බඩවැල් පිළිකා මාස 2කින් මාංශ පිළිකා මාස 4කින්.... පිළිකාව සුවකරන්නේ මෙහෙමයි !

රෝගී වූ පුද්ගලයෙකු සුවපත් කිරීම ඉතාම උතුම් පින්කමකි. අප බුදුරජාණන් වහන්සේ පවා ගිලනුන්ට උවටැන් කොට නිරෝගීභාවයට පත්කළ ආකාරය අප අසා ඇත. ඉතාම ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන හෙළ වෙදකමෙන් දස්කම් විස්කම් පාන ජීවකයෙකු මහනුවර මාවිල්මඩ ප‍්‍රදේශයෙන් අපට හමුවිය. එතුමා සෑසී සිංහලේ ඔසු වෙද මැදුරේ අධිපති මහානාම ඒ. හපුගොඩගේ මහතාය.
කන්ද උඩරට මාතලේ ප‍්‍රදේශයේ ඉපිද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප්සතර හදාරා හෙළ වෙදකම තුළින් දෙස් විදෙස් ජනතාවගේ ජනාදරයට පාත‍්‍ර වූ ජීවකයෙකි. ජ්‍යොතිෂය, නක්‍ෂත‍්‍රය, වෙදකම යන ති‍්‍රවිධ අංශයෙන්ම නිපුණතාවයට පත් මහානාම ඒ. හපුගොඩගේ මහතා අද සමාජයේ දක්නට ලැබෙන බරපතල රෝගයක් වන පිළිකා රෝගීන්ට නිරෝගිභාවය ලබාදීම පිළිබඳ පැවසුවේ ඉමහත් සතුටිනි.

පිළිකාව යන වචනය ඇසීමෙන් පවා අප තුළ ඇතිවන්නේ බියක් හා තැතිගැන්වීමකි. ඊට හේතු වී ඇත්තේ පිළිකාව වැනි රෝගී තත්ත්වයකදී පුද්ගලයෙකුට විඳීමට සිදුවන දුක්ඛදායි කටුකභාවය හා ජීවිතයට ඇතිවන තර්ජනාත්මක භාවයයි. පිළිකාව සුව කළ නොහැකි රෝගයක් ලෙස බහුල මතයක් සමාජය තුළ පවතී. ඒ නිසාම පිළිකාවක් සෑදුනු කෙනා සමාජයෙන් සැඟවී සිටීමට උත්සාහ කරයි.

අද බොහෝ දෙනෙකුට පිළිකා සෑදීමට හේතු වී ඇත්තේ අප කන - බොන ආහාරවල පවතින විෂ සහිත බව, වායු දූෂණය හා පරිසර විනාශය, ස්ථුලභාවය, වැරදි චර්යාවන්, දුම්පානය, බුලත්විට කෑම, මත්පැන් පානය හා පාරම්පරික ජානමය තත්ත්වයන් ආදී කරුණු පිළිකා රෝගය වැලඳීමට බෙහෙවින් ඉවහල් වේ.

මාංශ පිළිකා, ලේ පිළිකා, ගඩු පිළිකා, ඇට පිළිකා ලෙස කොටස් හතරකට බෙදා වෙන් කළ හැක. ඇට පිළිකා සුවකිරීමට අපහසුවන අතර, ගඩු පිළිකා (බඩවැල් පිළිකා* මාස 2 ක් වැනි කෙටි කාලයකින් සුවකළ හැකිය. මාංශ පිළිකා මාස 2 ක් හා 4 ක් වැනි කාලයකදී සුව කිරීමට හැකිය.

තවත් පිළිකා වර්ගයක් වන සමහර රෝගීන්ගේ උගුර හිරවීම, වචන පැටලීම, හුස්ම ගැනීමේ අපහසුතාවය හා කෑම ගැනීමේදී හිරවීම වැනි දේ ඇතිවිය හැකිය. කෑම හිරවීම වැනි රෝග ලක්‍ෂණ තිබේ නම් එය පිළිකා තත්ත්වයක් හෝ නොපැතිරෙන පිළිකාවක් ලෙස බොහෝ වෛද්‍යවරු හඳුනාගන්නා අතර බොහෝ විට තෛරොයිඞ් ග‍්‍රන්ථිය ඇතුළු එම ප‍්‍රදේශය ඉවත් කර දැමීමෙන් තෛයිරොයිඞ් පෙති ගැනීම ජීවිත කාලය පුරාවටම අවශ්‍ය වන අතර, මෙම රෝගී තත්ත්වය 100% ක්ම සුව නොවන බැවින් එම රෝගීන් අප වෙත පැමිණි විට මා කරන ප‍්‍රතිකාරයෙන් විනාඩි 20 කදී පමණ එම රෝගියාට විශාල සුවයක් දැනෙනවා. ඉන්පසු බෙහෙත් ඖෂධ පස් වතාවක් පමණ ගැනීමේදී එම රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් වේ. එම පිළිකා තත්ත්වය ඉතාම පහසුවෙන් හා ඉතාම කෙටි කලකින් සුවකළ හැකි පිළිකා වර්ගයකි. පුස්කොල පොත් වල ඇති වටිනා ඖෂධ වට්ටෝරු වලින් සකස් කරන ලද ඖෂධ මා විසින් සකස් කොට රෝගියාට ලබාදෙනවා. ඒ තුළින් රෝගියාට ඉක්මන් සුවයක් ලැබෙනවා. මෙම ඖෂධ භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් නොමැති අතර රෝගියා දිනෙන් දිනම සුව අතට පත්වෙනවා. ඔබත් පිළිකා තත්ත්වයකින් පෙළෙන්නේ නම්,අප වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් ඔබටත් නිරෝගි සුවය අත්විඳීමට පුළුවනි.
gossip lanka