තෝසෙයි සාම්බාරුයි හදල ගෙදර අය පුදුම කරවමුද?

තෝසේ හදන්නේ මෙහෙමයි
අවශ්‍ය ද්‍රව්‍ය :-


  1.     උදු ඇට කෝප්ප 1
  2.     උළු හාල් තේ හැඳි 1/2
  3.     හාල් කෝප්ප 1/2
  4.     පාන් පිටි කෝප්ප 2 හෝ ඊට අඩුව හෝ වැඩි
  5.     ලුණු රස අනුව
  6.     පොල් වතුර ටිකක්
  7.     කැමති නම් ඊස්ට් තේ හැඳි 1
  8.     සීනි ස්වල්පයක්
සාදන ක්‍රමය :-

මුලින්ම උදු වලට උළුහාල් ටික දමන්න. එය හා හාල් වෙන වෙනම භාජන වල දමා රැයක් පෙගෙන්න තියන්න. අඩුම ගානේ පැය 5ක් වත් පෙගෙන්න තියන්න. පසුව මුලින්ම උදු අඹරා ගන්න. පසුව හාල් ටික අඹරා ගන්න. උදුවලට අඹරා ගත් හාල් දමා කලවම් කරන්න. පසුව පාන් පිටි ටික දමා ගන්න. පොල් වතුර ටිකත් දමා අනා ගෙන (ඊස්ට් වලට සීනි ටිකක් හා වතුර දමා තබා ඊස්ට් හොදින් දිය වූ පසු කැමති නම් එයද එකතු කරන්න) එය ටික වෙලාවක් තබා එයද උණුසුම ඇති තැනක හොදින් වසා තබන්න. අඩු ගානේ පැය 6ක් වත්. පසුව එයට ලුණු ටිකක් දමන්න.
තෙම්පරාදුව සදහා :-
  1.     රතු ළුෑණු ටිකක්
  2.     කරපිංචා
  3.     අමු මිරිස් ටිකක්
  4.     අබ

මේ සියලුම දේ කපා ගෙන පලමුව තෙල් ස්වල්පයක් ලිප තබා එයට අබ ටිකක් දමා එය පිපිරෙන විට ළුෑණු, කරපිංචා, අමුමිරිස් තෙම්පරාදු කරන්න. පසුව එය හොදින් නිවෙන්න තියන්න.
නිවුනු පසු සාදා ගත් තෝසේ මිශ්‍රනයට දමා කලවම් කරන්න. පසුව තෙල් ගා ගත් තැටියක දමා තෝසේ සාදා ගන්න.

දැන් තෝසේ කන්න සාම්බාරු හදමුද?
අවශ්‍ය ද්‍රව්‍ය :-

  1.     කැරට්
  2.     බෝංචි
  3.     බටු
  4.     මුරුංගා
  5.     අල
  6.     වට්ටක්කා
  7.     තක්කාලි
  8.     පරිප්පු ටිකක්
  9.     ළුෑණු
  10.     කරපිංචා
  11.     රම්පේ
  12.     අමු මිරිස්
  13.     තුනපහ කුඩු
  14.     මිරිස් කුඩු
  15.     කහ කුඩු
  16.     ලුණු
  17.     කොත්තමල්ලි කොළ ටිකක්


( මේ ඔක්කොම ඕනෙ නැ. තියෙන තියෙන විදියට ගන්න )
තෙම්පරාදුව සදහා :-


  1.     සුදු ළුෑණු
  2.     ළුෑණු ටිකක්
  3.     අබ ටිකක්
  4.     අබ ටිකක්

සාම්බාරු හදන හැටි :-

  • ඉස්සෙල්ලාම කරන්න ඔනි එලවලු ටික සෝදලා කපා ගන්න එක.. පස්සෙ සෝදා ගත් පරිප්පු ටිකත්, තුනපහ ටිකත්, ලුණු, අමුමිරිස්,කරපිංචා රම්පේ දාලා වතුර එලවලු වැහෙන්නම දාලා හොදින් එලවලු ටික තම්බා ගන්න.
  • (කැමති නම් එලවළුත් එක්කම තක්කාලි ටික දමා තැම්නෙන්න තියන්න පුළුවන්. නැත්තම් තක්කාලි තෙම්පරාදු කරනකොට එකතු කර ගන්න.)
  • පසුව තැම්බුනු එළවළු ටික තෙම්පරාදු කර ගන්න.
  • තෙම්පරාදුව සදහා තෙල් ටිකක් ලිප තබා මුලින් අබ ටික දමා පුපුරනකොට අනිත් සියල්ල දමා රන් වන් පාට වනතුරු බදගෙන එලවලු මිශ්‍රනයට එකතු කරන්න
  • පසුව අතින් කඩා ගත් කොත්තමල්ලි කොල ටිකක් එකතු කරගන්න.

- tharunaya.com

gossip lanka