සිහිනයක් වගේ දැනෙන අතීතය ගැන කාලය ගත කරමින් කල්පනා කරලා මොකටද? අපි දන්නවා අපේ යාළුවො ගොඩ දෙනෙක් අතීතයේ තමන් කල විවිධ දේවල් ගැන කල්පනා කරමින් දුක් වන බව. ඒත් එහෙම කල්පනා කරලා ඇත්තටම මොකටද? ඒ ගැන කල්පනා කරලා හිත හදාගන්න අපහසු නම්, මේ කියමන් 9 කියවලා බලන්න.
ඔබ අතීතය ගැන කල්පනා කරන්නට ගත කල කාලයෙන් පලක් වුනාද
නැතිදැයි අවබෝධ කරගන්නට එයම ප්‍රමාණවත් වේවි.
1. එකම එක නීතියයි…
අතීතය ගැන වදවී පලක් නැත. මක්නිසාද ඔබට එය නිවැරදි කරන්නට හැකියාවක් නොමැති බැවිණි. නොපමාව ඔබේ අනාගතයේ වැරදි නොවීමට වග බලා ගන්න.
2. මාර්ග දෙකකි, ඉන් එකක් තෝරා ගැනීම ඔබේ කැමැත්තකි…
ආදර සම්බන්ධයක වාර්තමානයේ සිටින ඔබට ඉදිරියෙන් ඇත්තේ මාර්ග දෙකකි. ඒ අතීතය සහ අනාගතයයි. අතීතයේ ලතැවී එක තැන සිටිනවාද, අනාගතය තෝරාගෙන ඉදිරියට යනවාද යන්න ඔබේ තීරණයකි.
3. හොඳම උදාහරණය
සින්ඩරෙල්ලා ආපසු පැමිණ සපත්තුව අහුලා ගත්තා නම් ඈ කවදාවත් කුමාරියක වන්නේ නැත. අතීතයට යන්න දෙන්න. අනාගතය වැළඳ ගන්න.
4. එය එසේ නම් වෙහෙසෙනු කුමට?
හැරී බැලූ විට දෙස අතීතය – ඇත්තේ වේදනාවක් දුකක් නම්
කුමට රිදවා ගනුද හදවත – සෞම්‍යවත් අනාගතයක් ඇති කල
5. අප යා යුත්තේ ඉදිරියටයි!
අතීතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇත්තේ පසුතැවීම් පමණක් නම්, ඒ දෙස නැවත හැරී බලන්නේ කීම? ජීවිතය ඇත්තේ ඉදිරියට යාමට මිස නැවත නැවත හැරී බලමින් ශෝක වී කාලය කා දැමීමට නොවේ…
6. හොඳම ටික ඉස්සරහට…
ජීවිතය නමැති මහා සංචාරයේ හොඳම කොටස වන්නේ ඔබ පසු කරගෙන ආ කොටස් නොව අනාගතයේ ඔබට මුහුණ දීමට ඇති දේ ය. නොපමාව සුදානම් වන්න.
7. විටෙක ඔබට හොඳම දෑ මග හැරෙන්නට ඉඩ ඇත
අතීතය දෙස බැලීම, ඒ ගැන කල්පනා කිරීම එතරම් සුභ දායක නැත. සමහර විට ඔබේ අනාගතය වෙත එන සමහර සුන්දර දේවල් ඒ නිසා මග හැරෙන්නට ඉඩ ඇත.
8. අතීතය සැමරීමට දිනයක් එනු ඇති… එතෙක් ඉවසන්න
මම මගේ අතීතය මතක් කිරීමට වෙහෙසෙන්නේ නැත. ඒ මක් නිසාද යත් මා විශ්‍රාම ගිය පසු ඊට ඇති තරම් කාලය ඇති නිසා. ඒ දිනය උදා වන තුරු මා කලයුත්තේ අනාගතය කෙලෙස විය යුතුදැයි සිතා ඊට සුදානම් වීමයි.
– ලයනල් මෙසී
9. හැමවිටම පාඩමක් කරගන්න.
මම මගේ අතීතයට ගොස් පරණ “මම” වන්නට කිසිදා උත්සහ නොකරමි. මම හැමවිටම අතීතයෙන් උගත් පාඩම් නිසා අනාගතය කෙසේ වියයුතු දැයි මනසින් හදාරන්නෙකු වෙමි.
10. නව පිටුවක් පෙරළන්න
ඔබට ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළන්නට අවශ්‍යනම් ඔබ කල යුත්තේ පැරණි පරිච්ඡේදය නැවත නැවත කියවීම නැවැත්වීමයි
- aniwa.lk
අතීතය දෙස හැරී නොබලා අනාගතය සාර්ථක කරගන්නට මේ කියමන් 10 දෙන උත්තේජනය පුදුමාකාරයි
2017-12-23T01:29:00-08:00
Gossip Lanka Hot News
slide|