ආයුර්වේදයේ කිරි මව ලෙසින් හඳුන්වන මුරුංගා කොළවලින් හදන රුව වඩවන සත්කාර

ආයුර්වේදය තුළ බහු කාර්ය ශාකයක් ලෙස මුරුංගා ශාකය හඳුන්වනවා. මුරුංගා ශාකය තුළ විටමින් B, D, යකඩ, කොපර්, පොස්පරස්, කැරොටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම් ආදී පෝෂක සංඝටක රාශියක් අන්තර්ගත වේ.


විශේෂයෙන්ම මුරුංගා යනු විසබීජ නාශක ගුණය ඉහළ ශාකයකි. ශරීරයේ සුව නොවන තුවාල, දද, කුෂ්ඨ ඉක්මනින් සුවකළ හැකි ගුණය ඉතා වැඩිය. එමෙන්ම ශරීරය සිසිල් කිරීම, සම පැහැපත් කිරීම, ඇස් පෙනීමද වර්ධනය කරයි. ශරීරය ඉතා උෂ්ණාධික පුද්ගලයන්ට මුරුංගා කොළ මැල්ලුම ඉතා ගුණදායකය.

මුරුංගා ශාකය ආයුර්වේදය තුළදී “ධාත්‍රී (කිරි මව) යන නමින් හඳුන්වනවා. එනම් මුරුංගා ආහාරයට ගැනීමෙන් ලේ වනවන අතර කිරිදෙන මවුවරුන්ට ඉතාම සුදුසු ආහාරයකි.

මස්, මාළු, කිරි, බිත්තර ආදී ආහාරවලට වඩා ප්‍රෝටීන බහුල ආහාරක් ලෙස මුරුංගා සැලකේ.

මෙවැනි අධි ඔෟෂධීය ගුණ ඇති මුරුංගා ශාක පත්‍ර භාවිතයෙන් නිවෙසේදී සාදාගත හැකි මෙම රූපලාවණ්‍ය සත්කාර කිහිපය ඔබට ඉතා ප්‍රයෝජනවත් වේවි.

සෝදා පිරිසුදු කරගත් මුරුංගා කොළ ස්වල්පයක් වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. (බ්ලෙන්ඩර් කර ගැනීම තුළින් පෝෂණ කොටස් විනාශ වන හෙයින් බ්ලෙන්ඩර් කිරීම උචිත නොවේ) එයට එළකිරි හෝ මීකිරි මේස හැඳි 2ක් එක්කර පේස්ට් එක සාදා ගන්න. එය ශරීරයේ ආලේප කර විනාඩි 20ක් පමණ වේලාවක් තබා සෝදා හරින්න.

මුරුංගා කොළ Dry Powder මේස හැඳි කිහිපයක් ගන්න. (මුරුංගා පත්‍ර අව්වේ වේළා බ්ලෙන්ඩර් කර ර්ථීධඹඤඥප සාදාගත හැකිය) එයට එළකිරි මේස හැඳික් පමණ එකතු කර පේස්ට් එකක් සාදා ගන්න. (Powder  සඳහා ජලය පමණක් වුවද එක්කරගත හැකිය) එය මුහුණේ ගල්වා විනාඩි 15ක පමණ කාලයක් තබා සෝදා හරින්න. එම ආලේපනය සතියකට දෙවතාවක් කිරීම තුළින් මුහුණේ සම පෝෂණය වේ. එනම් මුහුණේ මාංස පේශී, සෛල, ස්නායු, උත්තේජනය කිරීමක් මෙමඟින් සිදුවේ.

මුරුංගා Dry Powder තේ හැඳි දෙකක් පමණ ගෙන තේ පානය කරන ආකාරයට උදේ සවස පානය කරන්න.

මුරුංගා කොළ අඩංගු විටමින් C, B, බීටා කැරොටීන්, ප්‍රෝටීන් මඟින් ඔබගේ ශරීරය අභ්‍යන්තරයෙන්ම පෝෂණය කරයි. ඒ තුළින් සම පැහැපත් වීම, ලේ පිරිසුදු වීම, සම ප්‍රාණවත් වීමක් සිදුවේ.

දිනුෂා මනෝරි නිශ්ශංක
gossip lanka