්නේ නැත. – බුදුන්වහන්සේ
2. අමතක කර අවසන් කල නොහැකි අතීතය
සර්පයා තමන්ගේ සම කලින් කලට හැව හරින්නාක් මෙන් අපිදු අපේ අතීතය කලින් කලට අමතක කරමින් සිටින්නෙමු – බුදුන්වහන්සේ
3. සැමට ජීවත් වන්නට අයිතියක් ඇත, අපි ලෝක වාසීන් වෙමු
සියලු සත්වයින් වෙත කරුණාවන්ත වීම, නිවැරදිම ආගම වෙයි. – බුදුන්වහන්සේ
4. අනිත්‍ය බව ලෝ දහමයි
බොහෝ දෙනා අපට මේ ලොවෙන් කවදා හෝ යන්නට වන බව තේරුම් ගන්නේ නැත, මේ සරළ දහම අවබෝධ කරගත් තැනැත්තා නිර්වාණය අවබෝධ කරගත්තේ වෙයි. – බුදුන්වහන්සේ
5. වඩා වැදගත් වන්නේ වර්තමානයයි
අතීතය ගැන දුක්වීමෙන් ද, අනාගතය ගැන සිහින මැවීමෙන් ද ඵලක් නැත. වඩා වැදගත් වන්නේ වර්තමානයේ ජීවත් වීමයි. – බුදුන්වහන්සේ
6. කවදා හෝ ආලෝකය උදාවේ
දිගුකාලීනව සඟවන්නට නොහැකි දේවල් තුනක් තිබේ. ඒ ඉර, හඳ සහ සත්‍යයයි. – බුදුන්වහන්සේ
7. යහපත් බව ජීවිතයේ කොටසකි…
අප යනු අප සිතනා දෙයයි, අප කෙනෙකුට යහපතක් කරනවා යනු අපට යහපතක් කරගත්තා හා සමානය. – බුදුන්වහන්සේ
8. තමන් කෙරෙහි විශ්වාසය තබාගැනීම…
තමන් කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයා, අනුන්ගේ විශ්වාසයත් දිනාගනියි. – බුදුන්වහන්සේ
9. වචන! හොඳින් හසුරවන තරමට ප්‍රතිඵල යහපත් වෙයි
අරුත් විරහිත වදන් දහසකට වඩා, සාමය ගෙන එන එක වචනයක් යහපත් ය. – බුදුන්වහන්සේ
10. යහපත් දිවි පැවැත්ම නිර්වාණයේ රහසයි
කෙනෙක් අට ලෝ දහමින් කම්පා නොවී ධර්මයේ හැසිරෙත් ද, ඔහුට නිවන අවබෝධ වීමේ ඉඩ ඉහළය.
– බුදුන්වහන්සේ
- aniwa.lk
බුදුදහමින් එදිනෙදා ජීවිතයට ආදර්ශ ගෙන දෙන අපූරු කියමන් 10ක්
2017-12-27T22:59:00-08:00
Gossip Lanka Hot News
slide|