ගොඩක් අය හිතාගෙන ඉන්නව තමුන්ට කාගෙවත් උදවුවක් ඕන නෑ කියල. ඒ නිසා ගොඩක් මිනිස්සු හැමදේම තමන්ගෙ හිතුමතේට කරන්න ගිහින් තියෙන සල්ලි ටිකට, කාලයට සහ ලැබෙන අවස්ථාවන්ට හානි කරගන්නව. මේ ලියන්නෙ තමුන්ගෙ පණ්ඩිතකම් පැත්තක තියාල වැඩේ ගැන ප්‍රවීණයෙකුගෙන් උදවු ගත යුතු පොදු අවස්ථා කීපයක් ගැනයි. ඔයත් සමහරවිට මේ කියන දේවල්වලින් එකක ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. එහෙමනං කවුරුහරි තමුංගෙ හිතුමතේට වැරදි
තීරණයක් ගන්න යනවනං යාළුවෙක් විදියට ඒ දේ ඒ මිනිස්සුන්ට කියන්න.
1. අසනීපයක්
අසනීපයක් කල් පවතිනවා කියලා දැනුනම ඒකට ඉන්ටනෙට් එකේ විසඳුම් හොයන එකනං එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒකෙ තියෙන සෙවුම් ඔබ සොයන දෙයට අනුව වෙනස් වෙනවා. අනික ඒ වෙනුවෙන් හෙන කට්ටක් කාලා අවුරුදු ගණං ඉගෙන ගෙන, පාඩං කරලා. මිනී කපලා, නිදි වරාගෙන මහන්සි වෙලා ස්ටෙතස්කෝප් එකක් බෙල්ලෙ දාගෙන මහන්සි වෙන ජාතියක් ඉන්නවා, දොස්තරලා කියලා. ඒ නිසා අසනීපයක් දුර දිග යනවනං කටුවැල්බටු තම්බ තම්බ ඉන්නෙ නැතුව දොස්තර කෙනෙක් ගාවට යනවනං හොඳයි. සමහරු කියයි අපේ මුතුන්මිත්තෝ දොස්තරලා ගාවට ගියේ නෑ. ගෙදරම මෙහෙම බෙහෙතක් හදාගෙන බිවුව කියලා. ඒ අයට මූණටම කියන්න, ඉස්සර මුතුන්මිත්තො මේ තරං දූෂිත පරිසරේක හිටියෙ නෑ කියලත්.
2. නීති ප්‍රශ්න
ඔයා පොර වෙන්නැති. ඔයා ෆේස්බුක් එකේ එක එකා දාන නීති ගැන සටහන් කියෝලා ප්‍රවීණයෙක් වෙලත් ඇති. ඒ වුනාට ඇත්තටම නීති ප්‍රශ්නයක් ආවම ඒ නීති ටයිප් ඇප්ලයි කරලා බලන්න යන්නෙපා. ඒක රිස්කි වැඩක්. නීතිය ඉගෙනගන්න යාළුවොත් එපා. ලෝයර් කෙනෙක්වම වැඩේට අල්ලගන්න. එහෙම නැති වුනොත් උන් හිටි තැනුත් නැතිවෙලයි පස්ස බලන්නෙ. දොස්තරටයි ලෝයර්ටයි ඇත්ත කියන්න බයවෙන්නෙපා කියලනෙ කියන්නෙ. ඒ නිසා ඇත්තම කියලා තමුන්ගෙ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න එක හොඳයි.
3. ඉලෙක්ට්‍රික
ගෙදර වයර් ෂෝට් එකක් තියෙනවනං, ෆ්‍රිජ් එක කැඩිලානං වගේ දේවල්වලදි බේසික්ස් ටිකවත් නොදැන මම ම බලන්නං කියලා අත පය දාන්න යන්නෙපා. කරන්ට් වැදුනොත් ගෙදර මිනිස්සුන්ට ෆ්‍රිජ් කැඩිච්ච අස්සෙ මී හරකුන්ව ඉස්පිරිතාලවලත් උස්සන් යන්න වෙනවා. ඒ නිසා දන්න මනුස්සයෙකුට කියලා ඒ දේවල් ගොඩදාගන්න උත්සාහ කරන එක හොඳයි. ඒක අදාළ භාණ්ඩයේ ඉදිරි භාවිතාව, තමුන්ගෙ ආරක්ෂාව සහ පහසුව කියන හැම දේටම හොඳ දෙයක්.
