සාමාන්‍යයෙන් කෙල්ලෙක් විතරක් පාවිච්චි කරන බාත් රූම් එකකුයි, කොල්ලෙක් විතරක් පාවිච්චි කරන බාත් රූම් එකකුයි සංසන්දනය කරල බැලුවොත් කෙල්ලගෙ බාත් රූම් එකේ ඇඟේ ගාන ජාති දහයක් පහළවක් තිබ්බත්, කොල්ලෙක්ගේ බාත් රූම් එකේ තියෙන්නේ සබන් කෑල්ලයි රැවුල කපන ෂේවින්ග් ක්‍රීම් එකයි විතරයි. සමහර වෙලාවට සබන් කෑල්ල විතරයි. ඕක තමයි ඉතින් ඇඟෙයි, මූණෙයි කෝකටත් තෛලේ වගේ ගාන්නේ. හැබැයි
කොල්ලෙක්ට ඔය බොඩි වොෂ් එකක්, ෂවර් ජෙල් එකක්, ෆේස් වොෂ් එකක්, ක්ලෙන්සින් ක්‍රීම් එකක් ගන්න අකැපද? ඕවා ගාලා සාරුක් කාන්ත වගේ ලස්සන වෙලා ආවහම කොහොමද? ආන්න ඒ නිසා මේ කියල දෙන්න යන්නේ කොල්ලන්ටත් ඔය බියුටි කචල් කරගන්නෙ නැතුව බියුටි හදාගන්න ගාන දේවල් කැපයි කියලා තමා.
1. ඇයි සබන් වෙනුවට බොඩි වොෂ්?
මූලිකවම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි කාටවත් කියන්න බෑ සබන් වලට වඩා බොඩි වොෂ් හරි ෂවර් ජෙල් හරි හොඳයි කියලවත්, මේ එකකටවත් වඩා සබන් හොඳයි කියලවත්. එකම දේ තමයි බොඩි වොෂ් හෝ ෂවර් ජෙල් කියන්නේ සබන් වලට වඩාත් සාර්ථක ආදේශකයක් කියන එක. හැබැයි මේ ගැන සමබරව හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් වැඩි pH අගයක් අඩංගු සාමාන්‍ය සබන් කැටයකට වඩා බොඩි වොෂ් එකක අඩු pH අගයක් තියෙන්න පුලුවන්. ඒ නිසාම මිනිස් සමට වඩාත් හොඳින් ගැලපෙන්න පුලුවන්. හැබැයි අමතක කරන්න එපා, මේ වෙනකොට සාමාන්‍ය සබන් කැටයකට වඩා මිනිස් සමට හිතකර pH අගයන් සහිත සබන් වර්ගත් වෙළෙඳපොළේ තියෙනවා කියලා. ඒ නිසා මේක කෝකද හොඳ කියන එක සම්බන්ධ ගැටළුවක් නෙවෙයි. කෝකද පොෂ් කියන එක සම්බන්ධ කාරණයකුත් නෙවෙයි. ඔබට වුවමනා මොනවද කියන එක සහ ඒ වුවමනා දෙය ඔබේ සමට හිතකරද කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ.
2. මොකක්ද මේ බොඩි වොෂ් සහ ෂවර් ජෙල් අතර වෙනස?
ෂවර් ජෙල් සහ බොඩි වොෂ් අතර ඇත්තටම ඒවා අතට දැනෙන විදියේ ඉඳලම වෙනස්කම් තියෙනවා.
සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට හොඳයි කියන්නේ බොඩි වොෂ්. ෂවර් ජෙල් වලට වඩා ඝනත්වයෙන් අඩු බොඩි වොෂ් වලත් තෙතමනය වඩාත් වැඩි බොඩි වොෂ් වර්ග තියෙනවා. ඒ වැඩි තෙතමනය සහිත බොඩි වොෂ් එකක් ගැලපෙන්නේ වියළි සමක් තියෙන අයට තමයි.
එතකොට ෂවර් ජෙල් වඩාත් හොඳයි තෙල් සහිත සමක් තියෙන, එහෙම නැත්නම් ඉක්මනට කුරුලෑ බිබිලි එන සමක් තියෙන කෙනෙකුට. ඒ වගේම උණුසුම් දේශගුණයක් තියෙන පළාතක ඉන්න අයටත් ෂවර් ජෙල් හොඳයි.
3. එතකොට මූණට ගාන්නත් සබන් එපාද?
