රට පනින්න හිතං ඉන්න කොල්ලොන්ගෙ හීන 7ක්

ඔන්න මේ කියන්න යන කතාවට සමහර කොල්ලොන්ගෙ හිත චුට්ටක් විතර රිදේවි. මේක ලියන මගෙත් හිත රිදි රිදි තමයි මේ ලියන්නෙ. ඒත් මේ ලියන්නෙ ඇත්ත. මේ හීන ඇත්තටම හරි යයිද නැද්ද කියල දන්නැති වුනත් රට යන්න හිතාගෙන ඉන්න කොල්ලෙක් අනිවා පතාගත්තු, පතාගෙන ඔතාගත්තු හීන ටිකක් තමයි මේ. මේ කතා ඇහුවම පවු කියල හිතුනත් මේ අවංකවම කොල්ලෙක්ගෙ
හීන නිසා මෙවුවට මොකුත් කියන එකත් වැරදියි.

1. කොහෙටද යන්නෙ?

ඔන්න පුතේ රට යන ඕනම කොල්ලෙකුගෙ මූලික තීරණේ. කොහෙටද යන්නෙ? මුලින්ම හිතන්නෙ ඕක. මුලින්ම හිතෙන්නෙ නං සුවපහසු රටකට ගියානං හොඳයි කියලයි. ඒ කියන්නෙ ඔස්ට්‍රේලියාව එංගලන්තෙ වගේ එකක්. ඒත් ඊටපස්සෙ ආරංචි වෙනවා කොහොමහරි ඉතාලියට පැනගගත්තොත් උන් එලවන්නෙ නෑ කියලා. ඒ නිසා ඉතාලියට යන්න ට්‍රයි කරනවා. ඔන්න ඒවයෙ තියෙන අමාරුකං දැක්කට පස්සෙ තමයි හිතන්නෙ ආයෙ ඉතිං ඕන රටක් කමක් නෑ කියලා.

2. ගිහිල්ලා

ඉගෙනගන්න ගමන් රස්සාවක් කරනවා. අනාගතේ වැඩකට ඇති දෙයක් තමයි රස්සාව විදියට තෝරගන්නෙ. පිස්සු නටන්නෙ නෑ. බොන්නෙ නෑ. කෙල්ලො පස්සෙ යන්නෙ නෑ. ලොකු ලොකු කෑම කන්නෙ නෑ. පැය දෙකක් හරි නිදාගෙන රස්සාව කරලා හොඳ ගාණක් අතට හොයාගන්නවා.ඉගෙනගන්න එකනං ලොවෙත් ගොඩදාතැහැකි. භාෂාව තමයි ටිකක් අවුල. හීනෙ ජයගන්න තියෙන ලොකුම පරහ තමයි ඒක.

3.  සැප

අම්මවත් එක්කං යනව රට ‍තොට බලන්න. මුලින්ම මම එහෙ ගිහිල්ල හොඳට සල්ලි හොයලා, මාස දෙකක විතර නිවාඩුවක් ගන්න බලාගෙන දිගටම වැඩ කරනවා. ඊටපස්සෙ එක්සෑම් ඉවර වෙනවත් එක්කම එනව ගෙදර. ඇවිල්ල වැඩිකල් ඉන්නෙ නැතුව අම්මවත් එක්කගෙන රට යනව අම්මට මේ ආතල් එක පෙන්නන්න. අම්ම මං ගැන බය වෙයි සැක කරයි තමයි මෙහෙ එවුව දැක්කම. ඒත් ඉතිං බැනලා බැනලා හරි අම්ම සතුටු වෙන්නෙ නැතැයි. ඔක්කොම මට තියෙන ආදරේටනෙ.

4. කොලිටි ජොබක් හොයාගන්නවා

ආයෙ ඉගෙනගත්තු ෆීල්ඩ් එකෙන්ම බලලා කොලිටි ජොබක් හොයාගන්නවා. ඊටපස්සෙ ඔය පීසා ඩිලිවරි කරපු කාලෙ ඉවරයි. ඊටපස්සෙ කොල්ලා නියම ටයි පොලු බස්සපු රස්සාවක් තමයි කරන්නෙ. ඒ පඩියෙන් පුළුවන් අවුරුද්දෙන් ගෙයක් ගහලා වාහනේකුත් ගන්න. එහෙ ඉන්න පීඑච්ඩී තියෙන සුද්දොත් අතුගානව තමයි. හැබැයි පුතෝ මං ගහන ගේමට මට ළංකරන්න සුද්දෙකුටවත් බෑ.

5. සනම් තෙරි කසම්

එහෙ කෙල්ලො කොච්චර හිටියත් බඳින්නෙ ලංකාවෙ එකක් විතරයි. ඔය හැම් බේකන් චීස් බටර් මට දිරවන්නෑ… කිඹුල බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ… උඹේ අතින් රසට හදලා ලංකන් කෑම ටිකක් කන්න තමයි නෝනෙ ඕනේ. ජෙසිකලා රෑකට හොඳයි. ජනනිලා තමයි ජීවිතේට ළංකරගන්න ඕන.

6. මම එන්නෙ ඩුබායි රටේ ඉඳල

හොඳට සල්ලි හොයාගෙන ලංකාවට එනවා. ඇවිල්ල දානව බිස්නස් එකක්. ඒක බලාගන්න දෙනව මල්ලිට. ඊටපස්සෙ ඉතිං මට පෙන්ෂන් ගියා වගේ සැපෙන් ඉන්න තියෙන්නෙ දරු මල්ලොත් එක්ක. කට්ටිය ඉරිසියා කරයි, එකේක කතා කියයි. හැබැයි කොල්ලා සොමියෙන් ඉන්නවා සිකුරුයි.

7. ආයෙ ඉතිං වැකේෂන් විතරයි

ආයෙ ඉතිං රට යන්නෙ නෑ පුතෝ. ටුවර්වලට විතරයි යන්නෙ. ඒකත් ගෑණියි දරුවයි එක්ක. ආයෙ ඉතිං සල්ලි හම්බුකරන්නෙ නෑ. බිස්නස් එකකට ඉන්වෙස්ට් කළා. දරුපවුලත් එක්ක ආතල් එකේ සැපේ ඉන්නෙ මං.

- aniwa.lk


gossip lanka