4. ලෝන්
ලෝන් එකක් ගන්න යනවනං තමුන්ගෙ අවශ්‍යතාවය එක්ක හොඳම ලෝන් එක මොකද්ද සහ ඒකට යායුතුම තමුන්ට පහසුදායක බැංකුව මොකද්ද කියන එක ගැන මූල්‍ය ආයතනයකට සම්බන්ධ තමුන්ගෙ මිතුරෙකුගෙන් අසා දැනගන්න. ඒ වගේම මිතුරා තෝරගනිද්දිත් ඒ තමුන්ට වඩා තමුන්ගෙ කොම්පැනිය ලොකු කරගත්තු මිතුරෙක් නොවන බව පැහැදිලිව දැනගන්න. මොකද ලෝන්වලදි ඇප්ලයි කරන්න ඕන විදි සහ අවශ්‍ය ලිපි ලේඛන දැන ගියාම පහසුව වැඩියි වගේම, ආපසු ගෙවීමත් තමුන්ට වඩාත් පහසු වෙන විදියේ සිස්ටම් එකක් හදාගන්න උපදෙස් අරගෙන ගියානම් හොඳයි.
5. කාර්
කාර් ගැන අවස්ථා දෙකකදි එක්ස්පර්ට්ලගෙන් උපදෙස් ගන්න එක හොඳයි. ඒ කාර් එකක් ගනිද්දි සහ කාර් එකක් කැඩුනම. කාර් එකක් සෙකන්ඩ් හෑන්ඩ් නං ඒක ගන්න යනකොට අනිවාර්යෙන්ම එක්ස්පර්ට් කෙනෙකුව එක්කගෙන යන එක හොඳයි. ඒ වගේම කාර් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න යනවනං හරි හමං කාර් එකක් තෝරගන්න ආසා හැඩේ සහ අතේ ගාණ විතරක් නොබලා එක්ස්පර්ට් කෙනෙකුගෙන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට්, ලීටරේට කොච්චර දුවනවද, මේන්ටෙනන්ස් අඩුයිද වගේ දේවල් බලලා යන එක හොඳයි.
6. ඉන්ටනෙට් සෝෂල් මීඩියා
ඔය ඉන්ටනෙට් සහ සෝෂල් මීඩියා වැඩ වලදි ඒ ගැන තෙම්පරාදු වෙච්ච බුවෙක් ගෙන් පොඩි ඇඩ්වයිස් පාරක් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් හැමෝම ඔය සෝෂල් මීඩියාවලට පමණට වඩා ඇබ්බැහි වෙලා තියෙන නිසා පුද්ගලිකත්වෙ ලේසියෙන්ම එළියට යන්න පුළුවන්. ඒ නිසා අඩුම තරමෙ තනි කැමැත්තට ගොන් වැඩක් කරන්න කලින් එකස්පර්ට් කෙනෙක්ගෙන් අහනවනං වැඩේ තමුන්ට හොඳයි.
7. ගෙයක් ගනිද්දි සහ හදද්දි
ගෙයක් කියන්නෙ තමුන් ජීවිත කාලෙටම බළාපොරොත්තුවක් තියාගෙන යන තැනක්. එහෙම තැනක් හොඳට හොයලා බලලා ගන්න යනවනං හොඳයි. ගිලා බහියිද නැද්ද? වගේම වටපිටාව යනාදී සියළු දේ ගැනම එක්ස්පර්ට් බුවෙක් ඔබේ මිතුරු හවුලෙ නැතිවෙන්න විදියක් නැහැ. තනි කැමැත්තට සිං සිං ගාලා ගෙවල් අරන් සදාකාලිකව විඳවන්න හොඳ නැති නිසායි අපි මේ කතාව කියන්නෙ. ඔය දේම ගෙයක් හදද්දිත් තියෙනවා. බාසුන්නැහේට කලින් විශ්වාස කරන්නට හැකි සහ සබ්ජෙක්ට් එක දන්නා මිනිසෙකුගේ අධීක්ෂණයට එය ලක්කළ යුතුමයි.
- aniwa.lk
එක්ස්පර්ට් කෙනෙකුගෙන් උදවු ගන්න ඕන අවස්ථා 7ක්
2018-06-22T02:52:00-07:00
Gossip Lanka Hot News
slide|