දෙන්නත් එක්ක එකට ජීවත් වෙන්න පටන් ගත්තහම දෙන්නට දෙන්නගේ තියෙන වාත පුරුදු ෂේප් කරගන්නේ මෙහෙමයි

ඔය කීමට පැරණි කවියෝ කියලා තියෙනවනේ කසාදයක් බැඳලා දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන්නේ රන් රස සේ එක් වීමක්ය කියලා. හැබැයි ඕක අලි පචයක්. ඇයි මනුස්සයෝ රත්තරං සහ රසදිය ලොවෙත් එකතු වෙන්නෙ නෑනේ. හැබැයි මෙහෙමත් සීන් එකක් තියෙනවා. ඇත්තටම කසාද බැඳලා එකතැන් වුනා කියලා දෙන්නෙක් එහෙම එක්කෙනෙක් වෙන්නෙ නෑ. දෙන්නා දෙන්නෙක් තමා. සිද්ධ වෙන දේ තමයි මේ දෙන්නට එකට ජීවත් වෙන ආට් එක ඉගෙනගන්න වෙන එක. එහෙම බැලුවොත් නං ඔය රන්-රස සීන් එක හරිය කියන්න පුලුවන්. හැබැයි මෙහෙමත් සීන් එකක් තියෙනවා. දැන් ඔය කසාද බැඳපු කපල් එකක් එක ගේක ජීවත්
වෙන්න එනකොට කෙල්ලයි කොල්ලයි දෙන්නම එන්නේ තම තමන්ගේ තනියෙන් ගෙවපු ජීවිතේ තිබුණු වාත පුරුදුත් අරගෙනම තමයි. කසාද බැඳලා මුල් කාලේ වලි යන්නෙත් ඔන්න ඔය වාත පුරුදු නිසා තමයි. අන්න ඒ නිසා දෙන්නම සමාදානෙන් මේ වාත පුරුදු ෂේප් කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න වෙනවා. අන්න ඒකට උපදෙස් ටිකක් දීලා පිනක් සිද්ධ කරගන්න තමයි අපි මේ ලැහැස්ති වෙන්නේ!

1. මතක් කරන්න ක්‍රමයක් හොයාගමු

දැන් කොල්ලෙක් සාමාන්‍යයෙන් ටොයිලට් එකේ පියන පහලට දාලා එන්නේ එහෙමත් වෙලාවක තමයි. කෙල්ලෙක්ට ඕක තරම් මල පනින වැඩක් තව නෑ. සමහර වෙලාවට දැන් කොල්ලට ඇත්තටම ඕක පුරුදු වෙන්න වුවමනාව ඇති. හැබැයි ටොයිලට් එක ඇතුළට ගියාට පස්සේ මලාට ඕක මතක් වෙන්නෙ නෑ. ආන්න ඒකට කරන්න පුලුවන් දෙයක් තමයි තමන්ගේ පුද්ගලික බාත් රූම් එකේ කොමෝඩ් එකට උඩින් බිත්තියේ ටොයිලට් සීට් එක වහන්න කියලා පොඩි ග්‍රැ‍ෆික් එකක් ප්‍රින්ට් කරලා එල්ලන එක. ඔය වගේ මතක් කිරීමේ ක්‍රමවේදයන් ඕනම දේකට යොදාගන්න පුලුවන්.

2. සාම ගිවිසුම්

දැන් සාම ගිවිසුම් ගහන්නේ කොහොමද? ගොඩක් වෙලාවට දෙපාර්ශවයක් මොනවා හරි දේවල් ඉල්ලලා ගේම කෝල් කරනකොට, දෙපැත්තටම සතු‍ටු වෙන්න පුලුවන් දේවල් දීලානේ සාම ගිවිසුමක් ගහන්නේ. ඔන්න ඔය ක්‍රමේ කසාද බැඳපු කපල් එකකට අනිවා යොදාගන්න වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට කොල්ලා කොයි වෙලාවෙත් කම්පියුටරේ ගේම් ගගහ ඉන්නවා නං, කෙල්ල කොයි වෙලාවේත් ෆේස්බුක් එකේ නං දෙන්නට පුලුවන් මේ තමන්ගේ වැඩ වලට දවසින් පැයක් වෙන් කරගන්න. ඊට පස්සේ දෙන්නම ඒ පැයේ රූල් එක පිළිපදින්න ඕන. ප්‍රශ්නේ ඉවරයි.

