කොත්තමල්ලී වලින් වකුගඩු සහ අක්මාව පිරිසුදු කරන අරුම පුදුම පානයක් සකසාගන්නා හැටි මෙන්න

කාලය සහ මුදල් වැය නොකරම ඔබට මෙම ප්‍රතිකාරය නිවසේදීම සකස් කරගන්න පුලුවන්. මෙය ඇත්තටම අරුම පුදුම ප්‍රතිකාරයක්. මන්ද, එය ඔබේ වකුගඩු, අක්මාව හා අග්න්‍යාශය වැනි ප්‍රදේශ වල සෞඛ්‍ය තත්වය තව දුරටත් වර්ධනය කරන්න උපකාරී වෙනවා. මේ ප්‍රතිකාරය සඳහා භාවිතා කරන ප්‍රධානම ද්‍රව්‍ය වන්නේ කොත්ත්මල්ලිය. කොත්තමල්ලි යනු ඖෂධීය ගුණ බහුල බලගතු
ද්‍රවයකි. අපි මේ කතා කරන්නේ සලාද සහ කුළුබඩු සඳහා බහුලව යොදාගන්නා කොත්ත්මල්ලී ගැනයි.

කොත්තමල්ලී වල ප්‍රයෝජන කිහිපයක් මෙන්න

• එය මුත්‍රා වර්ධකයකි.
• එය අක්මාවේ ක්‍රියාකාරීත්වය ඔප්නැන්වීමට ද සමත් වෙනවා.
• එය ආහාර ජීරණය පහසු කරවයි.
• එහි බැක්ටීරියා හොඳින් ඉවත් කිරීමේ හා බැක්ටීරියා ආසාධන සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව නිසා පාචනය සුව කිරීම සඳහා ද බහුලව යොදා ගනී.
• කොලෙස්ටරෝල් මට්ටම පහල දැමීම සඳහාද මෙය බහුලව යොදා ගන්නා ඖෂධයකි.
• එය හොඳ විෂබීජ නාශකයක් වන අතර ඒ හේතුවෙන් මුල් අවධියේ පිළිකා සුව කිරීම සඳහාද යොදා ගනී.
• රුධිරයේ සීනි මට්ටම් පහත හෙලයි
• ඇස් පෙනීම වැඩි දියුණු කරන අතර අක්ෂි රෝග සුව කරයි.

දැන් අපි බලමු මේ අරුම පුදුම කොත්තමල්ලී භාවිතා කර සාදන අරුම පුදුම ප්‍රතිකාරයේ වට්ටෝරුව සහ සකසන ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය.

• තරමක් කුඩාවට කපා ගත් කොත්තමල්ලී කෝප්ප භාගයක්. මේ සඳහා නාරටිය ද භාවිතා කරන්න.
• රට අසමෝදගම් කෝප්ප භාගයක්. (මේ සඳහා නාරටිය ද යොදා ගන්න.)
• වතුර මිලිලීටර 300ක්.

සාදන ක්‍රමය
කොත්තමල්ලී සහ රට අසමෝදගම් බඳුනකට දමා එයට ජලය එක කරන්න. බඳුන නොවසා විනාඩි දහයක් පමණ පිස ගන්න. එහි ඇති හරිතප්‍රද ඉවත් කිරීමට විනාඩි දහය හොඳටම ප්‍රමාණවත් වේ. විනාඩි දහය ගතවුණු පසු බඳුන ලිපෙන් ඉවත් කර, සීතල වීමට පසෙකින් තබන්න. මේ ප්‍රතිකාරයෙන් දිනකට කෝප්පයක් පානය කිරීමෙන් ශරීරයේ විෂ ඉවත් කොට පිරිසිදු කිරීමට උපකාරී වේ. කොත්තමල්ලී සහ රට අසමෝදගම් වල ගුණ පිළිබඳව ඔබ දැන් දැනගත් නිසා ඔබේ ආහාර සඳහා මේ ද්‍රව්‍ය බහුලව එක කරන්න අමතක කරන්න එපා.

- asapuwa.info

gossip lanka