Fair Skin එකක් ඇති තරුණියන්ට ලස්සන මේකප් එකක් කරගන්න ටිප්ස් ටිකක්

ලංකාවේ බහුතර යුවතියන්ගේ සමේ පැහැය තල එළෙළු වුනාට සුදු සමක් ඇති යුවතියනුත් අපි අතර නැතුවා නෙවෙයි. හැබැයි ආසියාවේ අපේ සමේ සුද බටහිර සුදට වඩා වෙනස්. ඒ නිසා නිවැරදිව මේකප් එකක් කරගන්න එක ගැන දැනුවත් වීම වැදගත්. අනිවා බියුටි ටිප්ස් වලින් අපි කලින් ගෙන ආවේ තල එළෙළු සමක් ඇති යුවතියකට මේකප් කිරීමේදී උදව් වෙන ටිප්ස් ටිකක්.අපි අද  කියන්න යන්නෙ “සුදු”
යුවතියකට ලස්සනට මේකප් එකක් කරගන්න උදව් වෙන ටිප්ස් ටිකක්.


1. සමේ වර්ණ පන්තිය හඳුනගන්න

මුලින්ම ඔබ ඔබේ සමේ ටෝන් එක එහෙමත් නැත්නම් නිවැරදි වර්ණ පන්තිය අඳුණාගන්න. අපේ රටේ යුවතියන්ට හුඟක් වෙලාවට තියෙන්නෙ කහ පැහැයට හුරු ටෝන් එකක්. ඒ වුනාට රෝස පැහැයට හුරු ටෝන් එකක් තියෙන අයත් නැතුව නෙවෙයි. මෙන්න මේ ටෝන් එක හඳුනා ගැනීම ඔබේ සමට සුදුසු ෆවුන්ඩේශන්, කන්සීලර් සහ පව්ඩර් තෝරා ගැනීමේදී වැදගත් වෙනව. කහ පැහැයට හුරු සම “warm” සමක් ලෙසත්, රෝස පැහැයට හුරු සම “cool” සමක් ලෙසත් හඳුන්වනව.

2. වර්ණ පන්තිය හඳුනාගන්න හැටි

ඔබේ සම warm සමක්ද cool සමක්ද කියල හරියටම හඳුනගන්න මෙන්න මේ පුන්චි ටෙස්ට් දෙක කරල බලන්න.

ගෝල්ඩ් පාට සහ සිල්වර් පාට මාල දෙකක් ගන්න. ඒ දෙක මාරුවෙන් මාරුවට පලඳා එයින් ඔබේ මුහුණට වඩා ඔපවත් බවක් වැඩි එළියක් ගෙනදෙන පාට කුමක් දැයි බලන්න. ඔබ warm සමක් ඇති කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ ගෝල්ඩ් පාටයි. ඔබ cool සමක් ඇති කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ සිල්වර් පාටයි.

එහෙමත් නැතිනම් ඔබ අව්වට පහසුවෙන් කළු වෙන හමක් ඇති යුවතියක් නම් warm සමක්ද අව්වට රතු වෙන සමක් ඇති යුවතියක් නම් cool සමක්ද ඇත්තියක්.

හරි. දැන් මේ තියෙන්නෙ ඔබේ සමට ගැලපෙන පැහැයන්:  අයි ශැඩෝ, ලිප්ස්ටික් විතරක් නෙවෙයි ඔබට ඇඳුම් සහ ආභරණ ගැනීමේදී උනත් මේ පැහැයන් යොදාගන්න පුළුවන්.

3. බේස් එක නිවැරදිව දාගන්න

ඔබේ සමේ ටෝන් එක හඳුනා ගත් පසු එයට ගැලපෙන ෆවුන්ඩේශන් සහ කන්සීලර් එකක් තෝරා ගෙන ඉතා සියුම්ව මේවා ආලේප කරන්න. ඔබ සුදු යුවතියක් නිසා තවත් සමේ පැහැය සුදට බර වෙන ආකාරයේ බේස් එකක් තෝරා නොගෙන ඔබේ සමට ප්‍රාණවත් බවක් ලබා දෙන බේස් එකක් තෝරා ගන්න. මුහුණට විතරක් නෙවෙයි ගෙලටද මෙය ආලේප කිරීම අනිවාර්යයි. නැතිනම් පැහැපත් සමක් ඇති නිසා ඔබේ මුහුණ වෙනම කැපී පෙනේවි.

4. ඔබේ මුහුණේ හැඩතල කැපී පෙනෙන්න මේකප් කරන්න

තලේළු සමක් ඇති යුවතියකට වඩා සුදු සමක් ඇති යුවතියකගේ මුහුණේ හැඩ තල කැපී පෙනීම අඩුයි. ඒ නිසා ඔබ Contouring Makeup එකක් කිරීම ඔබේ සුන්දරත්වය වඩා ඉස්මතු කරන්න උදව්වක් වේවි. Contouring Makeup එකක් කරගන්නා ආකාරය  ගැන ලිපියක් තව නොබෝ දිනකින් අපෙන් බලාපොරොත්තු වන්න.

5. ලිප්ස්ටික් තෝරා ගැනීම

ඕනෑම පැහයක ලිප්ස්ටික් ඔබේ සමට ගැලපුනද, වඩාත් ගැලපෙන පැහැයන් කීපයක් තියෙනවා. Warm සමක් ඇති කෙනෙක් නම් දීප්තිමත් රතු පාට සහ Cool සමක් ඇති කෙනෙක් නම් ලා රෝස පැහැය වගේ වර්ණයන් ඔබේ සමට වඩාත්ම ගැලපෙන වර්ණයි. එමෙන්ම හැකි හැම විටම ශේඩ්ස් දෙකක් එන ආකාරයට නැතුව තනි පැහැයක් තොල් වල ආලේප කිරීමෙන් ඔබේ මුහුණට වැඩි එළියක් ලබා ගත හැකියි.

6. අයි ලයිනර් සහ අයිබ්‍රව් වර්ණ

සුදු යුවතියකට බොහෝ වෙලාවට ගැලපෙන්නෙ තනි කළු අයි ලයිනර් හෝ අයිබ්‍රව් වලට වඩා තද දුඹුරු පැහැයයි. ඔබේ හිසකෙස් වල වර්ණය හා සසඳා ඒ හා සමාන වර්ණයක් අයි ලයිනර් සහ අයිබ්‍රව් හැඩ කරගැනීමට යොදාගන්න. අයි ශැඩෝ සඳහා ඔබට කලින් දී ඇති වර්ණ වගුවේ ඇති ඕනෑම වර්ණයක් ඔබේ සමේ ටෝන් එක අනුව තෝරාගත හැකියි.

7. නිවැරදි බ්ලශ් එකක් තෝරා ගැනීම

ඔබ Warm සමක් ඇති යුවතියක් නම් ඔබට පීච් හෝ කොරල් පැහැයේ බ්ලශ් එකක්ද ඔබ Cool සමක් ඇති යුවතියක් නම් ඔබට රෝස හෝ රතු පැහැයට හුරු බ්ලශ් එකක්ද වඩාත් ගැලපෙනවා.

- aniwa.lk





gossip lanka