හඳුනානොගත් රෝග මෙකල බහුල වී තිබෙන්නේ ඇයි?

වර්තමානයේ බොහෝ අය තුළ බාහිරින් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ ද ශරීර අභ්‍යන්තරය තුළ අන්තරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිතව බොහෝ හෝමෝන සහ එන්සයිම අසාමාන්‍යතා පවතී. බොහෝ  දෙනෙකු තමන් නිරෝගී යැයි සිතා සිටියද කුඩා දරුවන් තුළ මෙන්ම බොහෝ වැඩිහිටියන් තුළද මෙම තත්ත්වය දක්නට තිබේ. හෝමෝන පරීක්ෂාවක් සිදු කළහොත් ඒ බව අනාවරණය වනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේ විෂය පථයට අනුව පිටියුටරි ග්‍රන්ථිය,
අධිවෘක්ක ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය ඇතුළු අන්තරාසර්ග ග්‍රන්ථි ශ්‍රාවය කරනු ලබන්නේ වර්ධක හෝමෝන, කොටිසෝල්, ලිංගික හෝමෝන ACTH හෝමෝන, තයිරොයිඩ් හෝමෝන වැනි හෝමෝන වර්ග කීපයකි. නමුත් සැබැවින්ම හඳුනා නොගත් ශ්‍රාවීය හෝමෝන රැසක් මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරනු ලබයි. වර්තමානයේ බොහෝ හෝමෝන ශ්‍රාවයන්වල මෙම අසාමාන්‍යතා පවතී. කාන්තාවන් බොහොමයක් අතර මාස් ශුද්ධියේ අක්‍රමවත් භාවයන් බහුලව දක්නට ලැබේ. මඳසරු භාවයන්ද සමාජය තුළ බහුලය. වර්තමානයේ බොහෝ දෙනෙකුට වෙහෙස මහන්සි වී වැඩ කළ නොහැක. සමාජයේ බොහෝ දෙනෙක් හිසේ කැක්කුමට ඖෂධ භාවිත කරති. මේවා ඉරුවාරදය ලෙස වර්ග කෙරේ. මේවා හෝමෝන අසාමාන්‍යතා නිසා ඇතිවේ. මෙයට හේතුව වර්තමාන ආහාරවල අන්තර්ගත විෂ සංඝටක මගින් මෙම හෝමෝන අසාමාන්‍යතා ඇති කිරීමයි. උසට සරිලන බර සාමාන්‍ය මට්ටමේ ඇති අයකුගේ පවා (BMI = 18.5 - 24.9) මෙම තත්ත්වය දක්නට ලැබේ. මෙය බොහෝ දෙනෙක් නොදනිති.

මෙහි භයානකකම වන්නේ දිගු කාලයක් මෙම හෝමෝන අසාමාන්‍යතා පැවැතීම නිසා ශරීරයේ අභ්‍යන්තර පටකවල අඛණ්ඩ ප්‍රදාහ තත්ත්වයන් ඇති වී හදිසියේ රෝගී වීමයි. මෙම අඛණ්ඩ ප්‍රදාහ තත්ත්වයන් ප්‍රබල වූ විට ඇති වන රෝග සුව කිරීම ද අසීරුවේ. ඇතැම් විට සුව කළ නොහැකි වේ. ඇතැම් විට ක්ෂණික මරණය පවා සිදු විය හැක. වර්තමානයේ මැරතන් ධාවන තරග සහ විවිධ ක්‍රීඩා ඉසව්වල දී ක්ෂණික මරණයන් ඇති වීමට හේතු වනුයේ මෙම තත්ත්වයයි. මෙය බුද්ධියෙන්ම වටහා ගත යුතුය. මෙය වළක්වා ගැනීමට ගත යුතු එකම පහසු විසඳුම වන්නේ නිවැරදි ආහාරයට යොමු වීමයි.

මානසික පීඩන

බොහෝ වැඩිහිටියන් සහ දරුවන් තුළ වර්තමානයේ දක්නට ලැබෙන වෛරී, අකීකරු ස්වභාවය සහ මානසික පීඩනයන්ට හේතුව මෙවැනි හෝමෝනවල අසාමාන්‍ය හැසිරීමයි. වර්තමාන ආහාරවල අන්තර්ගත විෂ සංඝටක මෙම හෝමෝනවල අසාමාන්‍යතා ඇති කරයි. එසේම මානසික ව්‍යාකූලතාවන්, නොසන්සුන්කාරී බව, අපරාධ වැඩිවීම වැනි කරුණු කෙරෙහි ද හෝමෝන අසාමාන්‍යතා හේතු වී තිබෙන බව සනාථ කර ඇත. වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන නොසන්සුන්කාරී බවට මෙවැනි හෝමෝන අසාමාන්‍යතා හේතු වන බව මින් පැහැදිලි නොවේද?

ගැස්ට්‍රයිටිස් නමින් බොහෝ දෙනෙකු හඳුනන රෝගය ඇතිවීම කෙරෙහි ද බලපානුයේ මෙම කරුණමය. එනම්, වැරදි ආහාර දිගු කාලයක් පරිභෝජනය කිරීම හේතුවෙන් ඒවායේ අඩංගු විෂ සඝංටක නිසා ආහාර මාර්ගයේ ආම්ලිකතාව වැඩිවීම සිදුවේ. මෙම සංඝටකවලට ප්‍රදාහ ප්‍රතික්‍රියා ආමාශ බිත්තිය තුළ ඇතිවීම නිසා නිතර උගුරට එන ස්වභාවය (gastric reflux) හෝ ඒවා පුපුරා ආමාශය තුවාල වීම (gastric ulcer) සිදුවේ. (පහත රූප බලන්න) මෙය නිවැරදි ආහාර පරිභෝජනයෙන්ම වළක්වා ගත හැක.
gossip lanka