ඔබ නිවුන් දරුවන් හදා ගැනීමට කැමතිද? ඒ සඳහා අනුගමනය කළ හැකි ස්වභාවික ක්‍රමය

විවාපත් වූ ඕනෑම යුවළකගේ එකම සිහිනය වන්නේ ඔවුන්ගේ කැදැල්ලේ ආදරය වැඩිකරගන්න පුංචි දරු පැටියෙකු පවුලට එකතුවෙනු දැකීමයි.එක දරුවෙකු ගැන සිහින මවන ඔබ නිවුන් දරුවන් බිහිකරයි නම් එම ආදරය දෙගුණ තෙගුණ වෙනවා නොඅනුමානයි.දරුවන් වගේම වැඩත් දෙගුණ වූවත් නිවුන් දරුවන් බිහිවීම යනු පවුලක් ජිවිත කාලය තුළ ලබන සුවිශේෂී දුර්ලභ අත්දැකීමක්.
බොහෝ දෙනෙක් නිවුන් දරුවන් ගැබ්ගැනීමට කැමති නමුත් ඒ සඳහා ස්වභාවික ක්‍රම අනුගමනය කිරීමක් නැහැ.විද්‍යානුකුල තාක්ෂණික ක්‍රම මඟින් නිවුන් දරුවන් ගැබ් ගැන්වීම සිදු කළත් වඩාත් පහසු ආරක්ෂාකාරී ස්වභාවික ක්‍රම මේ සඳහා අද සොයාගෙන තිඛෙනවා.

නිවුන් දරුවන් යනු කවුද?

නිවුන් යනු එකට ඉපදුනු සහෝදරයන් වේ.එක් ඩිම්බ මෝචනයකදී බිත්තර දෙකක් නිදහස් වී ඒවා වෙන වෙනම කළල දෙකක් ලෙසින් ගර්භාෂයේ වර්ධනය වීමෙන් නිවුන් දරුවන් බිහිවෙයි.

නිවුන් දරුවන් බිහිකිරීමේ වැඩි හැකියාව ඇත්තේ කුමන කාන්තාවන්ටද?

ඔබේ පවුලේ හෝ පරම්පරාවේ කාට හෝ නිවුන් දරුවන් බිහි වී ඇත්නම් ඔබටත් නිවුන් දරුවන් ලැබීමේ වැඩි ඉඩක් පවතිනවා.එසේම වයස හා ජනවර්ගය අනුවත් එහි අඩු වැඩි වීම් සිදුවිය හැකියි.ඇමරිකානු හා අප්‍රිකානු කාන්තාවන්ට නිවුන්නු ලැබීමේ ඉහළ සම්භාවිතාවක් ඇති අතර ආසියානු කාන්තාවන් හා කොකේසියානු කාන්තාවන් නිවුන්නු දරුවන් ලැබීමේ අඩු සම්භාවිතාවක් දක්වනවා.එමෙන්ම වයසින් වැඩි කාන්තාවන්ටද නිවුන් දරුවන් ගැබ්ගැනීමේ වැඩි ඉඩක් තිඛෙනවා.
එහෙත් ඔබේ පවුලේ නිවුන් දරුවන් බිහි නොවුනා කියා ඔබ නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමේ ආශාව අතහරින්න එපා. මෑතකදී කරන ලද සොයාගැනීමකට අනුව නිවුන් දරුවන් බිහිවීම වර්ධනය වී ඇති අතර මේ උපදෙස් ඔබේ ඒ බලාපොරොත්තුව සාර්ථක වීමට මනා පිටිවහලක් වෙයි.

කිරි ආහාර වැඩිපුර අනුභව කිරීම වඩාත් සුදුසුම ක්‍රමයක්. බහුල ලෙස කිරි නිෂ්පාදන පරිභෝජනය කරන කාන්තාවන්ගේ නිවුන් දරුවන් පිළිසිඳීමේ ඉඩ පස් ගුණයකින් වැඩිවනවා.

එමෙන්ම නොයෙකුත් කැලෑවල සෑදෙන අල වර්ග (අර්තාපල් හැර ) පරිභෝජනය කිරීම නිසා ඩිම්භ කෝෂයේ සිදුවන උත්තේජනයන් ඉහළ යාම නිසාද නිවුන් දරුවන් බිහිවීම සිදුවිය හැකියි

මව්කිරිත් එක් ප්‍රබල සාධකයක් වෙනවා. ඔබ තවත් දරුවෙකුට කිරි දෙමින් සිටින අවධියේ ගැබ් ගන්නවානම් ඔබට නිවුන් දරුවන් බිහිකිරීමේ අවස්තාව නව ගුණයකින් ඉහළ යනවා.

උපත් පාලන පෙති ගැනීමද තවත් හේතුවක් වෙනවා. ඔබ දරුවකු බිහිවීම පමා කිරීමට උපත් පාලන පෙති භාවිතා කර ගැබ් ගැනීමට අවශ්‍ය කාලයේදී එය නතර කරනවා. මෙහිදී ශරීරයේ හෝමෝන උපත් පාලන පෙති වලට හුරු වී ඒවාට අවශ්‍ය ලෙස හැඩගැසී ඇති නිසා පෙති නතර කිරීමේදී නැවත ශරීරය තමන් විසින්ම හෝමෝන නිෂ්පාදනය පාලනය කරන ආකාරය ඉගෙන ගැනීමක් කරනවා. මෙම කාලයේදී ඔබේ ශරීරය වැඩි හෝමෝන ප්‍රමාණයක් නිපදවීමත් ඩිම්බ කෝෂ වලින් වැඩි බිත්තර ප්‍රමාණයක් නිකුත් වීමත් එකවර සිදු වීමෙන්ද නිවුන් දරුවන් හට ගැනීමේ වැඩි ඉඩක් පවතිනවා.

මෙලෙස සිදු කිරීමෙන් ඔබට නිවුන් දරුවන් ලැබීමේ සිහිනය සාර්ථක කර ගැනීමට හැකිවන බව පර්යේෂකයින් අවධාරණය කර තිඛෙනවා.
gossip lanka