හරි දේ පොඩියට කරලා වැරැද්ද ලොකුවට කරන කෙනෙක්ද ඔයාත්? මේ කරුණු 8 කියවලා දැනගන්න

මේ කියන්න යන්නෙ මේ ලෝකෙ ගොඩක් ඉන්න මිනිස්සු ජාතියක් ගැන. මේ මිනිස්සු ජාතිය මාර දෙබිඩි පිලිවෙතකට ජීවත් වෙන්නෙ. ඒ මදිවට ඒ අය කරන වැඩ කිසිම දෙයක් ගැලපෙන්නෙත් නෑ. ඒ නිසා අපි මේ කියන්නෙ ලොකුවට වනසන ගමන් පොඩියට සනහන අය ගැන. සරළව කිවුවොත් ‍ලොකුවට බොරුව කරලා පොඩියට හරි දේ කරන අය ගැනයි
මේ. කියවලා බලන්න. ඔයා දන්න ගොඩක් අයත් මේ වගේ ඇති.


1. වතුර

දවස තිස්සෙ වතුර නාස්ති කරනවා. ටැප් ඇරලා දාලා. බිඩේ ෂවර් එකෙන් බිත්ති හෝදලා. බොන්න ගත්තු වතුර එක නොබී හලලා. ඇඳුං පොඩ්ඩ පොඩ්ඩ වොෂින් මැෂින් දාලා. එක පිඟාන පැය ගාණක් හෝදලා, ටොයිලට් එකේ ටැප් ඇරගෙන මනෝ ගහලා ඉවරවෙලා වතුර ඉතුරු කරන්න ඕන කියලා අඩුවෙන් නාන මිනිස්සු ඒ අතර ඉහළින්ම ඉන්නවා.

2. කරන්ට්

‍බොරුවට නිස්කාරණේ ලයිට් ‍ෆෑන් දාගෙන ඉඳලා, කම්පියුටර් පැය ගණං ඔන් කරලා තියලා, ටීවී හැමතිස්සෙම දාලා, හැමදාම අයන් එක ගහලා. ෆ්‍රිජ් එකේ දොර හරියට වහන්නෙ නැතුව තියලා පුළුවන් තරං කරන්ට් නාස්ති කරනව. ඊට පස්සෙ වොෂින් මැෂින් එක පාවිච්චි නොකර කරන්ට් ඉතුරු කරනවා කියලා බොරු කරනවා. අත්‍යවශ්‍ය දේ කරන්නයි අනවශ්‍ය දේ නොකරන්නයි ඕන කියල මේ මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නැහැ.

3. ඩයට්

කනකොට කනව බුරිය උල් වෙන්නම. බුරියානි කාලා අයිස් ක්‍රීමුත් කනවා. බුරියානි කන අස්සෙ කෝක් බොනවා. උදේට ඉඳිආප්ප තිහක් චිකන් එක්ක කාලා යනගමං කන්න කඩෙන් රොටිත් ගන්නව. බොන තරමක් බොන්නෙ බියර්. රෑට ඇඳ උඩ තියාගෙනම කාලා නිදියනවා. ඒත් යාළුවෙක් පාරෙ හම්බෙලා මොනවහරි බීම බෝතලයක් බොන්න ගියොත් විතරක් ඩයට් කෝක් හොයනවා.

4. ජිම් ගිහින් ඇවිල්ලා බඩ පැලෙන්න කනවා

ඔන්න යනව ජිම්. එතන ගිහිල්ලත් හොරට එක්සසයිස් කරන්නෙ.  හැබැයි දාඩිය පෙරාගෙන ජිම් එකෙන් එලියට එනවා. එන්නෙම පහල කඩෙන් මැංගො මිල්ක් ෂේක් එකක් ගහලමයි. ගෙදර එද්දි අම්මලටත් එක්ක හවසට කන්න මොනවහරි අරං එනවා. එළවළු රොටි තුනක් විතර කාලා තමයි ඒ වේල ඉවරවෙන්නෙ. ඊට පස්සෙ මූණ පේන්නෙ නැති වෙන්න කොත ගහලා අම්මා බෙදපු බත් එකක් කාලා එහෙම්මම නිදාගන්න යනවා. ඉතිං ජිම් යන එකෙන් වැඩක් තියෙයිද?

5. ඕටී පිට වැඩ

ඔෆිස් වෙලාවෙ කෙල්ලොන්ට ටෝක් කරන්න යනව. ලොක්කට ගොට්ට අල්ලන්න යනව. යාළුවොත් එක්ක ඕප ගහනව. පහල කඩෙන් සිගරට් බොනවා වගේ දේවල් කරනව. වැඩ නොකර වෙනිං ආත භූත කර කර ඉන්නව. ඊට පස්සෙ මහ රෑ වෙනකං ඕටී පිට වැඩ කරනවා. ඒ කරන්නෙත් තමුන් හෙන කැපවෙන පොරක් කියලා ලෝකෙට පේන්න. ඒ නිසා එකම වැඩේ කරල‍ පඩි දෙකකුත් ගන්නවා.

6. කෝල් නොගත්තට…

සල්ලි කැපෙන නිසා කෝල් ගන්නෙ නෑ. කෝල් එකක් ආවොත් නං පැය ගණං කතා කරනවා.  එයා කතා කරනවනං මිස්ඩ් කෝල් විතරයි. එස් එම් එස් එක ගහන්නෙත් මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති වෙන්න අකුරු ඉතුරු කරගන්න හිතාගෙන. හැබැයි ඉතිං කෝල් නොගත්තට මොකද මහ රෑටයි යන එන ගමනුයි ඔෆිස් එකේදියි හැම තිස්සෙම පැය ගණං පෝන් සයිට්වලමයි ඉන්නෙ. එවුවට කැපෙන සල්ලි කොහොමද දන්නෙ නෑ එන්නෙ.

7. කෝලා වානා අරක්කු ඕනා

ඇහුවොත් ඇත්තං අනිත් බීම ජාතිවල සීනිය, ඇට දියවෙනවය, බොලාට මැරුණම තේරෙයි වගේ ටෝක් දීලා බොන්නෙ වතුර විතරයි. හැබැයි සෙට් වුනාම අරක්කු ගසනව පැලෙන්න. එතකොටවත් ෂැන්ඩි කරන්න කෝක් හෝ ස්ප්‍රයිට් අරගන්නෙ නෑ. ඉතිං යකෝ අරක්කු ගුදං ගණං බොන එකාට අමුතුවෙන් කෝලාවලින් වෙන්න කියලා හානියක් නැහැනෙ.

8. එහෙදියි මෙහෙදියි කුණු

ට්‍රිප් ගියාම කුණු දාන්නෙ නැතුව බෑග්වලට දාගෙන ඇවිල්ලා මෙහෙ ගේනව, සිරීපාදෙ පිරිසිදු කරනවා, බීච් පිරිසිදු කරනව වගේ පිරිසිදු කරන වැඩ කෝටියකට සෙට් වෙන මිනිස්සු ඉන්නව. හැබැයි ඉතිං බස් එකේ යන එන ගමං රීලෝඩ් කාඩ් බිම දානව, තැඹිලි කෝම්බ බිම දානව වගේ හැම බම්බුවම පාරෙ අතාරිනවා.

- aniwa.lk


gossip lanka