විවාහය කියන අකුරු හතරට විවිධාකාර අරුත් ලබා දෙන්න පුළුවන්. උඩරට හෙල කුල සිරිතට සැරසෙන මනාලියකගේ හිස පලඳින තැල්ලට අනුව දෙමගක ගිය දෙදෙනෙකු ඉර හඳ පවතින තුරා එක මගක යන්නට නෑසිය පිරිවර ඉදිරියේ ගිවිසා ගැනීම විවාහයයි. තුන් තැල්ල දැන් එක එක මෝස්තරෙන් ආවත් නිවැරදි සහ සම්ප්‍රදායික තුන් තැල්ලෙන් කියවෙන්නෙ එහෙම අරුතක්.
ඉස්සර තිබුණ විවාහ චාරිත්‍ර වලට කෙසේ වෙඩින් එකක් කරගන්න බැරි උනත් පිලිවෙලකට වෙඩින් එක
ප්ලෑන් කරගන්නෙ කොහොමද කියල නම් අනිවා අපි කලින්ම කියල දුන්නා. ඉතින් අපි අද මේ කියන්න හදන්නෙ ක්‍රමයෙන් ගිලිහිලා යන අපේ සිංහල මංගල චාරිත්‍ර ගැන. සම්ප්රදාය රැකගෙන විවාහයක් සිදු කරන්න කැමති අයට මේ සම්ප්‍රදායන් ගැන දැනගන්න එක අනිවා වැදගත් වේවි.
මේ ලිපියේ එන පෝරුව චාරිත්‍ර ක්‍රම පළාතෙන් පළාත අනුව වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් පළාත් වල සිදු කෙරෙන පිළිවෙලත් තවත් පළාතක සිදු කෙරෙන පිළිවෙලත් හාත්පසින්ම වෙනස් අවස්ථා දැකගන්න පුළුවන්.
1. පොරොන්දම් බැලීම
පොරොන්දම් ගැලපුනා නැතා දැන් නම් ආදරේ කරන දෙන්නෙක් විවාහ වෙන්න හිතුවොත් ඒක ගලපගෙන හරි විවාහය කරගන්නව. ප්‍රේම විවාහයක් හෝ වේවා යෝජිත විවාහයක් හෝ වේවා සම්ප්‍රදායට අනුව නම් පළමු සිරිත මංගල්‍යට පෙර පොරොන්දම් බලන එක. පොරොන්දම් බලනව කියන්නෙ දෙන්නාගේ හඳහන් වල ග්‍රහයන්ගේ ගැලපීම බැලීමයි. මෙතනදි ගැලපීම ප්‍රතිශතයක් විදියට තමා ප්‍රකාශ කෙරෙන්නෙ. බොහෝ දුරට 50%කට වැඩි ගැලපීමක් වඩාත් සුදුසු ලෙස සලකනව. පොරොන්දම් කියන වචනයේ අරුත පෙර උන් දම් එහෙමත් නැත්නම් විවාහ වන දෙදෙනා පෙර ආත්මබව වල මොන ආකාරයේ සබඳතාවක් තිබුන දෙන්නෙක්ද කියන අර්ථය දෙනව.
2. නැකත් බැලීම
දැන් කාලෙ නම් නිකම්ම නැකත් බලල නැකත් කොලේ සාක්කුවේ දාන් එන එක තමා වෙන්නෙ. වෙඩින් එක දවසට කලින් දා තමා නැකත් පත්තරේ බලන්නෙ. සම්ප්‍රදායානුකූලව නම් පොරොන්දම් ගැලපීම සිදු කලාට පස්සෙ මංගල්‍යට නැකත් බැලීම මනාල පාර්ශවයෙන් සිදු කෙරෙන දෙයක්. නැකත් පත්‍රය මනමාලියගේ නිවසට ගෙන යෑම සිදු කෙරෙන්නෙ මනාලයාගේ මව සහ පියා විසින්.
3. ආරාධනා කිරීම
නැකත් බැලුවට පස්සෙ පළමු නැකතට අනුව පවුලේ වැඩිහිටියෙක්ට බුලත් දී මංගල්‍යට ආරාධනා කිරීම තමා සම්ප්‍රදායානුකූලව චාරිත්‍රය. සුදු රෙදි කඩකින් ආවරණය කරපු බුලත් හෙප්පුවක් මේ ආරාධනාවට අරන් යන්න ඕන. ඒ නිවසින් මගුලට සහභාගි වෙන පිරිස් අනුව බුලත් කොල ආරාධිතයා විසින් ඉවත් කරගන්නව. චාරිත්‍රයට අනුව පළමු ආරාධනාව ලබන්නා පුංචි සංග්‍රහයකුත් සූදානම් කරනව. ඇතැම් විට ආශිර්වාදයක් ලෙස ත්‍යාගයක් ලබාදෙන අවස්ථාත් තියෙනව. තවමත් යාළු මිත්‍රාදීන්ට ඉන්විටේශන් කාර්ඩ් දුන්නට පවුලේ ළඟම ඥාතීන්ට ආරාධනා කරන්නෙ බුලත් පිරිනමල.
- aniwa.lk
පැරණි සිංහල චාරිත්‍ර වලට අනුව ඔබේ වෙඩින් එක් ප්ලෑන් කරගන්නේ මෙහෙමයි
2017-12-04T02:20:00-08:00
Gossip Lanka Hot News
slide|