ඔබත් අපිත් ෂොපිං කරද්දි සදා හසුවන මුදල් ඉතුරුම් මිත්‍යා මත 6ක්

බඩු ගන්නවා වගේ ම අපි ඒ වගේම ආසයි සල්ලිත් ඉතුරු කරගන්න. එහෙත් දවස අන්තිමට බැලුවම අපි අතින් පුදුම වියදම් ගිහින්, අරගෙන තියෙන්නෙත් එකම බඩු. මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමා අපි බඩු ගන්නකොට අපේ උවමනාව ඉස්සර කරගෙන වෙළඳපොලේ හොර ගැට ඉස්සරහට එන එක. මේකට කරන්න තියෙන්නේ ඉතින් අහුවෙන්නේ නැතුව ඉන්න එක වුනාට අපි කවදා හරි දවසක මෙහෙම දේකට අහුවෙන්න ඉඩ තිබෙනවා. ඒ
නිසා මේ දේවල් මතකෙට දාගන්න එක හොඳයි.


1. 5ක් ගත්තොත් 1 නොමිලේ

අපි කඩේට යන්නේ එක සබන් කෑල්ලක් ගන්න. ඒ වුනාට බෝඩ් එකක් ගහලා තියෙනවා 5ක් ගත්තොත් එකක් නොමිලේ දෙනවා කියලා අපි ගන්නවා ඒ ඔෆර් එක. සබන් කෑල්ලක් වැඩිපුර හම්බුනා තමා, සබන් කෑලි 4ක මිලට. ඒවුනාට අපි ගන්න ගියේ එක සබන් කෑල්ල වෙනුවට 4ක් සල්ලි දීලා අරගෙන නේද? මොන ජීවිතද අප්පා මෙව්වා. ☺

ඒ වගේම එකක් ගත්තොත් තව එකක් නොමිලේ (buy 1 get 1 free) කියලා දෙන ඒවත් අපි දැක්ක ගමන් ගන්නවා. එහෙත් අපි තේරුම් නොගන්න දේ තමා. මේ නොමිලයේ දෙන ඒවා බොහෝ වෙලාවට කල් ඉකුත් වෙන්න ආසන්න භාණ්ඩ, සමහර විට එකක් භාවිතා කරලා ඉවරවෙනකොට අනිකේ කල් ඉකුත් වෙලා තියෙන්නත් පුළුවන්.

2. සේල් එකේ ගන්න එක තමා ලාභම

මේ වෙනකොට සේල් ලංකාව හැම තැනම පුදුම විදිහට මිල ගණන් අඩු වෙලා තියෙන්නේ. ඉස්සර අපි ගන්න බලපු ලොකු සපත්තු දැන් පොඩි ගණන් වලට විකුණන්න දාලා.

දකින්නේ එහෙම වුනාට ඇත්තටම එහෙම නෙවෙයි. සේල් කියලා දෙන්නේ නියම මිලට. ඔවුන් කවදාවත් පාඩුවක් කරගෙන අපිට බඩු විකුණන්නේ නැහැ. ඇත්තටම අපි තමා වැඩිපුර දීලා බඩු මිලදී ගන්න හදන්නේ. මොන ජීවිතද අප්පා මෙව්වා. ☺

3. ගාන 299යි අවුලක් නැහැ 300 වෙලා නැහැනේ

ගාණ දෙසිය ගාණක් නිසා අවුලක් නැතුව ගත්තා කියල හිතුවට මොකෝ හරියට බැලුවොත් ගාණ 300ක් වගේ තමයි. සමහර වෙලාවට මිල රුපියල් 299.99 කියලා දාන වෙලාවල් පවා තියෙනවා. ඒ වුනාට අපේ ඔලුවට යන්නේ ආසන්න ගණනට වඩා මුලින් සඳහන් වෙලා තිබෙන ඉලක්කමේ ගණන නිසා අපි ගන්න පෙලඹෙනවා. මොන ජීවිතද අප්පා මෙව්වා. ☺

4. ක්‍රෙඩිට් කාඩ් ඩිස්කවුන්ට්

ක්‍රෙඩිට් කාඩ් ගත්තම අපිට එන ඩිස්කවුන්ට් කොළ ටික දැක්කම අපිට ලෝභ කමේ බෑ. අනේ අපි අහිමි කරගන්න යන්නේ මෙච්චර වටිනාකමක් තියෙන ඔෆර් එකක්නේ කියලා. එහෙත් ඇත්තටම අපිට ඒ ඔෆර් එක ගන්න තරම් උවමනාවක් තියෙනවද කියලා හිතෙන්නේ බඩු ගත්තට පස්සේ.

