තවෙකෙකුට දෙවැනි අවස්ථාවක් දීම ගැන කියවෙන මේ කියමන් ඔබේ ජීවිතයටත් සමීප කරගමුද?

මනුස්ස සම්බන්ධතා ඇතුලේ හිත් රිදවීම් කියන්නෙ හරිම සාමාන්‍ය දෙයක්. පිටස්තරයන් අතින් විතරක් නෙමෙයි, අපේ හදවතට සමීප අය අතිනුත් අපේ හිත් තැලෙන පොඩිවෙන අවස්ථා තියනවා. එහෙම සමහර අවස්ථාවලදී අපි ඒ අයව එකපාරටම අපේ ජීවිතයෙන් ඈත් කරලත් දානව.

ඒ උනත් එහෙම කරන එක හරිද?

මෙන්න මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. එක පාරක් වැරැද්දක් කරලා
අපේ හිත් බිඳලා, අපෙත් එක්ක තිබ්බ බැඳීම හෑල්ලුවට ලක් කරපු කෙනෙක්ට තවත් අවස්ථාවක් දීල දෙවැනි පාරත් එයා ඒ වැඩේම කලොත්? අපිට අපිටම සමාව දීගන්න බැරිවෙයි නේද?

එහෙම කරන්නෙ නැතිව, එයා අවංකවම එයාගෙ වැරැද්ද හදාගෙන ආයෙමත් අපිත් එක්ක අවංකව, ලෙංගතුව වැඩකලොත්? එහෙම කරන්න අවස්ථාවක් නොදෙන එක අසාධාරණයක් නොවේවිද? අවස්ථාවක් නොදෙන එකෙන් අපිට ජීවිතේට වැදගත් පුද්ගලයෙක් සදහටම නැතිවේවිද?

ඒ ගැන ඔබේ කල්පනාව තව දුරටත් ගෙන යන්න උදවු වෙන කියමන් ටිකක් තමයි අපි මේ ගෙන එන්නෙ.

1. එය ඊට වඩා දිගු නොවිය යුතුය

“යමෙකුට ලැබිය යුත්තේ දෙවැනි අවස්ථාවක් මිස තෙවැනි, සිව්වෙනි හෝ පස් වැනි අවස්ථාවක් නොවේ”

2. ධාරණය වැදගත් වේ

“දෙවැනි අවස්ථාවක් දෙන්න. නමුත් පළමු අවස්ථාවේ වූ වරද කිසිදා අමතක නොකරන්න”

3. දුර්වලකමක් නොවේ

“යමෙකුට දෙවැනි අවස්ථාවක් ලබා දෙන්නේ අනෙකාගේ දුර්වලකම නිසා නොව, ඔහු/ඈ තුල ඉතිරි වී ඇති අනෙකාට ඇති ගෞරවය නිසාවෙනි.

4. අනෙකාගෙන් කිසිවිට බලාපොරොත්තු නොවන්න

“ඔබ ඔවුන් හට දෙවැනි අවස්ථාවක් දුන්නාට කිසිවිට අනෙකාගෙන් දෙවැනි අවස්ථාවක් නොලැබේ යැයි සිතා වැඩ කරන්න.”

5. දීමට පෙර

“දෙවැනි අවස්ථාවක් දීමට පෙර ඒ ගැන තෙවරක් සිව්වරක් කල්පනා කරන්න. බොහෝ සතුන්ට ප්‍රවේණිගත ජාන ගති අත්හැරෙන්නේ නැත. මිනිසාද එයින් එක අයෙකි.”

6. වෙනස

“පළමු අවස්ථාව දියෙහි ඇඳි ඉරක් මෙන් වූවාට කම් නැති වුව, දෙවැනි අවස්ථාව ගලේ කෙටූ අකුරක් මෙන් විය යුතු වෙයි.”

7. සංතාපයට පත් නොවන්න

“දෙවැනි අවස්ථාවක් දීමෙන් ඔබ ඒ ගැන කිසි දින දුකට පත් නොවන්න. අඩු තරමින් ඔබ උත්සහ කළා යැයි සතුටට පත් විය හැකිය. ”

8. හොඳ වෙනසක්

“දෙවැනි අවස්ථාවක් නිසා ඔබේ ජීවිතය කණපිට හැරෙන්නට ඉඩ ඇත. නමුත් එසේ වීම පත්කරගන්නේ හොඳ අතටද නරක අතට යන්න තීරණය කිරීම පවතින්නේ ඔබ අතේ ය. ”

9. ඉන් පසුව කිසිත් විශ්වාස නොකරමි

“මම දෙවැනි අවස්ථාවන් විශ්වාස කරමි, නමුත් ඒ විශ්වාසය තෙවැනි අවස්ථාවන් ගැන නොවේ”
– ඩොරෑන් මාර්ටෙල් – GOT

10. අවස්ථාවන් වල වෙනස කල්පයකි

“පළමු අවස්ථාව වැරදී දෙවැනි අවස්ථාවක් ලැබුණු අයට පළමු අවස්ථාව මතකයක් පමණක් වන අතර, දෙවැනි අවස්ථාවක් නොලැබුණු අය පළමුවැනි අවස්ථා වැරදුණු තැන් ගැන සදාකල් තැවෙති. ”

aniwa.lk




gossip lanka