ඔබේ නිවසට සෞභාග්‍ය හා වාසනාව උදා කරගන්න බලගතු වාස්තු විද්‍යා රහස් මෙන්න

1. නිවසක් සෑදීමට භූමියක් තෝරා ගැනීමේදී භූමියේ හැඩතල අනුව ශුභාසුභ වෙනස් වේ. හතරැස් ලෙස පිහිටිභූමිය වාසයට සුදුසු භූමියකි. ප්‍රීතිය හා නිත්‍ය වාසයන් ඇතිවේ.ආර්ථිකය වර්ධනය වේ .

2. කවාකාර වූ වෘත භූමිය ඉතා වාසනාවන්ත භූමියකි. මෙහි නිවැසියන්ට නිරන්තරවම ප්‍රබෝධමත ජීවිතයක්ගත කල හැක. විශාල ජයග්‍රහණ ඇතිවේ .

3. පනාකාර භුමිය ඉතාමත් වාසනාවන්තය .ධනය
නිරන්තරයෙන් හිමි වේ.දිනෙන් දින දියුණුවට පත්වේ. නිවසේ වාසය කරන්නන් සමාජ ගෞරාවයට පාත්‍ර වේ .

4. ඕවලකාර හැඩයෙන් යුත් කෙවලාකාර් භුමිය සුභ අසුභ සමානව හිමිකර දෙන අතර දෙවියන් පිදීම හා වෙනත් සම්මත වත් පිළිවෙත් මාර්ගයෙන් අශුභ තත්ත්ව මගහරවා ගත හැක .

5. ත්‍රිකෝණාකාර භුමි,පැති සම නොවූ භුමි, නවක හැඩය ගත්තාවූ භුමි ආදී වශයෙන් ශුබ ගණයට අයත් වන්නාවූ වශයෙන් සඳහන් කල හැඩයන්ට පිටස්තර වූ වෙනත් භුමි අවාසනාව ගෙන දෙන වාසය සඳහා
නුසුදුසු ඒවා වේ .

6. උතුරු දිශාවට බෑවුමක් සහිත භුමිය ඉතා වාසනාවන්තය . දිනෙන් දින දියුණු වේ . ගිනිකොන දිශාවට බෑවුම ඇති භුමිය අඩ දබර ඇති වේ.

7. නිවසක ප්‍රධාන උළුවස්ස නිර්මානය කිරීමේදී ගෙහිමියාගේ වැලමිට අග සිට අතෙහි මැදගිල්ල කෙලවර තෙක් දිග ගෙන එය පහෙන් වැඩිකොට මිම්ම ගතයුතුය . උළුවස්සේ පළල උසින් අඩක් වීම සුදුසුය .

8. ප්‍රධාන උළුවස්ස ඇතුලු අනෙක් උළුවහු සෑදීමේදී ඊට යොදා ගන්නා දැව කදේ මුල ප්‍රදේශය පහළටත් අග කොටස ඉහළටත් පිහිටන සේ උළුවස්ස නිර්මානය කලයුතු බව සම්මත කාරණයකි.

9. නිවසක දොර ජනෙල් දෙකෙහි එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වීම ශුභ වේ.දොර උළුවහු ගණන ඔත්තේ සංඛ්‍යාවක් වීමත් ජනෙල් සංඛ්‍යාවක් ඉරට්ටේ වීමත් ශුභ පල ගෙනදෙයි . එහෙත් ඒ දෙකෙහි එකතුව 17ක්

වීම අශුභ වේ .
10. නියමිත වාස්තු විද්‍යා න්‍යායන්ට අනුව නැගෙනහිර බටහිර යන දිශාවන්ට මුහුණලා පිවිසුම් දොරටු තබා නිර්මාණය කරනු ලබන සුමුඛ වර්ගයේ නිවාස දිනෙන් දින දියුණුවට පත්වේ . ධනය නිරතුරුව ඇදී එයි .

- tharunaya.com




gossip lanka