දවස් පහම මැරිලා මැරිලා ඔෆිස් ගිහින් සති අන්තේ තමයි අපේ එකම ස්වර්ග රාජ්‍යය වෙලා තියෙන්නේ. අනේ ඉතින් අපි කරන්නේ අර දවස් පහේ මැරිලා මැරිලා ගෙදර ඇවිත් ශිශිර තාරක නින්දට වැටිච්ච වලහා වගේ දවසින් වැඩි හරියක්ම ගොරොද්දේ අදින එක.
ඇත්තටම මේ වැඩේ හරිද? අපිට ඒ ප්‍රශ්නෙට
උත්තරේ විදියට “ඔව්” සහ “නැහැ” කියන උත්තර දෙකම දෙන්න පුළුවන්. ඒ මෙහෙමයි.
උත්තරේ ඔව් නම්, සතියම මහන්සි වෙලා නිදහසේ ඉන්න තියෙන්නේ මේ දවස් දෙක විතරක් නම් එහෙම නිදාගත්තම මොකෝ වෙන්නේ කියලා අපිට තර්ක කරන්න පුළුවන්!!
උත්තරේ නැහැ කියලා නම්, සතියම මහන්සි වෙලා නිදහසේ ඉන්න තියෙන්නේ මේ දවස් දෙක විතරක් නම් ඒ දවස් දෙක ඇතුළේ තමන්ගේ හිතට සතුට දැනෙන වැඩ කොච්චර කරන්න පුලුවන්ද කියලාත් අපිට තර්ක කරන්න පුලුවන් කම තියෙනවා.
ඉතින් මේ හින්දා අපි කල්පනා කළා අපේ ඉන්ට්‍රෝ එකේ දෙවෙනි උත්තරේට මනාප අය වෙනුවෙන් තමන්ගේ සති අන්තේ ගෙවන්න හොඳ අයිඩියා 9ක් කියන්න.
1. මියුසික්
ගොඩ දෙනෙක් නොදන්නවා වුනාට මියුසික් කියන්නේ හොඳ බෙහෙතක්. තවත් කෙනෙකුට සිත නිවන භාවනාවක්. ඔයා Music Instrument එකක් වයන්න දන්නවා නම් තමන්ගේ කාමරේට වෙලා නිදහසේ තමන් කැමතිම ටියුන් එකක් ප්ලේ කර කර ඉන්න එක කොච්චර නිදහස් ද?
ඔයාට හොඳ සංගීත තේරීමක් තියෙනවා නම් අන්තර්ජාලේ ඕනේ තරම් Online Music Sites තියෙනවා තමන් කැමති සින්දුවක් භාගත කරගෙන ප්ලේ කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ට ආස කරන ප්ලේ ලිස්ට් එකක් Youtube එකෙන් හරි හදාගෙන ඒක නිදහසේ රස විඳින්න පුළුවන්.
ගෙදර ඒ වගේ නිදහසක් නැතිනම් සති අන්ත දවසක තමන්ගේ කැමතිම Pub එකකට ගිහින් බියර් උගුරක් එහෙම තොල ගාන ගමන් Live Band එකක සංගීතයක් එක්ක මුසු වුණු සුන්දර සැන්දෑවක් ගත කරල එන්නත් පුලුවන්.
2. Film සහ TV Series
මියුසික් වගේම තමයි හොඳ ෆිල්ම් එකක් බලන්න තියෙනවා නම් ඒකත් මරු වැඩක්, මේ වැඩේට ඔයාට සිනමා එකකට යන්නම උවමනා නැහැ (යන්න පුලුවන්නම් මරු). ගෙදර රුපවාහිනියක් තියෙනවා නම් තැටි ධාවකයක් තියෙනවා නම් පොඩ්ඩක් Old School විදියට අමුතු අමුතු Twisted Plots තියෙන ෆිල්ම් එකක් බලන එකෙත් පොඩි ආතල් එකක් නැත්තේම නැහැ බ්‍රෝ.
ඒ වගේම ඔයාට පුලුවන් ඔයාගෙ හිත ගත්ත, ඔයා බලල නැති ටීවී සීරීස් සීසන් එකක් සතිය පුරා බාගත කරගෙන, සති අන්තේ මැරතන් එකක් විදිහට බලලා සීසන් එකම ඉවර කරගන්නත්.