3. තමන්ගේම සිස්ටම් හදාගමු

දැන් ඔය කසාද බැඳපු කපල් ගහගන්න තැන් තමයි බඩු අරගෙන එතනම තියන්නේ නැති එක. එතකොට එක්කෙනෙක්ට එන ෆෝන් කෝල් එකක මැසේජ් එක අනික් කෙනා දෙන්න අමතක කරන එක. බඩු ලිස්ට් අනං මනං දාලා ගිහින් සුපර් මාකට් එකේ ඉඳන් කෝල් දෙන එක. ඔන්න ඔය වගේ පොඩි පොඩි වාත සීන්. අන්න ඒවා විසඳගන්න හොඳම ක්‍රමේ තමයි තමන්ගේම සිස්ටම් හදාගන්න එක. උදාහරණයක් විදියට එක එක බඩු තියෙන විශේෂ තැන් වලට දෙන්නටම එකඟ වෙන්න පුලුවන්. ඒ කියන්නේ ටූල්ස් තියෙන්නේ මෙතන. තේ හදන බඩු තියෙන්නේ මේ පැන්ට්‍රි කබඩ් එකේ වගේ දේවල්. ඊට පස්සේ බඩු ලිස්ට් හදන්න යතුරු, පර්ස් තියෙන තැන නෝට්පෑඩ් එකක් තියන්න පුලුවන්. මැසේජස් වලට ෆ්‍රිජ් එකේ අර ස්ටිකි නෝට් බුක් එකක් එල්ලන්න පුලුවන්. ඔන්න ඔය වගේ දේවල්.

4. සමහර ඒවා නං හදාගන්නම වෙනවා

දැන් ඔය හස්බන්ඩ්ගේ හරි වයිෆ්ගේ හරි සමහර පුරුදු තියෙනවා ඒවාට සාම සාකච්ඡා, සාම ගිවිසුම් ගහලා හරියන්නෙ නෑ. අනිවා හදාගන්නම වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් අපි කියමු අම්බානෙක මල පැනලා වාහන එලවන හස්බන්ඩ් කෙනෙක් කියලා. ඒකට අනිවා විසඳුමක් හොයාගන්න වෙනවා. එතකොට මාසෙකට ආදායමට වඩා වියදම් කරන වයිෆ් කෙනෙක් කියමු. ඒකටත් අනිවා විසඳුම් ඕන වෙනවා. දැන් ඔන්න ඕවා හදාගන්න නං ගේම කෝල් කරලා හරියන්නෙ නෑ. ඒකට බොහොම ආදරෙන්, කරුණාවෙන් දේවල් කියලා දෙන්න, ඒ දේවල් හදාගන්න උදවු කරන්න ඕනම හස්බන්ඩ් කෙනෙක්, වයිෆ් කෙනෙක් දැනගන්න ඕන.

