අපි හැමෝම වැඩිය ආස නැති දෙයක් තමයි වෙඩින් ඉන්විටේෂන් කියන්නෙ. ඇයි ඉතිං සැළකිය යුතු මුදලක් අතින් කුඩු වෙන තත්ත්වයක්නෙ ඒකෙන් ඇතිවෙන්නෙ. දැන් ඔය මොක වුනත් යන්න වෙන වෙඩින් තියෙන නිසා කට්ටිය ඉතිං ඕවට යනවනෙ. මේ කියන්නෙ ඔය ගැන නෙමෙයි. මේ කියන්නෙ ඔය පවුල් පිටින් ඉන්විටේෂන් ලැබෙන ඥාති හිතමිතුරු වෙඩින්මය අවස්ථාවලදි අපේ නෑදෑයො වෙඩිමට තෑග්ගක් දෙන්න කලින් හිතල බලන කාරණා ටිකක් ගැන කතාවක්.
1. උන් අපිට මොනවද දුන්නෙ?
ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නෙ. උන් මොනවද අපිට දුන්නෙ? මුලින්ම මතකෙට නගාගන්නව එතෙක් මෙතෙක් අපේ පැවැත්වුනු උත්සව කිහිපයක් ගැන. ඒ උත්සවවලදි උන් අපිට දුන්නු තෑගි ටික මතක් කරගන්නවා. ඊටපස්සෙ ඒවයෙ වටිනාකම එකතු කරල ඒ උත්සව ගාණෙන් බෙදනවා. ඒකෙන් සියයට ගණනක් ලාභය ලෙසින් ඉවත් කරනවා. දැන් ඉතුරු ගාණට තෑග්ගක් හෝ ඒ ගාණ එන්විලොප් එකකට බහා මනාලියගේ අතේ ගුලි කරනවා.
2. හොඳ හෝටලේක ලොකුවටද වැඩේ කරන්නෙ?
ඔන්න අනිත් මොළේ අමාරුව. දෙයියනේ තමුන්ගෙ හිතවතා දුගී පැළේ වෙඩිම ගත්තත් සිටු මැදුරෙ වෙඩිම ගත්තත් ඒක තමුන්ට කියන්නෙ හේතුවක් ඇතුව. ඒ සහභාගි වීම වැදගත් කියන කාරණාව නිසා. ඉතිං එහෙම තත්ත්වෙකදි ඒකට යන්න ඕන එතන කොහොමද කියන එකට අනුව තෑගි සෙට් කරගෙන නෙමෙයි. තෑග්ගක් කියන්නෙ හිතේ සංතෝෂය උඩ සිද්ධ වෙන දෙයක්.
3. එදාට කන්න බොන්න දෙන්නෙ මොනවද කියල බලලම දෙනවා
තෑග්ගක් දෙන්න දෙයක් හිතාගන්නම බැරිවුනාම අපේ උන්දලා කරන දේ තමයි බිලක් කැඩීම. ඒ කියන්නෙ ඒ අදාළ අවස්ථාවට මිල ගණන් කැඳවලා ඒ අනුව ඒ මොහොතේදි අත මිට මොලවන මුදල් ප්‍රමාණය තීරණය කිරීම. සීටින් පෝරුවට ලඟද? විස්කි බ්‍රෑන්ඩ් එක? බූෆේ එකේ මස් වර්ග කීයක් තිබ්බද? බෑන්ඩ් එක මොකද්ද? වගේ දේවල් හිතලා අර ඉසෙඩ් ස්කෝර් එක හදන්න වගේ ඔහෙක් කරල මෙහෙක් කරල තීරණයක් ගන්නව
4. අනිත් උන් මොනවද දෙන්නෙ කියල හොයන්න ඕන
දෙන්න දෙයක් හිතාගන්නම බැරිවුනාම කරන තවත් දෙයක් තමයි මේ අවට තත්ත්වය විශ්ලේෂණය කිරීම. එක එකාට කෝල් දිදී හොයනව මොනවද දෙන්නෙ කියල. කීයක් දෙනවද කියල. ඒ ගමන්ම නෝමල් එකේ තමුන්ගෙ ස්ටෑන්ඩර්ඩ්ස් තියාගන්න ටෝක්ස් ටිකකුත් ඉෂූ කරනව. “ආහ් ඔයාල පන්දාහද දෙන්නෙ? අපි නං ටෙන් තවුසන්ඩ් දෙන්න හිතුවෙ අනේ. මගේ සාරි එකටත් ට්වෙන්ටි ගිය නිසා මේ පාර ටිකක් අඩුවෙන් දෙන්නෙ”
5. මට හම්බෙලා තියෙන ඒවයින් තෑග්ගක් දෙන්න වටින්නෙ මොනාද?
ඔන්න මේ වගේ අවස්ථාවක තමුන්ගෙම හිතින් අහන තවත් ප්‍රශ්නයක්. කලින් ලැබිච්ච ටී පොට්, කට්ලරි අයිටම්ස්, ඕනමන්ට්ස්, හෑන්ඩ්ෆෝන්ස්, රිස්ට් වොචස් වගේ එවුව කබඩ් පෙරල පෙරල හොයල දෙන්න තෑගි සෙට් කරගන්නව. අපි අඳුරන කට්ටියක් දුන්නා සෙල්ලං රාජාලියෙක්. අවුල් වගේ තමයි. ඒ වුනාට ඔතල දුන්නා. තෑග්ග තියද්දි රාජාලිය ක්‍රෑස් ගෑව. බලද්දි ගෙදරින් දාගනිද්දි බැටරි ගලවන්න අමතක වෙලා.
6. ඉන්විටේෂන් කාඩ් එවුවද? කෝල් කරල කිවුවද?
ඔන්න ඉතිං මේ වෙඩින් එකට දෙන ගාණ අඩු කරවන්න හිත එක්ක ගහන ගේමක්. ඇයි ඉතිං හිත හදාගෙන ගාණ අඩු කරන්නත් බෑ. හැබැයි ඒ ගාණ දෙන්නත් බෑ. ඒ වෙලාවට මෙන්න මේ වගේ දේවල් හිතලා පුළුවන් තරං ගාණ බස්සන්න තමයි බලන්නෙ. මේක ලේසි නෑ, හැබැයි මේකට හුරු වුනාම හිත හදාගන්න ඕනතරං හේතු හොයාගන්න පුළුවන් වෙනවා. හරියට නිකං “ඕකිගෙ කොල්ලා දවසක් අපේ පුතාට ඕවරේකට පිට පිට හයේ තුනක්ම ගැහුව කජු වත්තෙදි. ඔන්නොහේ දෙදාහක් ඇති.”
- aniwa.lk
වෙඩින් එකකට තෑග්ගක් දෙන්න කලින් අපේ උන්දැලා හිතන බහුබූත
2018-07-18T04:19:00-07:00
Gossip Lanka Hot News
slide|