ඒකට කියන්න තියෙන්නේත් කලින් කියපු දේම තමයි. දැන් අපි හිතමු සබන්ම මූණෙත් ගානවා කියලා. හමේ තෙතමනය නැති කරන ඒ කියන්නේ ක්ෂාරමය ගතිය වැඩි, ඒ කියන්නේ ඉහළ අගයක් තියෙන සබන් ජාතියක් නිසා මුහුණේ සම වියළෙනවා වගේම ඉක්මනට රැළි වැටෙන්නත් පෙළඹෙනවා. ආන්න එතකොට ඉක්මනටම වයසට වඩා වයසට ගියපු ගතියක් මූණට එන්න පුලුවන්. ඒ නිසා එක්කෝ තමන්ගේ හමට ගැලපෙන සුවඳ සබන් කැටයක් ගන්න ඕන. එහෙම නැත්නම් ෆේස් වොෂ් පාවිච්චි කළත් හොඳයි.
හරි ෆේස් වොෂ් එකක් තෝරගන්නකොටත් පොතේ හැටියට නම් බලන්න ඕන අර බොඩි වොෂ් තෝරගන්නකොට බලපු දේවල්ම තමයි. ඒ කියන්නේ සමේ තියෙන ස්වභාවික තෙල් ඉවත් නොකර, සමේ තෙතමනය රැකදෙන ගමන්ම කුණු දූවිලි බැක්ටීරියා ඉවත් කරන්නත් පුලුවන්ද කියන එක.
ෆේස් වොෂ් ගන්නකොටත් තෙල් සහිත සමට, වියළි සමට, සාමාන්‍ය සමට, වැඩි සංවේදීතාවයක් තියෙන සමට කියලා විශේෂයෙන්ම ගහපු විවිධ නිෂ්පාදන තියෙනවා. ඒ වගේම තමයි කොකෝවා මිල්ක් වල ඉඳන් පිපිඤ්ඤා සාරය දක්වා ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍යය විදියට සමන්විත වෙලා තියෙන දේ අනුවත් ෆේස් වොෂ් වර්ග වෙනස් වෙනවා. හැබැයි හැම වෙලාවේම බලන්න ඕන මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක සහ තමන්ගේ සමේ ආකාරයට ගැලපෙන බව කියලා තියෙනවද කියන එක. මේක ෆේස් වොෂ් එකේ දෙපැත්තේ ලේබල් කියෙව්වහම හොයාගන්න පුලුවන්.
4. ඔය සුසිනිඳු හම ගැන ප්‍රශ්න තියෙන්නේ ගෑණු උදවියට නේද?
ඇත්තටම කාන්තාවකගේ හමට වඩා පිරිමියෙක්ගේ හම රළු නිසා ‘අපිට ඕන සන්ලයිට් කැටයක් ඔට්‍ටුයි’ කියලා කෙනෙක් කියන්න පුලුවන්. හැබැයි පිරිමියෙක් වුනත් තමන්ගේ ශරීරයේ සම ගැන පොඩ්ඩක් හිතුවට කමක් නෑ. ඒ නිසා සබන් නැතුව සමට ගැලපෙන බොඩි වොෂ් එකක්, ෂවර් ජෙල් එකක් වගේම ෆේස් වොෂ් එකක් එහෙමත් පාවිච්චි කරන එකෙන් අගුණයක් නෑ, හොඳක් තිබ්බොත් මිසක්. හැබැයි ආයෙමත් අවධාරණයෙන් කියන්න ඕන, තමන්ගේ හමට ගැලපෙන නිෂ්පාදන පාවිච්චි කරන එක තමයි හොඳ. දැන් ඔය සුපර් මාකට් එකකට එහෙම ගියහම නානාවිධ ඇඟේ ගාන ජාති තියෙනවනේ. දැන් අපි දන්නවැයි ඔය නම් වලින් ඕවා හොයාගන්න. ඒ නිසා හොඳම දේ තමයි එක්කෝ ඕවා ගැන දන්න කියන බියුටීෂියන් යාලුවෙක් ගෙන් අසා දැනගන්න එක. එහෙමත් බැරි නම් හොඳම දේ තමයි ශාකසාර විතරක් අඩංගුයි කියන නිෂ්පාදනයක වුනත් ඇත්තටම මොනවද තියෙන්නේ කියලා අර පිටිපස්සේ ගහලා තියෙන විස්තරය කියවලා දැනගන්න එක.
