ඔන්න අපි අද කියන්න හදන්නෙ අමුතු දෙයක්. මේක කසාද බැඳපු පිරිමි ප්රගුණ කළ දෙයක්. එලෙස වටහා ගන්නට නොහැකි වූ පිරිමින් අසරණව සිටින දෙයක්. මෙය වටහාගත් පිරිමින් සිටින කාන්තාවන් සතුටින් වෙසෙන පිරිසක්. මේ කියන්න යන්නෙ කාන්තාවන් තමුන්ගෙ ස්වාමිපුරුෂයාගෙ මුවින් අහන්න කැමතිම කතා ටිකක්. ඉතිං දැන් ඔය කසාද බැඳපු අයියල මෙවුව කියෝල ෂෙයා කරල බුදියගන්නෙ නැතුව
මෙවුවයින් එකක් දෙකක් කියල බාරියාවගෙ හිත කට්ටකුමංජල් කිරීම යහපති!
1. සොරි
මේක පුතේ යුනිවර්සල් වයිව්ස් මයින්ඩ් එක්සල්ටේෂන් වර්ඩ් (UWMEW) එක. එයාගෙ වැරැද්දකට හරි ඔයා සොරි කියනවනම් වයිෆ් කෙනෙක්ට ඇතිවෙන තන්තෝසෙ අති ඉහළයි. අන්න ඒ නිසා වලියක් අතරතුරදි වුනත්, මේක තවත් ඇදගෙන යන්න ඕන නෑ, අද රෑට කඩෙන් කන්න ඕන නෑ, ආයෙත්නං මම සෝෆා එකේ නිදියන්නෙ නෑ කියල හිතන නුවණක්කාර හබියලා මේ වචනෙ අනිවා කියන එක ඇඟට ගුණයි. මොකද මේක ඒ තරමට වයිෆ් කෙනෙක්ගෙ ගිනිගත් හිතට සිසිල් පැන් ඉහින දෙයක්. ඇත්තටම වැරැද්දක් සිද්ද නොවෙච්ච, කේන්ති නොගිය වෙලාවක වුනත් වයිෆ් කෙනෙක් මේ වචනෙ අහන්න ආසයි.
2. ඔයා හරි, මට මීට වඩා හිතන්න තිබුනා
මේකත් පොඩි උණුසුම් වාද අවස්ථාවක එළියට දාන්න හොඳ වදනක්. ඒ වගේම මේකත් වයිෆ් කෙනෙක් තමුන්ගෙ හබියාගෙ කටින් පිටවෙනවට ආසම, පෙරුම් පුරාගෙන බලං ඉන්න වදනක්. ඒ වගේම වයිෆ් කියන දෙයක් ගැන වැඩිදුර හිතන්නම් කියන කාරණේට හබියෙක් ලේසියෙන් එළඹෙන්නෙ නැහැ. ඒ නිසා මේ කතාව වයිෆ් කෙනෙකුට මහාර්ඝයක් වටිනවා. මේක ඉතිං පිස්සෙක් වගේ හැමතිස්සෙම පාවිච්චි කරන්න හදන්න එපා. මේක පාවිච්චි කරද්දි එක පාරක් මේක කියපු බව අමතක වෙන්න දීලා පාවිච්චි කරන එක තමයි නුවණට හුරු.
3. ගිහින් ඇඳුම් ටිකක් ගමු
ඔන්න පුතෝ කතාව. මේක කිවුවට පස්සෙ හාදු වැස්සක් එක්ක රස තේ, ෂෝල්ඩර් මසාජ්, කැන්ඩ්ල් ලයිට් හෝම් මේඩ් ඩිනර් හම්බෙනකොට අපිට පින් දෙන්න ඕන හොඳේ. වයිෆ්ලා ඉතිං ගොඩක් වෙලාවට ෂොපින් කරනවනෙ. හැබැයි මේ ෂොපින්වලට හබියලාගෙ එච්චර කැමැත්තක් නැහැනෙ. වැඩිම වුනොත් හබියලා සල්ලි දීලා නිකං ඉඳීවි. ඒත් මම ඇඳුම් ගන්න යන්න එන්නං, කඩේට වෙලා පැය ගාණක් හිටං ඉන්නං කියල කිවුවම වයිෆ් කෙනෙකුට දැනෙන්නෙ පුදුම සතුටක්.
