වැරදි කිරීම මනුස්ස ගතියක් වුනත් සමාව දීම දේව ගතියක් කියලා අපි අතරේ කියමනක් තිබ්බට සමාව දීමත් මනුස්ස ගතියක්ම තමයි කියලා කොහෙන්දෝ ඇහුවා මතකයි. සමාව කියන්නේ මිනිසුන්ට ඒ තරමටම වැදගත්ම දෙයක්.
ඉතින් මේ තරමටම අපිට වැදගත් වන අපූරු ගුණාංගයක් වන සමාව දීම
ගැන ඔබේ මනස අවදි කරවන කියමන් 10ක් අදත් අනිවා කියමන් තුලින් අපි ඔබ වෙතට ගෙන එන්නේ මෙන්න මේ විදියට තමයි.
1. ප්‍රේමය යනු සමාවයි
ප්‍රේමයෙන් තොර සමාවක් නැති අතර සමාවෙන් තොර ප්‍රේමයක් ද නැත.
2. සාමය හා සමාව නිතර බැඳී පවතින්නකි
අපට සාමයෙන් ජීවත් විය හැකි වන්නේ එකිනෙකාට සමාව දුන හොත් පමණි.
3. විශ්වාසය යනු සමාවට පාලමකි
සමාවක් දිය නොහැකි තැනැත්තෙක් වේ නම් හේ විශ්වාසය නමැති පාලම බිඳදමන තැනැත්තාය.
4. අහිංසක පළිගැනීම
ඔබේ විරුද්ධවාදීන්ට සමාව දීම තරම් ඔවුන්ව රිදවන වෙනත් හේතුවක් නැත.
5. සමාව දීමට තරම් ඔවුන් ශක්තිමත් නොවන බැවිණි
දුර්වලයෙකුට සමාවක් දිය නොහැක, මක්නිසාද යත් සමාව දීම ශක්තිමත් පුද්ගලයින්ගේ ක්‍රියාවක් බැවිණි.
6. මිනිසත්කමේ ගුණාංගයකි
සමාව නැති තැන අපි වනචාරීන් වනු ඇත – ලැරී (ක්ලෝසර් චිත්‍රපටයෙන්)
7. සමාව යනු බලවත් ආයුධයකි
සමාව දීම ආත්මය නිදහස් කරනු ලබයි, එමගින් බිය ඉවත්කරනු ලබයි. සමාව දීම බලවත් ආයුධයක් වන්නේ ඒ නිසායි – නෙල්සන් මැන්ඩෙලා
8. සියල්ලටම පෙර
ඔබට සමාව ඉල්ලන්නට උවමනා නම් ඊට පෙර සමාව දී සිටින්න.
9. හිත හදාගන්නතුරු එය මහමෙරකි
අපට කෙනෙකුට සමාව දීමට නොහැකියි කියා සිතන තාක් සමාව දීම බොහොම අපහසු ක්‍රියාවකි.
10. සමාව එක අතකට ජීවන පන්නරයකි
සමාව දීම අතීතය වෙනස් නොකරන නමුත් එමගින් අනාගතයට යහපත් අත්දැකීම් එක්කාසු කරගත හැකිය.
- aniwa.lk
සමාව දීම කියන්නේ කොච්චර උතුම් දෙයක්ද කියලා ඔබට මේ කියමන් 10 ඇසුවාම වැටහේවි
2017-12-11T01:50:00-08:00
Gossip Lanka Hot News
slide|