නියපොතු හැඩ කරන Nail polish අපි අතරට ආවේ මෙන්න මෙහෙමයි

නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට සහ ආකර්ෂණීය බව වැඩිකර ගැනීමටයි. අද වනවිට ඕනෑම වර්ණයක නිය ආලේපනයක් මිලට ගතහැකි තරමට මේවායේ වර්ණ පරාසය ඉහළයි. හැඩට වැඩට ඉන්න කැමති තරුණ කාන්තා ඔබට නැතිවම බැරි මේ නිය ආලේපනවල ඉතිහාසය ගැන සොයාබැලීම ඉතා වටිනවා. නිය ආලේපනවල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3,000ටත් එහා අෑත ඉතිහාසයකට දිව යනවා. ඊජිප්තුව සහ චීනය නිය ආලේපන භාවිත කළ මුල්ම රටවල් දෙක වෙනවා.


අතීතයේදී බිත්තර සුදු මදය, මී ඉටි, ඇකේෂියා ගසේ ලාටු සහ සත්ත්ව ලාටු එක්කර සාදාගත් මිශ්‍රණයක් චීන ජාතිකයෝ නිය ආලේපන ලෙස භාවිත කොට තිබේ. ඕකිඩ් සහ රෝස මල් පෙති සමඟ මිශ්‍ර කොට නියපොතු මත ආලේප කර තිබේ. චීනයේ “චෝවු” රාජවංශික කාන්තාවන් රන්, රිදී වර්ණ ද තම නිය මත ආලේප කොට ඇත. රජ පරම්පරාවල කාන්තාවෝ කළු සහ රතු යන වර්ණ දෙක වැඩි වශයෙන් භාවිත කෙරූ බවද වාර්තා වේ.

ඊජිප්තුවේ හෙනා සාරයෙන් උකහාගත් රතු, දුඹුරු වර්ණ ඉතා ජනප්‍රිය වර්ණ විය. අතීත ඊජිප්තුව තුළ සමාජ මට්ටම, ධනවත් බව, සශ්‍රී කත්වය විදහාපාන ප්‍රධාන සාධකයක් ලෙස නියෙහි වර්ණය සලකා තිබේ. ක්ලියෝපැට්‍රා මළකඩ පැහැයට හෙවත් තද දුඹුරු, රතු වර්ණයෙන් භාවිත කළ අතර දියමන්ති රතු වර්ණයද නිය ආලේපනවලට භාවිත කර තිබේ. නමුත් ඊජිප්තුවේ සාමාන්‍ය කාන්තාව පැහැයෙන් ඉතා අඩු වර්ණ භාවිත කිරීම සම්මතය විය.

ඉන්කාවරු තම නිය මත උකුස්සන්ගේ රූප ඇඳ ඇති අතර මුල්කාලීන ඇමෙරිකානුවන් ද නිය ආලේපන භාවිත කොට තිබේ. 19 වැනි සියවස වන විට වර්ණවත් කුඩු සහ ක්‍රීම් නිය මත ආලේප කළ අතර දිස්නය ලබාගැනීමට තෙල් වර්ග යොදාගෙන නිය මැදීම සිදු කෙරිණි.

වාහනවල ආලේප කරන තීන්ත (Car paint)   වල අතුරු ප්‍රතිඵලයක් ලෙස නිය ආලේපන බිහි වී ඇත. ප්‍රංශ ජාතික රූපලාවණ්‍ය ශිල්පිනියක වූ මිෂෙල් මෙනාඩ් Car paint නිපදවන ක්‍රමයටම නිය ආලේපනයන් නිපදවා භාවිත කළ හැකි බව මුල් වරට සොයාගත් තැනැත්තියයි. 1937දී සාමාන්‍ය වෙළෙඳපොළට මෙම නිය ආලේපන නිකුත් විය.

1940දී රංගන ශිල්පිනියන් තම නිය වර්ණ ගැන්වීම ආරම්භ කළ අතර චිත්‍රපට හරහා මේ සංකල්පය ඉක්මනින් සමාජගත විය. කාන්තා පාර්ශ්වය පමණක් නොව පිරිමි පාර්ශ්වයද නිය ආලේපන භාවිතයට යොමු වී ඇති බව සොයාගෙන තිබේ.

නිය ආලේපනවල අඩංගු ප්‍රධාන සංඝටකයක් ලෙස “නයිට්‍රොසෙලියුලෝස්” හැඳින්විය හැකිය. අද වනවිට නිය ආලේපන වර්ග කොටස් කිහිපයකින් සමන්විතව වෙළඳපොළට නිකුත් වී තිබේ. ඒ අතර ඕචඵඥ ඛ්ධචබ ප්‍රධානය. එනම් නිය ආලේප කිරීමට පෙර නියපොතුවල ආරක්ෂාවට ගැල්විය යුතු ආලේපනයකි. මෙය ළා පැහැයක් ගන්නා අතර නිය ශක්තිමක් කිරීම, තෙතමනය ආරක්ෂා කිරීම, ආලේප කරන වර්ණය හොඳින් උරා ගැනීමට සැලැස්වීම මෙම ආලේපනයෙහි අරමුණු අතර වේ.

Top Coat  එනම් නියපොත්ත මත ගල්වන වර්ණය පතුරු වශයෙන් ගැල වී යෑම වළක්වා ලීම, නිය වර්ණයට දිස්නයක් ලබාදීමත් මෙමඟින් අපේක්ෂිතය.

මීට අමතරව Matte Polish අද තරුණියන් අතර ඉතා ජනප්‍රියය. Nail art   තුළදී මෙය නැතිවම බැරි දෙයකි. එමෙන්ම Gel Polish යන වර්ගයත් භාවිතයෙහි ඇති තවත් නිය ආලේප වර්ගයකි.

ලෝකයේ මිල අධිකම නිය ආලේපන වෙළෙඳ සන්නාම අතර Opi, Revlon, Essie, END, RGB, Boddy brown, Nars  ආදී සන්නාම ඉතා ජනප්‍රිය ඒවා වේ.

නිය ආලේපන භාවිතයේදී ගල්වන නිය ආලේපනයේ ප්‍රමිතිය, නිය ආලේප සන්නාමය ආදිය පිළිබඳවත් ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව ඔබ අඳින ඇඳුමට ගැළපෙන ලෙස වර්ණ තෝරා ගැනීමටද ප්‍රවේශම් වන්න. එවිට ඔබටත් වර්ණවත් නියපෙළක් ලබාගත හැකිය.

දිනුෂා මනෝරි නිශ්ශංක
gossip lanka