රසම රසට කහ බත් හදමුද? Recipe එකත් එක්කම මෙන්න

ගොඩක් අය හැමදාම බත උයන්නේ එකම විදියකට. ඉතින් ඔන්න අද කියන්න යන්නේ එකම විදියකට උයන බත අළුත් විදියකට පහසුවෙන් හදනහැටි. මේ කහබත් අදන හැටි.

මෙන්න අවශ්‍ය දේවල්..
හාල් ග්‍රෑම් 300 ක්, කහ තේ හැඳි 1ක්, මාගරින් හෝ තෙල් මේස හැඳි 3ක්, කරපිංචා කිනිත්තක්, කරදමුංගු
කරල් 3 ක්, කරාබුනැටි ඇට 3 ක් පොට්ටනියක බැඳ, කුරුඳු පොතු කැබැල්ලක්, බැදගත් මිදි ග්‍රෑම් 20 ක්, බැදගත් කජු ග්‍රෑම් 50 ක්, අල කපා බැදගත් ග්‍රෑම් 10 ක්, ළූණු ග්‍රෑම් 30 ක්, ලුණු රස පදමට

පිළියෙළ කර ගන්නා ආකාරය..
හාල් ගරා සෝදා පසෙකින් තබාගන්න. ලුණු, කුරුඳු පොතු, රම්පේ, කරපිංචා තෙලෙන් බැදගන්න. හාල් බඳුනට බැඳගත් පොට්ටනිය දමා, කිරි සහ වතුර සමඟ තම්බාගන්න. පසුව බැදගත් ළූණු, කුරුඳු පොතු, රම්පේ, මිදි, කජු, අල, කරපිංචා බත උඩින් දමා සරසාගන්න.

-asapuwa.info


gossip lanka