4. අපි අද කඩෙන් කමුද?
ඔන්න වයිෆ්ලගෙ හිතට සිහිල් සුළං වදින වදන. ඔෆිස්වල වැඩකරලා දෙන්නම ගෙදර ඇවිල්ල ආයෙ රෑටත් උයන්න සිද්ධ වුනාම වයිෆ් කෙනෙක් ඉන්නෙ හිත සතුටෙන් නෙමෙයි. ඉතින් හිතේ සතුටක් නැතුව වයිෆ් කෙනෙක් ඉන්නකොට මේ වගේ සිහිල් වදනක් කනට වැටුනම වයිෆ් කෙනෙකුගෙ ඉහේ මලක් පිපෙන්නෙ ඉබේටමයි.
5. ඔයා හුඟක් මහන්සි වෙලානෙ
මේක තනිකරම ඇප්රිසියේෂන් එකක්. කතාවෙ හැටියට කියන්නෙ ඔෆිස්වල වැඩකරන වයිෆ්ලා ඔෆිස් ඇරිලා ආයෙ යන්නෙත් වැඩට කියලනෙ. ඒ වගේම වයිෆ්ලා රස්සාවක් නොකළත් ගෙදර කරන වැඩ ටිකත් එක්ක ඔට්ටු වෙන එකම ඔෆිස් එකක අයිස් ගහනවට වඩා අමාරු වැඩක් විත්තිය කොයි කවුරුත් දන්නවනෙ. අන්න ඒ නිසා වයිෆ් කෙනෙක්ගෙ මහන්සි වෙච්ච හිතේ ලොකු කැමැත්තක් තියෙනවා එයාගෙ මහන්සිය නිසි පරිදි අගය කෙරෙනවට. ඒ හින්දා මේ වදනට පුළුවන් ඒ හිතේ තියෙන මහන්සි ගින්න මහ වැස්සකින් වගේ නිවලා දාන්න.
6. ෂා අද ලස්සන
ඔන්න පුතෝ කතාව. වයිෆ්ලා හැමදාම තැනකට යනකොට අපි වගේ අල්මාරියෙන් ටකා ටිකා ටුකා කියල ගන්න ෂර්ට් එක හෝ දහය විස්ස කියල ගන්න කලිසම අඳින අය නෙමෙයිනෙ. එයාල හෙන මහන්සියක් වෙලා තමයි තැනකට යන්නෙ. ඉතිං එහෙම යනකොට ඒ අයගෙ හිතේ ජුන්ඩි අවුලක් තියෙනව මෙච්චර මේක මාව දැකලත් ලස්සනයි කිවුවෙ නැහැනෙ කියල. අන්න ඒ අවුල අරින්න හබියෙකුට මේ සුන්දර වචන තුන පිට කරලා දාන එක හරිම ලේසි දෙයක්.
7. දන්නවද අද වැඩක්
මේ වයිෆ්ලා හබියලගෙ කටින් අහන්න කැමතිම දෙයක්. ඒ තමයි එයාල කවදත් කොහොමත් කැමතිම පොඩි පොඩි ගොසිප්ස්. එයාලට ඉතිං මේ ගොසිප් එයාලට අදාලයිමද කියල දෙයක් නෑ. රටේ තොටේ කොහේ හෝ ගොසිප් වුනානං එයාලට ඒ ඇති. අන්න ඒ හින්දා ඔය ඔෆිස් එකේ වෙනදට වගේ නිදාගෙන ඉන්නෙ නැතුව, වටපිටාවට කන දාගෙන ඉඳලා එහෙ ගොසිප් ටිකක් අහගෙන ඉඳලා ඇවිල්ලා ගෙදර ඇවිත් වයිෆ්ට කියන්න.
- aniwa.lk
ඔයාගෙ වයිෆ් ඔයාගෙ කටින් අහන්න කැමතිම දේවල් 7ක්
2017-12-11T00:59:00-08:00
Gossip Lanka Hot News
slide|