3. Unplugged ජීවිතේ
ගොඩක් රැකියාව එක්ක කල් ගෙවන අය සතියේ දවස් වල රෑ බෝ වෙනකල් රැකියාවේ යෙදුනත් තමන්ගේ නිවාඩු දවසේ එහෙම නැතිනම් සති අන්තයේ, රැකියාව ගැන ප්‍රශ්න කතා බහ කරන්නට මනාපයක් දක්වන්නේ නැහැ. එක අතකට වරදකුත් ඒකේ නැහැ. දවස් පහක් වැඩ කරලා නිවාඩු තියෙන දවස් දෙකේත් ඔෆිස් එකේ වැඩ කරනවට කිසිම කෙනෙක් සල්ලි දෙන්නේ නැහැනේ. එහෙම උපයන්න උවමනාවක් තියෙනවා නම් ඉතින් අඩුම ගාණේ OT එකක්වත් සෙට් කරගෙන ගිහින් ඔෆිස් එකේ වැඩ කරන්න ඕනේ.
නමුත් ගොඩක් විධායක තලයේ රැකියාව කරන අය සති අන්තේ ගෙවන්නේ Unplugged Life එකක්. ඒ කියන්නේ සියලු ඉලෙක්ට්‍රොනික බැඳීම් වලින් ඈතට ගිය සති අන්තයක්. ඒ කාලය ඇතුලතදී අන්තර්ජාලය තුලට ප්‍රවේශ වීම්, ව්‍යාපාරික දුරකථන ඇමතුම්, සියලුම ආකාරයේ සමාජ ජාල හැසිරීම් වලින් ඈතට වුනු ජීවිතයක් තමයි ඔවුන් ගත කරන්නෙ. මේ කාලය ඇතුලතදී ඔවුන් බොහොම සැහැල්ලුවෙන් එදිනෙදා ජීවිතයක් ගත කරනවා කියලා කියන්න පුළුවන්.
4. සෙට් වීම්
වෙහෙසකාරී සතියේ දින පහකින් පස්සේ තමන්ගේ යාලු මිත්‍රයෝ එක්ක පොඩ්ඩක් කදේ දාගෙන ඉන්න ලැබෙන එකත් කොච්චර හිතට සහනයක් ද? එහෙමත් නැතිනම් කාලෙකින් බලන්න නොගිය තමන්ගේ අම්මලා තාත්තලා එක්ක කාලය ගත කරන්න මේ දින දෙක යොදාගන්නටත් පුළුවන්. පවුලේ අය එක්ක නිදහසේ පුංචි Chat එකකට සෙට් වෙන්න, කැමතිම බීමක් එක්ක පොඩි ස්නැක් එකක රස විඳින්න, මේ ආකාරයේ සියලුම සෙට්වීම් ක්‍රම මේ කොටසට ඇතුලත් කරන්නට පුළුවන්.
5. එයා එක්ක ඩිනර් අවුට් එකක්
බිරිඳක් තමන්ගේ සැමියාගෙන් අසන සොඳුරුම වාක්‍ය කිහිපයෙන් එකක් තමයි “අද අපි කොහෙන් හරි පිටින් කමුද?” වාක්‍යය. ඒ නිසා ඔයාට පුලුවන් සති අන්තේ ඒ විදිහෙ ඩිනර් ප්ලෑනක් ගහන්න. ඒ වගේම ඔයා විවාහ වෙලා නැතිනම් ඔබේ පෙම්වතියට “Date Night” එකකට ආරාධනා කිරීමේ කිසිම වරදක් නැහැ. කොළඹ තිබෙන ප්‍රමුඛ පෙලේ හෝටල් සහ අවන්හල් එවැනි රාත්‍රී සංග්‍රහ සඳහා සුවිශේෂී පැකේජ වෙන් කරලා තිබෙනවා. ඔබට අන්තර්ජාලය තුල පුංචි සෙවුම් කිහිපයක් දැමීමෙන් පහසුවෙන්ම ඒවා සොයා ගන්නට පුළුවන් කම තිබෙනවා.
