දරුඵල සිහිනය සැබෑ නොවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්

කිරිකැටියෙකු පිළිබඳ වූ සිහිනය බොඳ කර දමන්නට හේතුවන, කාන්තාවන්ගේ මදසරු බවට බලපාන හේතු කිහිපයකි. ඒ අතරින් ප්‍රධානම කාරණය මසකට වරක් ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් මෝචනය වන්නට ඇති නොහැකියාවයි. දෙවනුවට බලපෑමක් ඇති කර වන්නේ පැලෝපීය නාල වල පවතින අවහිරතාවයයි. ඊට අමතරව එන්ඩේ‍රාමෙටේ‍රා්සියාව, ගර්භාෂ ගෙලෙහි ඇති ශ්‍රාවයේ පවතින උකුවට සහ ෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්වයන් බලපාන අවස්ථා තිබේ.
දරු පිළිසිඳ ගැනීමකට හැකියාව ඇති සංකූලතා කාලය ලෙස ගැනෙන්නේ පළමු ආර්ථවයත්, අවුරුදු 45 - 55 අතර සිදුවන ආර්ථව හරණයත් අතර වූ කාලයයි.

මෙම සරු කාලයේ දී වුවත් තමන් බලා‍පොරොත්තු වන ආකාරයට දරුපල උරුම නොවන්නට ඩිම්බ පිටවීම ක්‍රමවත්ව සිදු නොවීමත් ඩිම්බ පිටවීම දුර්වලව සිදුවීම මෙන්ම ඩිම්බ කොහෙත්ම පිට නොවීමත් බලපෑ හැකිය. ඩිම්බ පිටවීම සම්බන්ධයෙන් එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වන්නට බලපාන හේතු මොනවාදැයි දැන් අපි සොයා බලමු.

හෝමෝන අසමතුලිතතා

රුධිරයේ ඇති හෝමෝනයන්ගේ අසමතුලිතතාව ඩිම්බ නීහරණයට බලපාන ප්‍රධානම හේතුවයි. පිටියුටරි ග්‍රන්ථියෙන් පිටකරන LH සහ FHS හෝමෝන ශ්‍රාවය අඩු බවත් මව්කිරි නිපදවීමට බලපාන ‍ප්‍රොලැක්ටීන් හෝමෝනය වැඩිපුර සාන්ද්‍රණය වීමත් ඩිම්බ මෝචනය නොවීමට හේතු විය හැකිය.

ඩිම්බ කෝෂවල හට ගන්නා අර්බුදකාරී තත්ත්වයන්

‍පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩේ‍රාම් (Polycystic Ovarian syndrome)  නමින් හැඳින්වෙන ඩිම්බකෝෂවල දිය බුබුළු වැනි තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් ඩිම්බ පිටවීම නතර වන අවස්ථා තිබේ.

මානසික අසහන හා චර්යාමය වෙනස්වීම්

මානසික පීඩාවන්ගෙන් පිරි අසහනකාරීව දිවි ගෙවීම නිසාත්, සමහර මානසික රෝග සඳහා ගනු ලබන ඖෂධ වර්ග නිසාත් ඩිම්බ පිටවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වන අවස්ථා තිබේ.
gossip lanka