වොරන්ටි ක්ලේම් කරන්න, රෙපෙයාර් කරගන්න ගියාම මෙහෙම කතන්දර වලට ඔයත් මුහුණ දීලා ට තියෙනවද?

අපි කඩේකින් මොනවා හරි බඩුවක් ගන්නකොට සැලකිලිමත් වෙන ප්‍රධානම කාරණාව තමා එයට වගකීමේ සහතිකයක් ලබා දෙනවද කියන එක. එහෙම වගකීමක් ලබාදෙනවා නම් හම්මේ හිතට එන සතුට කියලා වැඩක් නැහැ.

ඒ සතුට වැඩිකල් තියාගන්න වාසනාව නැතුව අර මිලදී ගත්තු බඩුව ඉක්මනින් ම කැඩුනා කියලා හිතන්නකෝ. අන්න එතකොට තමා මෙච්චර කල්
යකාව වහගෙන හිටපු අයිසින් තට්ටුව දිය වෙලා නියම ස්වරුපේ පෙනෙන්න ගන්නේ.

ඇත්තටම මේ අය තමන්ගේ අතේ වරද තියාගෙන අපිටම බැස්ටිය දෙන්න හදන්නේ මොකක් නිසාද? එන්න අපි කතා කරමු.

1. ඒ කෑල්ල අපේ නෙවෙයිනේ

මිලදී ගන්නේ සම්පුර්ණ වගකීම ම අදාළ භාණ්ඩයට තියෙන නිසා කියලා හිතමු. කරුමෙට මේක හදිස්සියේ කැඩෙනවා. අපි මේක මිලදී ගත්තු තැනටම අරගෙන යන්නේ අලුත් එකක් අරගෙන එන්න නම්, ඔවුන් අපිට කියන්නේ මේකේ පිච්චිලා තියෙන හෝ කැඩිලා තියෙන කොටස ඔවුන්ගේ වගකීමේ සහතිකයෙන් ආවරණය නොකරන බවයි. ඉතින් මෙහෙම වුනාට පස්සේ අපි තවදුරටත් එම වෙළඳ ආයතනයෙන් බඩු ගන්නවාද නැද්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. හැබැයි එකක්! ඔවුන් ඒ සේවාදායකයාව අහිමි කරගන්නේ ජීවිත කාලෙටමයි කියන එක.

2. සතියේ දවස් වල කැඩෙන්න කියන්න

මිලදී ගත්තු බඩුව කැඩුනට පස්සේ අපි සේවා ස්ථානයට හෝ වෙළඳ ආයතනයට රැගෙන ගියාට පස්සේ ඔවුන් කියන්නේ වගකීමේ සහතිකය අවසාන වී ඇති බවත්, වසරක වගකීම් සහතිකයක් ලබා දුන්නත් නිවාඩු දින සහ සති අන්ත එයින් ආවරණය නොවන බවත්. ඉතින් ඉන් පසුව සේවාදායකයා පත් වෙන්නේ හරිම අපහසුවකට.

3. මෙහෙක් කරනකොට තිබ්බා මෙහෙක් කරනකොට නෑ

මේක නම් අපි බොහොම දෙනෙක්ට වෙන අත්දැකීමක්. වැඩිපුරම ඔය යුනිටි ප්ලාසා වගේ කොම්පියුටර් ආශ්‍රිත බඩු විකුණන්න තියෙන වෙළඳසල් වලට තමා මේක වැඩිපුරම වෙන්නේ. අපි මිලදී ගන්නකොට කියන්නේ අපි මෙච්චර කාලයක් සිට සර්විස් එක දෙනවා ඒ නිසා බය වෙන්නෙපා කියලයි. ඒ වුනාට ලෙඩක් වෙලා කඩේට යනකොට එතන තියෙන්නේ වෙන කඩයක්. ඉතින් කාට කියලා රෙපෙයාර් කරගන්නද?

4. අලුත් ම වාගේ ජපන්

සමහර වෙලාවට අපි අපේ භාණ්ඩය අරගෙන ගිහින් දුන්නම මේක කැඩිලා වෙන එකක් දෙන්න කියලා, අපිට ලැබෙන්නේ අපේ වගේම රෙපෙයාර් කරපු පරණ එකක්, සමහර විට අපේ භාණ්ඩයට වඩා පැරණි එකක් වෙන්නත් පුළුවන්. මොනා කරන්නද?

5. රෙපෙයාර් බඩුව අද නොවේ හෙට

රෙපෙයාර් පොයින්ට් එකට අදාළ කඩෙන් අපේ භාණ්ඩය හදාගන්න කියලා යොමු කලත්, දවසෙන් දවස පහු කරනවා වගේ අමිහිරි අත්දැකීම් අපි කාට වුනත් තියෙන්න පුළුවන්. මගේ මිතුරෙක් කරන්නේ වියදම් ගියත් කමක් නැහැ කියලා ඔහු දන්නා තැනකට තමන්ගේ කැඩුන භාණ්ඩය ගිහින් දීලා හදාගන්න එකයි. ඇයි ඉතින් සමහර තැන්වලට දුන්නට පස්සේ ආපහු ලැබෙන්නේ අවුරුද්දකින් දෙකකින් වෙන්නත් පුළුවන්. එතකොට ඉතින් කොහොමත් වගකීම ඉවරයි. ඊට පස්සේ ඔවුන් අපෙන් ගිය වියදම අය කරගන්නවා.

6. එහෙම එකක් ඔයා ගත්තද?

“අයියෝ අපිට එහෙම එකක් සෙල් කරා කියලා සිස්ටම් එකෙන් පෙන්නන්නේ නැහැනේ?
සමහර විට අපේ තර්ඩ් පාටි වෙන්ඩර් කෙනෙක් ගෙන් ගත්තද දන්නේ නැහැ!”

මෙන්න මේ වගේ අවුල් ටෝක්ස් දෙනකොට තමා ඉවසන්න බැරි. එහෙත් අවාසනාවකට වගේ මෙහෙම දෙයක් ඇත්තටම වුනොත් ඉතින් සොරි ඩොට් කොම් තමා..! මොනා කරන්නද එක්කෝ වෙන තැනකට දීල රෙපෙයාර් කරගන්නවා හෝ මැටි ගඩොලක් වගේ ගෙදර තියා ගන්නවා ඇරෙන්න.

7. එයාලගේ අවුලටත් සල්ලි අපෙන්

සමහර වෙලාවට අපි ගන්න බඩුව මොකක් වුනත් මොකක් හරි අවුලක් පෙරනිමියෙන් ම එනවා කියලා හිතමු. එහෙම වෙලා අපි වගකීමේ සහතිකයත් අරගෙන ගියත් එයාලා කියන්නේ මේක මෙහෙම වෙන්න හේතුව අපේ වරදක් බවයි. සමහර වෙලාවට ඔවුන් අපෙන් මුදල් අයකරගෙන ඔවුන්ගේ සේවය සපයාදෙන්න තරම් අසාධාරණ වෙනවා. එහෙත් ඔවුන් සිතන්නේ නැහැ ඔවුන් කරගන්නේ අනාගතයට විශාල පාඩුවක් බව.

- aniwa.lk




gossip lanka