6. හවසක ස්විමින් පාරක් / Spa Treatment එකක්
සතියක් Stress වෙච්ච සිරුරට පුංචි පහේ Relief එකක් ගන්නත් එක්ක හවසකට කොහේ හරි තියෙන Pool එකක Swimming පාරක් දාගත්තොත් වරදක් වෙන එකක් නැහැ. සතියක් පුරා එකම ඉරියව්වෙන් සිටින ඔබේ සිරුරේ මාංශපේශීන් වලට පුංචි ව්‍යායාම ටිකක් දුන්න කියලා මක් වෙනවද නේ?
ඒ වගේම තමයි හොඳ Spa Treatment එකකට Appointment එකක් වෙන් කරගෙන යන එක. තමන්ගේ සිරුරට මෙන්ම හිසටත් හොඳ Oil Massage එකක් දාගත්තා නම් අලුත් සතියට මුහුණ දෙන්නට වෙන Motivation එකක් උවමනා වෙන එකක් නැහැ.
7. පොතක් එක්ක තනිවෙන්න
මේ ඔක්කොමත් එක්ක හවසක තමන් කැමතිම රචකයාගේ පොතක් එක්ක කාලය ගත කරන්න ඉඩ ලැබෙනවා නම් ඒකත් කොච්චර දෙයක් ද? අවට ලෝකේ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න අපිට පොතක් පතක් කියවා ගන්න වෙලාවක් වෙන් කරගන්න එක අනිවා වටිනා වැඩක් වේවි. හිතටත් අදහස් වලින් ව්‍යායාමයක්, පෝෂණයක් ලැබෙන එක තරම් සතුටක් වෙන තියෙනවද නේද?
8. සෙල්ලම් කරන්න
අහල පහල Play Ground එකක් තියෙනවා නම්, හවසට පොඩ්ඩක් දාඩිය වැටෙනකල් ක්‍රිකට්, වොලි බෝල් පාරක් දැම්මට කිසිම වරදක් වෙන එකක් නැහැ. අමතක කරන්නෙපා හිරවෙච්ච සිරුරක් ලිහිල් කිරීමෙන් ඔයා ව්‍යායාම ලබාදෙන්නේ කයට විතරක් නෙවෙයි, සිතටත් එක්කයි.
ඒ නිසා එක්කෝ හවසට රවුමක් දුවන්න, ඇවිදින්න. එහෙමත් නැතිනම් පොඩ්ඩක් එක තැනක ඉඳගෙන ව්‍යායාම ටිකක් කරන එකත් සති මැද ආතතියෙන් ඔයාව ඈතට යවාවි.
9. වන් ඩේ ට්‍රිප්
ඉස්සර වගේ නෙවෙයි. දැන් අපිට දිග සතිඅන්තයක් ලැබෙනවා කියන්නේ ඒකේ තමයි අපි කාලයක් තිස්සේ කරගන්න තියෙන වැඩ ටික එක පෙළට යොදාගෙන ඉවර කරගන්නේ. කාමරේ, ගෙවල් දොරවල් අස් පස් කරලා දාලා, රෙදි පෙරෙදි හෝදලා අහවර කරලා ඉතුරු වෙන කාලයේ වොෂ් එකක් දාගෙන නිදාගන්න එකනේ අපේ කට්ටියගේ චර්යාව.
ඉතින් මේකෙන් ටිකක් වෙනස් වෙන්න පුළුවන් පොඩි ප්ලෑන් එකක් ගැහුවොත්. තනි දවසේ ගිහින් එන්න පුළුවන් ළඟ පාත තැනකට ඩේ අවුට් එකකට වගේ සෙට් වෙන්න හැකි නම් මරු. එහෙම කලොත් ඔයාට දවසක් හිත නිදහසේ ඔයා ආදරේ කරන කෙනා හෝ පවුලේ අය, එහෙමත් නැතිනම් යාලුවෝ ටිකක් එක්ක ගිහින් නිදහසේ දවස ගත කරලා එන්න පුළුවන් වේවි.
- aniwa.lk
වැඩ කරන දවස් 5න් පස්සේ සති අන්තේ ගෙවන්නේ නිදාගෙන නම්, මේ අයිඩියා 9 ඔයාට නව ජවයක් සතුටක් එකතු කරාවි
2018-05-23T01:45:00-07:00
Gossip Lanka Hot News
slide|