1. දිරවනවද?
මුලින්ම තියෙන ප්‍රශ්න ඔතනට සෙට්වෙන හැමෝවම තමංගෙ හිතට අල්ලනවද කියන දේ. මොකද ඔහොම තැනකට සෙට්වෙනකොට සමහර යාළුවො තමංගෙ වෙනිං යාළුවොන්ව අරගෙන එන්න පුළුවන්. ඒ අතරෙ මීට කලින් හිත් නොහොඳකං ඇති වුනු අය ඉන්න පුළුවන්. ඒ ගැනත් හිතලම යන්න හිත නිදහසේ සෙට්වෙන්න බැරුව, කටට එන දේ කියාගන්න
බැරුව, පාලනය වෙවී යාළුවො එක්ක සෙට්වෙන එක අවුල්.
2. සල්ලි?
අතේ සල්ලි තියෙනවද? මදි වුනොත් කලෙක්ෂන් එකට දාන්න. තව කාටහරි සල්ලි ගේන්න බැරි වෙලා නං අනිත් අය එක්ක ෂෙයා කරගන්න. ගෙදර යද්දි ත්‍රීවීලර් එකක යන්න වගේ දේවල්වලට සල්ලි ටිකක් අතේ තියාගන්න එක හිතේ තියෙන සැකමුසු තැන්වලට හොඳ පිළියමක්.
3. වැඩ?
හෙට වැඩද? එහෙමත් නැත්තං රෑ සෙට්වෙලා ඉවරවෙලා ගිහිල්ලා තවත් කරන්න වැඩ තියෙනවද? ඔය දේ ගැනත් හිතන්න ඕන. නැත්තං ප්ලෑන් අවුල් යන්න පුළුවන්. ප්‍රයෝරිටි තියාගන්න එක වැදගත්. සෙට්වෙන්න සල්ලි හොයාගන්නෙ රස්සාවෙන් නිසා ඒකට මුල් තැන දීල, හිත නිදහසේ යාළුවො එක්ක සෙට්වෙන එක තමයි හොඳ.
4. ප්‍රශ්න?
ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක වලියක්ද? බොසා එක්ක අවුලක්ද? අම්ම එක්ක කතාබහක් ඇති වුනාද? ඔය වගේ ප්‍රශ්න හිතේ තියාගෙනනං සෙට්වෙන එක හොඳමදියි. මොකද ඔහොම ප්‍රශ්න තියෙද්දි නිදහසේ සෙට්වෙන්න බෑ වගේම වැඩිවුනොත් පිස්සු නටන්නත් ඉඩ තියෙනව. ඒ නිසා ප්‍රශ්න විසඳගෙනද ටේබල් එකට සෙට්වෙන එක තමයි හොඳ.
5. වගකීම්?
වයිෆ් ප්‍රෙග්නන්ට්ද? පොදු වැඩකට එකතු කරපු සල්ලි අතේ තියෙනවද? අම්මා අසනීපෙන්ද? පුතාව ගමනක් එක්කගෙන යන්න තියෙනවද? ඔහොම වගකීම් තියෙනවනං ඒ කාලය සෙට්වීමෙන් මගහැරලා ඉන්න එක හොඳයි. මොකද හදිසි තත්ත්වයකදී මුහුණ දෙන්න නිරවුල් මනසක් තිබිය යුතුමයි.
6. යන්නෙ කොහොමද?
සමහරුන්ට යාළුවො කතාකළාම හදිස්සියෙ ගිහිං සෙට්වුනාට එතනින් පස්සෙ දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ. ඒක අවුලක්. වැනී වැනී වාහනයක් ඩ්‍රයිවු කරන්නෙ කොහොමද? වගේ දේවල් ගැන හිතන්න ඕන. ආතල් එකට වඩා ජීවිතේ වටිනවා මචං!
- aniwa.lk
යාළුවො එක්ක සෙට් වෙන්න කලින් මේ දේ නොහිතුවොතින් අනිවා වරදියි!
2018-08-07T03:20:00-07:00
Gossip Lanka Hot News
slide|