අපේ එක යාලුවෙක් හිටියා මිනිහට ෆෝන් එකක් ගන්න අබාන්ස් එකට ගිහින් හැබැයි ගෙදර ආවේ Hi-Fi Setup එකක් අරගෙන. බලනකොට සෙට් එක ගත්තම ෆෝන් එකක් නිකං දෙනවලු. මේ ගෝතයා එකට රැවටිලා. මොන ජීවිතද අප්පා මෙව්වා. ☺

5. කොටස් වශයෙන් ගෙව්වම දැනෙන්නේ නැහැ

හිතන්න, ටීවී එකක් ගන්න ටිකක් විසාල ගාණක් වැය වෙනවා. එහෙම වෙලාවකට අපිට හිතට සහනයක් දැනෙනවා කොටස් වශයෙන් මාස අච්චරක් ගෙවන්න තියෙනවා මෙච්චරක් ගෙවන්න තියෙනවා කියලා තියෙන නිසා. අදාළ ආයතනයත් කැමතියි අපිට කොටස් වශයෙන් ගෙවන්න සලස්සන්න. කොටස් වශයෙන් ගෙවා මිලදී ගන්නකොට අපිට ලොකු ගිවිසුමකට අත්සන් කරන්න වෙනවා. මේක කියෙව්වනම් කවදාවත් අපි බඩු ගන්නේ නැහැ. ඒක වෙනම කතාවක්.

ඒවුනාට පොඩ්ඩක් අහලා බලන්න එකපාර ගෙව්වම කීයක් ඩිස්කවුන්ට් දෙනවද කියලා. ඔබ පුදුම කරමින් ඔවුන් විශාල දැනෙන මුදලක් අඩු කරාවි. ඒ වුනාට කොටස් වශයෙන් ගෙව්වම දැනෙන්නේ පොඩ්ඩක් ගෙවනවා වගේ වුනත් අවසානෙදි අපි ඇත්තටම ලොකු ගාණක් ගෙවලා. සමහරවිට පොළියකුත් එකතු වෙලා.

6. ලොකු % වල ලාභෙ දැකලා ගෙදර ගෙනාවට යට තිබ්බ පුංචි තරුව දැක්කේ නැද්ද?

සමහර වෙලාවට ලොකුවට බෝඩ් එහෙම ගහලා අච්චර අඩු කළා මෙච්චර ලාභ කළා කියලා තියනව දැක්කම අපි එක පාර ගිහින් බඩු ගන්නවා. ඒ වුනාට ඇත්තටම අපිට එක දෙයක් බලන්න අමතක වෙනවා. පොඩ්ඩක් බලන්න එහෙම ගහලා තියෙන තැනක පොඩියට තරුවක් එහෙම දාලා කොන්දේසි සහිතයි කියල දාලා තියෙනවද කියලා.

බොහෝ වෙලාවට කොන්දේසි සහිතයි කියලා තියෙන්නේ එක්කෝ වෙළඳ සලේ සාමාජික කාඩ් පත් සහිත අයට වෙන්න පුළුවන්, එහෙම නැතිනම් අඩුගානේ රුපියල් 1000කට, 2000කට වැඩි බඩු ප්‍රමාණයක් මිලදී ගත්ත කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ නිසා ඊළඟ පාර බඩු ගන්නකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි. නැත්නම් ලාභයක් කරගත්තා කියල හිතන් ගෙදර ගෙනාවට ලාභයක් ඉතිරියක් වෙන එකක් නෑ.

- aniwa.lk


gossip lanka