5. සමහර ඒවා ඉවසන්නත් වෙනවා

මෙන්න මේක තමයි ඊලඟ කේස් එක. සමහර පුරුදු තියෙනවා අපිට කියන්න බෑ මේවා වැරදියි කියලා. හැබැයි ඒවා අපිට වාතයි. එතකොට ඒක හදාගන්න කියලා කිව්වොත් අනිවා වලියක් ඇදෙන්නේ. ඊට වඩා හොඳයි මුලින් සාම සාකච්ඡාවකට ඇවිත් බලන එක. හැබැයි සමහර විට එහෙම දේකින් වුනත් මේ පුරුදු හැදෙන්නෙ නැති වෙන්න පුලුවන්. සමහර ඒවා එහෙම පුරුදු නෙවෙයි වෙන්නත් පුලුවන්. උදාහරණයක් විදියට කිව්වොත් අපේ යාලුවෙක් හිටියා පොර ඇවිදින කොට කකුලෙන් ටකස් සද්දයක් එනවා. පොරගේ වයිෆ්ට මේක කාලා ඉන්න බෑ. ඩොක්ටර්ස්ලා හම්බුවෙන්න ගියත් මේකට කරන්න දෙයක් නෑ කියනවා. අන්තිමට වයිෆ් ඒකට පුරුදු වුනා. ඉතින් අන්න ඒ වගේ පුරුදු තියෙනවා වැරදි නෙවෙයි නං ඉවසන්න වෙන.


6. උපක්‍රමශීලී වෙන්නත් වෙනවා

ඔය සමහර හස්බන්ඩෝ ඉන්නවා මාර වාත පුරුදු තියෙන්නේ. හැබැයි ඒවට එපා කියනකොට මේ කට්ටිය පොඩි ළමයි වගේ. ඒකම කරන්න ඕන. මොකද ඒ අයට ආතල් ඒක හින්දා වයිෆ්ට මල පනිනවට. ආන්න ඒ වගේ වෙලාවක වලි දාගත්තොත් අන්තිමට වෙන්නේ දෙන්නට වෙනම වසන්න. මේ වගේ පුරුදු වයිෆ්ලා ගාවත් තියෙනවා ඉතින්. හැබැයි කොහොම වුනත් මේ වගේ දේකදී කරන්න ඕන හොඳම දේ තමයි උපක්‍රමශීලී වෙන එක. උදාහරණයක් විදියට අපි කියමු කුස්සියට ආපු ගමන් වළඳට අත දාලා මස් කෑල්ලක්, මාලු කෑල්ලක්, එළවළු කෑල්ලක් කටේ දාගන්න පුරුදු වෙලා ඉන්න හස්බන්ඩෙක් කියලා. අන්න එතකොට වයිෆ්ට පුලුවන් හස්බන්ඩ් කුස්සියට එනකොට හැන්දට මස් කෑල්ලක් අරගෙන රසයිද බලන්න කියලා දෙන්න. එහෙම නැතිනම් පොඩි ප්ලේට් එකකට දාලා රහ බලන්න කියලා දෙන්න. ඔහොම දෙක තුනක් කරනකොට මනුස්සයා ඉබේම හැදෙයි.

7. කෙලින් නැතුව වටෙන් ඇවිත් කියන එක

දැන් ඔය වාත පුරුදු සමහර ඒවා තියෙනවා කියලම හදාගන්න වෙන. එතකොට ඕක කියන්නේ කොහොමද කියන එක ලෝක ප්‍රශ්නයක්නේ. විශේෂයෙන්ම සමහර වෙලාවට එක්කෙනෙක්ගේ තියෙන වාත පුරුද්දක් කිව්වහම ඒ කිව්ව නිසා ගේමටම ඒක කන්ටිනියු කරන අයත් ඉන්නවනේ. ආන්න ඒ වගේ වෙලාවක පුලුවන් වටෙන් ගොඩෙන් කියන්න. එක්කෝ යාලුවෙක්ගේ හස්බන්ඩ් ගැන කියලා කියන්න පුලුවන්. එහෙම නැතිනම් අල්ලපු ගෙදර ඩල්සිගේ වැඩ මෙහෙමයි කියලා ඩල්සි පිට දාලා කියන්න පුලුවන්. අන්න ඒ වගේ මනුස්සයාගේ ඊගෝ එක කුඩු වෙන්නෙත් නැති විදියට එයාගේ තියෙන වාත පුරුද්දක් අපිට අල්ලන්නෙ නැහැයි කියලා කියන්න පුලුවන්.

- aniwa.lk






gossip lanka