සෑම උදෑසනකම ජලය සමග ලෙමන් යුෂ පානය කළොත් ලැබෙන ප්‍රතිඵල මෙන්න

කෑම නැතුව දින කිහිපයක් සිටියත් වතුර නැතුව වැඩි වේලාවක් සිටීම අපහසුයි. අපේ ශරීරයේ පැවැත්මට ජලය ඒ තරම් අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම අපගේ ශරීරයේ නීරෝගීමත්භාවයටත් ජලය අත්‍යවශ්‍ය සාධකයක්. ජලය සහිත ලෙමන් යුෂ ඔබේ ශරීරයේ විවිධ අසමතුලිතතාවලට සහනය ලබා දෙනවා.


වැඩි බර අඩු කිරීමට
ලෙමන් මගින් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කෙරෙනවා. ලෙමන් අඩංගු ජලය තුල අන්තර්ගත වන පෙක්ටීන් මඟින් ආහාර පාලනය කිරීමක් සිදු කෙරෙනවා.

ප‍්‍රතිශක්තීකරණ හැකියාව අැති කිරීමට
ලෙමන් තුළ ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයක් තිබෙනවා. ලෙමන් තුල අන්තර්ගත වන ප‍්‍රතිබැක්ටීරියාකාරක හා ප‍්‍රතිවෛරස නිසා ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමෙන් නිතර හැදෙන කැස්ස සහ සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් මිදෙන්න පුළුවන්.

කුරුලෑ සුව කිරීමට
ඔබට බොහෝ සිත් පීඩා දෙන කුරුලෑ සුව කර ගන්නට උදෑසන ලෙමන් යුෂ පානය කිරීමෙන් හැකියාව ලැබෙනවා.

මළ බද්ධය පාලනයට
ලෙමන් යුෂ පානය කිරීම බහිශ‍්‍රාවීය ක‍්‍රියාවලියට උපකාර වෙනවා. ආහාර ජිර්ණය වේගවත් කරන අතර මල බද්ධය වැනි රෝග තත්වයන් සුවකර ගත හැකි වෙනවා.

වකුගඩු වල ගල් හා මුත්‍රාශ ගල් පාලනයට
ලෙමන් තුල අන්තර්ගත වන පොටෑසියම් ප‍්‍රමාණය මගින් මුත‍්‍රාශයේ “citrates”ප‍්‍රමාණය වැඩිකර “oxalate” වලකා වකුගඩු වල ගල් සෑදීම පාලනය කරනු ලබනවා. ඒ වගේම ලෙමන් යුෂ පානය කිරීම මගින් මුත‍්‍රාශයේ ගල් ද පාලනය වෙනවා..

සන්ධි වේදනාවට සහ ඉදිමුමට
ලෙමන් පානය කිරීමෙන් මගින් සන්ධිවලින් යූරික් අම්ලය ඉවත් කර ගැනීම සදහා උපකාරයක් ලබා දෙනවා ආතරයිටිස් රෝගය වැළදුණු පුද්ගලයන්ට පවා ලෙමන් පානය ඉතා සුදුසුයි.

සමේ ආසාදනයන්ට
සමේ ආසාදන වලටත් ලෙමන් අඩංගු ජලය පානයෙන් ඉක්මන් සුවයක් ලැබෙනවා.

නියපොතුවල සෞඛ්‍යය පවත්වා ගැනීමට
ලෙමන් මගින් නිය සවිමත් කරන අතර නිය මත ඇති වන නියමල් ඇති වීම වළක්වනවා.

මාංශ පේශීවල වේදනාවන් සමනය කිරීමට
මස්පිඬු පෙරළීම හා තැලීම නිසා ඇතිවන වේදනාවන් වලට ද ලෙමන් අඩංගු ජලය පානයෙන් විශාල සහනයක් ලැබෙනවා.

ආහාර විෂවීම හා ඇල්කොහොල් ආසාදනවලට
ඇල්කොහොල් නිසා සිරුරට ඇති වන අපහසුතා අඩු කරන්නට ලෙමන් පානය යොදා ගත හැකියි. ආහාර විෂවීම හා ආසාදන නිසා සුව වෙමින් සිටින රෝගීන්ටද ලෙමන් පානයෙන් මනා සුවයක් ලැබෙනවා.
gossip lanka