ලවු පටන් අරන් ටික කාලයක් යනකොට ට්‍රැක් එකට වැටුනට මුල් කාලෙ දෙන්නටම දෙන්න ගැන පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ඉතිං. මේ කියන්න යන්නෙ අන්න ඒ අවුල් ටික ගැන. ඒ අවුල් ටික ගැන කියනකොට දැන් ඉතිං හොඳට ඉන්න කපල්වලට අතීතෙ මතක් වෙලා
හිනා යන්නත් ඉඩ තියෙනවා. මොනව වුනත් මේ සටහන ලවු පටන්ගත්තු මුල් කාලෙ හිතේ දෙගිඩියාවෙන් හිටපු සීන් ටිකක් ගැනයි.
1. කිසින් කිසින් කිස් බෝවේ
ඔන්න ඉතිං මුල්ම පාර හම්බවෙලා වෙන්වෙලා යන්න මොහොතකට කලින් කොල්ලට ඕන වෙනවා තමුන්ගෙ පෙම්වතියට උම්මා එකක් දෙන්න. ඒකක් වුනත් දෙන එක මේ දවස්වල ලේසි නැහැනෙ ඉතිං. වටපිටාව කොහොම ගොඩදාගත්තත් කෙල්ල කැමති වෙලා ඉන්න එපැයි. අන්න ඒ නිසා කොල්ලා මුලින්ම හිත දෙගිඩියාවෙන් ඉන්නෙ කිස් කරනවද නැද්ද කියල. මේක ඉතිං බ්ලයින්ඩ් ඩේට් එකත් ඇඳට පෙරලගන්න තරමෙ ඇමරිකාවක් නෙමෙයිනෙ තාම.
2. මේ ෂර්ට් එකට මෙයා කැමති වෙයිද?
ඔන්න ඉතිං කොල්ලට කෙල්ල ගන්නව තෑග්ගක්. කොල්ලා නිතර අඳින විදියෙ ෂර්ට් මොනවද කියල හොයලා බලලා ගන්නව ඒ විදියෙම වෙනස් ලස්සන ෂර්ට් එකක්. ගත්තට මොකද ඉතිං කෙල්ලගෙ හිත දෙගිඩියාවෙන්. පිටස්තරයෙකුට වගේ ගිෆ්ට් වවුචර් දෙන්නත් බැරි නිසා ගත්තු ෂර්ට් එක අවුල් යයිද? කොල්ල කැමති වෙයිද? සයිස් හරිද? එයාගෙ හිතට ගාණ මදි වෙයිද? වගේ දාහකුත් දේවල් හිතෙනවා.
3. පුංචි අම්මල අපිව දකියිද?
ලවු කරන මුල් කාලෙ දෙන්නගෙම හිත දෙගිඩියාවෙන් තියන දෙයක් තමයි මේ. ඒ තමයි දන්න අඳුරන ඕප මල්ලක් අපිව දකියිද කියන බය. ඇත්තටම ඉතිං මේක මහා භයංකාර බයක්. මොකෝ ඉතිං අතින් අල්ලන් පාර පනිනව දැක්කොත් ගිහින් කියන්නෙ ගබ්සා මධ්‍යස්ථානෙක ටෝකන් එකක් අරං වාඩිවෙලා හිටපු ගාණටනෙ. අන්න ඒ නිසා හිත ෆුල් බයෙන් තිබ්බෙ.
4. අම්මල හඳහන් බලනව කියල දැනගත්තොත් මෙයාල අවුල් යයිද?
දැන් ඔය ගෙවල්වල අම්මල තාත්තලගෙ පාරම්පරික විශ්වාස තියෙනවනෙ. ඇත්තට ලවු කරද්දි ගෙවල්වල අය මොනව හෙවුවත් අවුලක් නැති මූඩ් එකේ තමයි කට්ටිය ඉන්නෙ. ඒත් ඉතිං පටන්ගත්තු අලුතම කෙල්ල බයයි ලවු එක ගෙදරට මාට්ටු වෙලා ගෙදරින් හඳහන් ඉල්ලයිද කියල. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. කොල්ලා හඳහන් බලනවට විරුද්ධ කෙනෙක් වුනොත් ඒ ලව එතනින්ම ඉවර වෙන නිසායි.
5. අපේ ගෙදරට වාහනයක් නෑ කියල මෙයා අවුල් යයිද?
අනිත් කේස් එක තමයි ආර්ථික සම්බාධක. හැමදාම කෙල්ලව බස් හෝල්ට් එකට ගෙනත් දාන්නෙ ඇලියන් එකකින්. එදා අයියා එක්ක ආව කිවුව දවසෙ ගෙනල්ල දැම්මෙ වෙසල් එකකින්. ඉතිං ඔහොම වෙද්දි මුළු ගෙදරටම මෝටර් සයිකලයක් විතරක් තියෙන කොල්ලගෙ හිතට හීන් අවුලක් එනවා තමුන්ට වාහනයක් නැති නිසා කෙල්ල අවුල් යයිද කියලා.
6. මං බොනව කියල මෙයාට කියනවද? නැද්ද?
ඉඳලා හිටලා හෙමීට අඩියක් ගහන කොල්ලෙකුට තමුන් ගැන මහා වරදකාරී පාපතර බේබදු හැඟීමක් ඇති වන අවස්ථාවක් විදියට තමුන්ගේ බීම පිළිබඳ කෙල්ලට ප්‍රකාශ කරනවාද නැද්ද කියන දෙගිඩියාව හිතේ ඇති වෙන අවස්ථාව දක්වන්න පුළුවන්. අයි ඉතිං නොකියා ඉන්නත් අවුල්. කියල අවුල් වෙයි කියල බයට කියන්නත් අවුල්.අන්න ඒ වගේ හිත කූල් වෙලා යන සිතුවිලි ලවු පටන්ගත්තු මුල් කාලෙ ඕනතරං තියෙනවා.
- aniwa.lk
කොල්ලයි කෙල්ලයි සෙට් වෙච්ච අලුත දෙන්නගෙ හිත්වල තිබ්බ බයවල් 6ක්
2017-12-07T23:27:00-08:00
Gossip Lanka Hot News