කෑගහන්නැතුව වැඩක් ගොඩදාගන්න බොසෙකුට කරන්න පුළුවන් දේවල්

දැන් ඉතිං ඔය බොස්ලා ඉන්නවනෙ. හුඟක් අය හෙණ ගණං. වැඩක් ආපු ගමන් ආ මේක කරපං කියල එයාල සුජාත දියණී බල බල ඉන්නව ඉතිං. ඕකෙන් වෙන්නෙ සේවකයො එයාලා ගැන උරණ වෙන එක. ඒ හින්දා එහෙම නැතුව බොස් කමත් ගොඩදාගෙන, වැඩෙත් ගොඩදාගන්න විධි ටිකක් තමයි අපි මේ කියන්නෙ. අපි මේකෙ ගොඩක් දවස්වල ලිවුවෙ සාමාන්‍ය වැඩ කරන සේවකයට ඕන වෙන ටිප්ස්.
ඉතිං අපිට බොසාලගෙන් හෙන වදේ.



1. වැඩක් කරන්න තියෙන හොඳම විදිය

අලුතෙන් වැඩක් ආවම ඒ වැඩේ ඉක්මනට හොඳට කරන්න ‍ඕන හොඳම විදිය තමුන්ම හිතන්න ඕන නෑ. කියන දේ කරන වඳුරු රැලක් වෙනුවට හිතල වැඩ කරන පිරිසක් තමුන්ගේ යටතේ හදාගන්න එක බොසෙකුට හොඳයි. නැත්තං බොසෙකුට හදිස්සියෙ නිවාඩුවක්වත් ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා වැඩක් ආවම ඒක කරන්න තියෙන හොඳම විදිය තමුන්ගෙ සේවකයන්ගෙනුත් අහල සාකච්ඡා කරල කරන්න අත ගහන එක හොඳයි. ඒකට සේවකයොත් කැමති වේවි.

2. කණ්ඩායම්

තමුන්ට එන වැඩක් තමුන්ගෙ සේවකයන්ගෙ ඔලුවට නිකංම අතාරින්නෙ නැතුව කණ්ඩායම් විදියට එක එක ටාස්ක් සෙට් කරලා දෙන්න පුළුවන්නං ඒකත් බොසෙකුට වටින තියරියක් වේවි. එතකොට කණ්ඩායමකට සම්පූර්ණ චිත්‍රය ගැන හිතන්න වෙන්නෙ නෑ වගේම කණ්ඩායම ඇතුළෙ උපනායකයෙකුත් හැදෙන නිසා වැඩේ කරගෙන යන්නත් ලේසි වේවි.

3. මෝටිවේෂන්

වැඩක් ටිකක් බාරදූර විදියට සෙට් වුනොත් එහෙම ඒකට අතගහන්න කලින් තමුන්ගෙ හිතේ තමුන්ගෙ කණ්ඩායම ගැන තියන විශ්වාසය පෙන්වන්න පොඩි මෝටිවේෂනල් ස්පීච් එකක් ගොඩදැම්මනං මරු තමයි. හැබැයි එහෙමයි කියල හැමදාම දේශපාලකයො වගේ කතා කිය කිය ඉන්නෙපා. කාලය අපරාදෙ වේවි. වචන ටිකකින් තමුන්ගෙ හිතේ ඔවුන් ගැන තියෙන විශ්වාසය හිතට අවංකව කියන්න.

4. ඔන් ඇලර්ට්

සේවකයො කැමතියි කැපවෙන ලොක්කෙකුට. ඒ කියන්නෙ තමුන් කරන වැඩේට ලොක්කා තුළත් යම් කැපවීමක් තියෙනවා කියල බොසා විසින් පෙන්වනවට සේවකයන්ගෙ හිතේ පොඩි ආසාවක් තියෙනවා. මෙන්න මේක අඳුරගෙන සේවක‍යන්ගෙන් යථා තත්ත්වය විමසමින්, තමුනුත් පොඩ්ඩක් ඔලුව දදා වැඩ කරන එක හොඳයි. ඒක සේවකයන්ගෙ හිතටත් ලොකු ශක්තියක් වෙනව වගේම තමුන්ගෙ වැඩේ තමුන්ට ඕන විදියට අඩු පාඩු නැතුව කරගන්නත් පුළුවන් වෙනවා. ඒනිසා මේ විදියට වැඩේ ගැන ඇලර්ට් එ‍කේ ඉන්න ගමන් තමන්ගෙ වැඩේ සිද්ධ වෙන අඩුපාඩු සහ ඒකෙ ඉදිරිය මෙන්ම දැනට පවතින තැන ගැනත් දැනුමක් ගන්න පුළුවන්.

5. කෝලි නෙමෙයි දෝනි ටයිප් වෙන්න

රිස්ක් එක හිතේ තියාගෙන කූල් එක ඔලුවේ තියාගන්න. පොඩි දේටත් සේවකයන්ට කෑගහන්න, පිස්සෙක් වගේ ඒ මේ අත දුවන්න හදන්නෙපා. ප්‍රශ්නයක් ඇතිවුනොත් කල්පනා කරල ඒවට විසඳුම් හොයන්න. ඒ වැරැද්ද ආයෙත් සිද්ධ නොවෙන යාන්ත්‍රණයක් හදන්න. ඒකෙන් සේවකයන්ගෙ හිතෙත් ලොකු පැහැදීමක් ඇති වේවි.

6. ඩිෆෙන්ඩ්

හැමතිස්සෙම තමුන්ගෙ සේවකයව ඩිෆෙන්ඩ් කරන්න. ජයග්‍රහණය බෙදාගන්න. පරාජය වෙනුවෙන් තනිව මුහුණ දෙන්න. වැරැද්දක් සිද්ධ වුනොත් සේවකයන්ව අල්ලලා නිකං ඉන්නෙපා. තමුන් වරද පිළිගන්න. කවුරුහරි තමුන්ගෙ සේවකයන්ට අත දික්කළොත් තමුනුත් ඔවුන්ගෙ පැත්තට ගිහින් සේවකයට ‍බනින්නෙ නැතුව සේවකයන්ව ඩිෆෙන්ඩ් කරන්න. ඔවුන්ට හැකි තරම් වරප්‍රසාද දෙන්න හෝ ගෙනදෙන්න උත්සාහ කරන්න.

7. තමුනුත් පොඩ්ඩක් බහින්න

සේවකයො කැමතියි වැඩදන්න ලොක්කෙකුට. නිකංම නිකං ඔලුව දදා බලල යනවට වඩා හෝ පුටුවෙ පෙල්ල දාලා ඉන්නවට වඩා ලොක්කෙක් විදියට තමුන්ගෙ සේවකයන් එක්ක ටිකක් වැඩකරන්න. ඒකෙන් තමුන්ගෙ සිතීම් හැකියාවත් දියුණු වේවි. සේවකයන්ට හොර කරන්නත් බැරි වේවි. ඒ නිසා ඒක දෙපැත්තටම ‍වාසිදායක තත්ත්වයක්. ඒක උඩින් පල්ලෙන් බලලා තමුන් අතරින්පතර තමුන්ගෙ වැඩේ සිද්ධ වෙන විදිය විමසනවට වඩා ප්‍රයෝජනවත්. ඒ වැඩෙන් අනාගත ව්‍යාපෘතිවලටත් හොඳ සැලසුම් සාද ගන්න, තමුන්ගෙ සේවකයන්ගෙ සැඟවුනු දක්ෂතා හඳුනාගන්න අවස්ථාවක් ලැබේවි.


- aniwa .lk








gossip lanka