නිතරම සෑදෙන කැස්ස නිසා අපහසුතාවයට පත්වෙනවද? පහසුවෙන් කලහැකි ප්‍රතිකර්ම කිහිපයක් මෙන්න

කැස්ස කියන රෝගය ගැන කවුරුත් වැඩිය නොසිතුවාට කැස්ස හැදුනාම තමයි ඒ රෝගයේ තියෙන අපහසුතාවය තේරෙන්නේ. කැස්ස කියන්නේ තැනක් නොතැනක් නැතුව ඔබව අපහසුතාවයට පත්කරන රෝගයක්. කැස්සක් එනකොට අපට ඕන විදියට නවත්තගන්න බොහෝම අමාරුයි. ඒ නිසා වැදගත් ස්ථානයක හෝ වැදගත් වැඩක ඉඳිද්දී කැස්සක් ආවොත් මුහුණ දෙන්න වෙන
අපහසුතාවය ඔබට තේරෙනවනේ.

මෙම ලිපියෙන් කියවෙන්නේ මී පැණි භාවිතා කරමින් කැස්ස පහසුවෙන්ම සුව කරගන්න පුළුවන් ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

01. ඉඟුරු සහ මි පැණි 

උණු වතුර කෝප්ප 3 ක්
මධ්‍යම ප්‍රමාණයේ ඉඟුරු කැබැල්ලක යුෂ හෝ ඉඟුරු කුඩු මේස හැඳි 2ක්
ගම්මිරිස් තේ හැඳි 1ක්
මි පැණි තේ හැඳි 2ක්

උණු වතුර කෝප්ප 3ට ඉඟුරු හා ගම්මිරිස් එකතු විනාඩි 5ක් පමණ තියෙන්නට හැර එයට මී පැණි එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් මේ පානය පැය හතරකට වරක් තේ හැඳි 1 බැගින් පානය කරන්න. කැස්සට ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්.

02. කිරි, කහ සහ මී පැණි 

හොඳින් උණු කර ගත් කිරි කෝප්ප 1ක්
කහ කුඩු මේස හැඳි 1ක්
කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්
මී පැණි තේ හැඳි 2ක්

කිරි කෝප්ප එක හොඳින් උණු කර ගෙන ඉන් පසුව කිරි එක ලිප තියෙද්දීම එයට කහ එකතු කර හොඳින් කලවම් මද වෙලාවක් උණු කර ගන්න. එයට කුරුඳු කුඩු සහ මී පැණි එකතු කර තවත් මද වෙලාවක් කිරි උණු කර ගන්න. මදක් නිවෙන්නට හැර පානය කරන්න. සුව වනතෙක් දවසට දෙවරක් පානය කරන්න.

03. ලෙමන් සහ මී පැණි

මී පැණි තේ හැදි 1ක්
ලෙමන් යුෂ තේ හැදි 2 ක්

මේ අමු ද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කර පානය කරන්න. සුව වන තෙක් දිනකට තුන් වතාවක් පානය කරන්න. ලෙමන් වල ඇති විටමින් C කැස්ස ඇති වීමට හේතු වුනු ආසාදනයන්ට එරෙහිව සටන් කරන අතර මි පැණි වලින් කැස්ස නිසා හට ගන්න උගුරේ දැවිල්ල සුව කරනවා.

04. කුරුඳු හා මී පැණි 

මී පැණි තේ හැඳි 1ක්
කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්

අමුද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කර දිනකට දෙවරක් අහාරයට ගැනීමෙන් කැස්සට සුවය ලබා ගන්න පුළුවන්.

- tharunaya.com


gossip lanka