5. ඕන සබන් කැටයක් එතකොට ඔට්‍ටු නැද්ද?
මේකට උත්තරේ අනිවා නැහැ කියන එක තමයි. කතාව මෙහෙමයි. අපි සබන් කැටේකින් කරන්නේ මොකක්ද? ඇඟේ ගාලා නාන එක. එතකොට වෙන්නේ මොකක්ද? සබන් නිසා ඇඟේ තියෙන කුණු, බැක්ටීරියා වගේ විෂ බීජ ඉවත් කරන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සබන් හින්දා ඇඟේ තියෙන ස්වභාවික තෙල් ගතියත් ඉවත් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඔය බාර් සබන් ගාලා නෑවහම ඇඟ වේලිලා වගේ දැනෙනව නේද? එහෙම දැනෙන්නේ ඇඟේ ආරක්ෂාවට තියෙන ස්වභාවික තෙල් ඉවත් වී යෑම. ආන්න ඒ නිසා තමයි සබන් ගාන්න ඕනම නම් ඔය Dove වගේ නම් වලින් තියෙන විශේෂයෙන්ම සමට හිතකර සබන් වර්ග ගාන්න කියන්නේ.
හැබැයි බොඩි වොෂ් ගත්තහමත් ඒ ප්‍රශ්නේ එන්න පුලුවන්. මොකද බොඩි වොෂ් වුනත් තියෙනවා ඉහළ pH අගයන් තියෙන. සමහර වෙලාවට ෂවර් ජෙල් වර්ග තියෙනවා බාර් සබන් කැටේකට වඩා අපේ හමට අහිතකර වෙන්න පුලුවන්. ඒ නිසා ලස්සන ලස්සන ඇසුරුම් වල තිබුණු පලියට සබන්වත්, බොඩි වොෂ් වත්, ෂවර් ජෙල්වත් ගන්න යන්න හොඳ නෑ. අර උඩින් කිව්වා වගේ තමන්ගේ හමට නියමෙටම හරියන බොඩි වොෂ් එකක්/ෂවර් ජෙල් එකක් තෝරාගැනීම අතිශයින්ම සමට හිතකරයි.
6. අක්කගෙ බොඩි වොෂ් එක හොරෙන් ගෑවට අවුලක් නැද්ද?
සාමාන්‍යයෙන් දැන් මේක කියෝලා පොඩි බියුටි කචල් පාරක් දාගන්න කියලා හිතලා අයියලා මල්ලිලා ලේසියෙන් වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් හොයනවනේ. එතකොට ලේසිම ක්‍රමේ තමයි අක්කගේ කාමරේට පැනලා අක්කගේ බොඩි වොෂ් එක උස්සලා ගාන එක. හැබැයි එහෙම ගෑවොත් හරියයිද? දැන් කඩේට ගියහම මෙන්ස් ප්‍රඩක්ට්ස් කියලා වෙනම තියෙනවනේ. ඒ කියන්නේ ගෑණු උදවියට හදලා තියෙන ඒවා පිරිමි හමට අබ්ලික් වෙයිද? සැක තියාගන්න එපා පුතා, තමන්ගේ හමේ ස්වභාවයට හරියනවා නං, අක්කගේ බොඩි වොෂ් එක හොරෙන් උස්සලා ගෑවත් අවුලක් නෑ. හැබැයි මතක තියාගන්න. උඩ ඉඳන් හැම තැනම කියලා තියෙන විදියට තමන්ගේ හමේ ස්වභාවයට ගැලපෙන්න ඕන ගාන ඕනම දෙයක්. බියුටි කචල් විශේෂඥයෝ කියන්නේ ගැහැණු අයට කියලා හදලා තියෙන ප්‍රඩක්ට් එකක් වුනත් පිරිමියෙක් ගෑවා කියලා අවුලක් නෑ කියලා. හැබැයි පුතා, සුවඳ ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනවා. පිරිමි අයට හදපු නිෂ්පාදන සහ ගැහැණු අයට හදපු නිෂ්පාදන එකිනෙකින් වෙනස් වෙන මූලික දෙයක්නේ ඒවල තියෙන සුවඳ.
- aniwa.lk
සබන් විතරක් පාවිච්චි කරන කොල්ලන්ට තව ඔප්ෂන් කීපයක්
2018-05-30T02:05:00-07:00
Gossip Lanka Hot News
slide|