ඔහොම කෑවට චුට්ටක් මීට වඩා හිතුව නම් රසම රස ලේසියෙන්ම පාන් වලින් හදාගන්න පුළුවන් කෑම ජාති ඕන තරම් තියෙනව.
1. French Toast Scramble (ෆ්‍රෙන්ච් ටෝස්ට් ස්ක්‍රැම්බල්)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 8ක්
- සිහින්ව කපාගත් කැරට් කප් 1/2
- ලීක්ස් කප් 1/2
- සිහින්ව කපාගත් ළූණු
- තලාගත් සුදු ළූණු
- බිත්තර 3
- කිරි කප් 1/2
- ලුණු
- ගම්මිරිස් කුඩු
- කෑලි මිරිස්
- බටර්
- පාන් ටික කුඩා කැබලි කඩාගන්න. බිත්තර තුන වෙනම බඳුනකට දමා එයට කිරි එක් කර හොඳින් ගෑරප්පුවකින් ගසාගෙන කඩාගත් පාන් වලට දමා කලවම් කරගන්න
- බටර් ටිකක් තෙල් තේ හැන්දක් සමඟ නන්ස්ටික් පෑන් එකක රත් වෙන්න තියන්න. ඒකට සුදු ළූණු, ළූණු සහ එළවළු ටික එකතු කර තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් එක් කරගන්න.
- එයට පාන් සහ බිත්තර මිශ්‍රණය එක් කර අඩු ගින්දරේ බිත්තර වල තෙත ගතිය නැති වෙන තුරු හොඳින් මිශ්‍ර කරමින් පිසගන්න.
2. Bread Wada (පාන් වඩේ)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 5
- චොප් කරගත් ළූණු කප් 1/3
- චොප් කරගත් අමු මිරිස් කරල් 2
- චොප් කරගත් කරපිංචා කොල 7ක් 8ක්
- සූදුරු තේ හැඳි 1/4
- කහ ටිකක්
- මී කිරි හෝ යෝගට් මෙශරින් කප් 1/2
- පාන් පිටි මේස හැඳි 3
- රුලන් මේස හැඳි 2
- රස අනුව ලුණු (පාන්වලත් ලුණු ඇති නිසා ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.)
- පාන් පෙති ටික කැබලි කඩා බ්ලෙන්ඩරයට දමා අඹරාගන්න. එය භාජනයකට දමා එයට ඉතිරි සියළුම ද්‍රව්‍ය එක් කර හොඳින් අතින් අනාගන්න.
- මී කිරි සහ ළූණු වල තෙත ගතිය ඩෝ එක අනා ගැනීමට තරම් ප්‍රමාණවත් මදි යැයි සිතුනොත් පමණක් වතුර ඉතාම ස්වල්පයක් එක් කරගන්න.
- කුඩා කොටස් ගෙන වඩේ හැඩයට අතින් සාදා හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන් වන් පාට වෙන තුරු සාමාන්‍යයෙන් අඩු ගින්දරේ බැදගන්න.
3. Banana & Honey Pan Toast Bread (කෙසෙල් සහ මී පැණි පෑන් ටෝස්ට් පාන්)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 6
- බිත්තර 2
- ඉදුණු කෙසෙල් ගෙඩි 3
- මී පැණි
- බටර්
- කිරි කප් 1/2
- බිත්තර දෙකට කිරි එක් කර ගෑරප්පුවකින් බීට් කර පාන් පෙති මතට දමාගන්න.
- බටර් ටික නන්ස්ටික් පෑන් එකක රත් වෙන්නට හැර එයට කෙසෙල් ටික පෙති කපා දමා ගන්න. කෙසෙල් පෙති වල දෙපැත්තම යන්තම් රන්වන් පැහැ වන තුරු බටර් වල බැදගෙන පෑන් එකෙන් ඉවත් කරගන්න.
- ඒ පෑන් එකටම පොඟවාගත් පාන් අතුරා මද ගින්දරේ තබාගන්න. එක පත්තක් සෙට් උන පසු ප්‍රවේසමෙන් අනෙක් පස හරවා දෙපැත්තම පිස ගෙන පෑන් එකෙන් ඉවත් කරගන්න. පාන් මතට කෙසෙල් දමා එයට උඩින් මී පැණි වත් කර කෑමට ගන්න.
4. Bread Pakora (පාන් පකෝරා)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 4ක් හෝ 5ක්
- තම්බාගත් පොඩි කරගත් තරමක අල ගෙඩි 2
- චොප් කරගත් අමු මිරිස් කරල් 2
- චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 3
- චොප් කරගත් මිංචි කොළ මේස හැන්දක්
- මිරිස් කුඩු සහ ගරම් මසාල තේ හැඳි 1/4 බැගින්
- බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පිටි කප් 1
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- කහ කුඩු තේ හැඳි 1/4
- ලුණු
- වතුර
- පාන් පෙති සහ බැටර් එකට වෙන් කල දේවල් හැර අනෙක් සියල්ල අල වලට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. රස අනුව මිරිස් සහ ලුණු එකතු කරගන්න.
- වෙනම බඳුනක බැටර් එකට අවශ්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. වතුර ටිකෙන් ටික එක් කරමින් තරමක් ඝණකම බැටරයක් සාදාගන්න.
- පාන් පෙති ත්‍රිකෝණාකාර කොටස් එන ලෙස කපා ගන්න. ඉන් එක කොටසක සාදාගත් අල මිශ්‍රණය තවරා තවත් පාන් කොටසකින් වසා අතින් ටිකක් තද කරගන්න.
- මේ පාන් සැන්විච් එක බැටරයේ දවටා රන් වන් පාට වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.
5. Bread Mini Kievs (පාන් මිනි කීව්ස්)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 5
- තම්බාගත් පොඩි අල ගෙඩියක්
- ගාගත් මොසරැල්ලා චීස්
- බිත්තරයක්
- පාන් කුඩු
- චොප් කරගත් පාස්ලි
- ලුණු
- ගම්මිරිස් කුඩු
- අල ගෙඩිය හොඳින් පොඩි කර එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයටම චොප් කරගත් පාස්ලි කොල ටික මිශ්‍ර කර හොඳින් කලවම් කරගන්න.
- පාන් පෙති වල වාටි කපා පාන් පෙත්තක් 4ට කපා ගන්න. එක් කුඩා පාන් කොටුවකට සාදාගත් අල මිශ්‍රණය තවරා ඒ මැදින් චීස් තබා අතින් තද කරමින් කුඩා පාන් බෝල සාදාගන්න.
- බිත්තර සාරු තවරා පාන් කුඩු වල දවටා පැයක් අධි ශීතකරණයේ තබා එළියට ගත් විගස රන් වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.
- aniwa